(නිමල් ජයරත්න)
ගම්පහ ඇඟලුම් ආයතනයේ සේවකයින්ගේ ආශ්‍රිතයින් පිරිසක් අද(07) සවස දින 14 ක කාලයක් වැලිකන්ද ගල්කන්ද නිරෝධායන මධ්‍යස්ථානයට නිරෝධායන කටයුතු සදහා රැගෙන යමින් සිටියදි එම පිරිසෙන් එක් මවක් මියගොස් ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.
මෙලෙස බස් රථයේදිම මියගොස් ඇත්තේ ගම්පහ උඩුපිටිය, වරාපලාන අංක 81 ලිපිනයේ පදිංචිව සිටි සිව්දරු මවක වන 68 වියැති ඒ.එම්. අරුණ කාන්ති යන අය බව පරික්ෂණ සිදුකරන වැලිකන්ද පොලිසිය පවසයි.
ඇයගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සදහා ගල්කන්ද නිරෝධායන මධ්‍යස්ථානයේ තබා තිබෙන බවට සදහන් වේ.
ගම්පහ, මිනුවන්ගොඩ, මහර ඇතුලු අවට ප්‍රදේශවල බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයින්ගේ ඥාතීන් ඇතුලු සමිපතම ඇසුරු කරන්නන් 80 කට ආසන්න පිරිසක් හමුදා ආරක්ෂාව යටතේ 07 වෙනිදා සවස 04 ට පමණ ගල්කන්ද නිරෝධායන මධ්‍යස්ථානයට බස් රථ දෙකකින් රැගෙන ආ බවද එහි ආරක්ෂක අංශයේ උසස් නිලධාරියෙකු අප කළ විමසීමකදී සදහන් කළේය.
සිද්ධිය පිළිබඳ වැලිකන්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ලසන්ත බණ්ඩාර මහතා ඇතුළු පොලිස් නිලධාරි කණ්ඩායමක් සහ යුද හමුදාව මෙන්ම එහි වෛද්‍ය බලකාය වැඩිදුර පරික්ෂණ කටයුතු සිදුකරති.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
වැලිකන්ද නිරෝධායන මධ්‍යස්ථානයට යද්දී නොඑන ගමන් යයි