IMG-LOGO

2024 අප්‍රේල් මස 17 වන බදාදා


වරාය වර්ජකයන්ගේ රැකියා අනතුරේ?

වෛද්‍ය නිවාඩු සඳහා ගෙවූ දීමනාවෙන් බදු අය කිරීමට විරෝධය දක්වමින් වැඩවර්ජනය කරන වරාය සේවකයන්ගේ වැඩ තහනම් කර ඒ පිළිබඳව අධිකරණයට දැනුම් දෙන බව වරාය අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.

බොහෝ රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල සේවකයන්ගේ දීමනා කපා ඇති පසුබිමක වරාය අධිකාරිය එහි සේවකයන්ට වෛද්‍ය නිවාඩු සඳහා දීමනාව ගෙවූ බවත් එම දීමනාවෙන් බදු අය කිරීම වාරාය අධිකාරියේ තීරණයක් නොව එය රජයේ බදු ප්‍රතිපත්ය බවත් එම නිලධාරියා කීය.

එම දීමනාවෙන් අයකර ඇති බදු මුදල් වරායට නොලැබෙන බවත් එය රජයට යොමුකළ යුතු බවත් එම නිලධාරියා සඳහන් කළේය.

බදු සම්බන්ධයෙන් වැඩවර්ජන කළ නොහැකි යැයි අධිකරණ නියෝගයක් තිබියදී වර්ජනය කිරීම අධිකරණ නියෝගය නොසළකා හැරීමත් බව කී එම නිලධාරියා දැඩි දුෂ්කරතා මත වෛද්‍ය නිවාඩු දීමනාව ලැබීම පිළිබඳව වරාය සේවකයන් වාරාය කළමණාකාරිත්වය අග කළ යුතු බව ද සඳහන් කළේය.

 



අදහස් (3)

වරාය වර්ජකයන්ගේ රැකියා අනතුරේ?

NIMAL Thursday, 22 February 2024 06:21 PM

වරාය වර්ජකයන්ගේ රැකියා අනතුරේ දැමීමට වුර්තිය සමිති නායකයන් වගකිව යුතුවේ.

:       0       0

Anura Pathirana Friday, 23 February 2024 09:30 AM

බහුතරයක් රටේ ජනයාගේ බෞද්ධයින්ගේ පෝය දිනය අද බහුතරයේ සිත්සතන් නිවෙන්නේ මාසෙකට එක දවසක්... එම දිනය ගැන කිසිම සටහනක් නැහැ.

:       0       0

Perera Friday, 23 February 2024 09:51 AM

මේ සේවකයන්ගේ බදු අයකරලා මහබැංකුවේ අයගේ පඩි වැඩි කරගන්නවා කියලත් අධිකරණයට කියන්න ඔයගමන්ම මතක ඇතුව...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිරිල් ගාමිණි පියතුමා සි.අයි.ඩී.යට කැඳවයි
2024 අප්‍රේල් මස 17 5 0

ඥානාර්ථ ප්‍රදීපය කතෝලික පුවත්පතේ ප්‍රධාන කර්තෘ සිරිල් ගාමිණී පියතුමා අනිද්දා(19) පෙරවරු 10.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබේ.


පුද්ගල මාසික වියදම අඩුවෙලා
2024 අප්‍රේල් මස 17 254 0

මෙරට පුද්ගලයෙකු මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මාසයකට අවශ්‍ය අවම මුදල රුපියල් 16,975 ක් බවත් මෙරට පුද්ගලයකුගේ මාසික විදයම ජනවාරි මාසයට සාපේක්‍ෂව පෙබරවා


තැපෑලෙන් පණිවිඩයක්
2024 අප්‍රේල් මස 17 451 0

දේශීය හෝ විදේශීය පාර්සල් ලැබීමක් දන්වා ශ්‍රී ලංකා තැපෑල කිසිදු කෙටි පණිවිඩයක් (sms) ගනුදෙනුකරුවන් වෙත යැවීමක් සිදු නොකරන බව තැපැල්පති ආර්. පී. සත්තුමාර ම


ශ්‍රීලනිප ලේකම්ගෙන් මැකෝට ලිපියක්
2024 අප්‍රේල් මස 17 358 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පසුගිය දිනවල කෙරුණු පත්කිරීම්වලට එහි වැඩබලන මහ ලේකම් සාරතී දුෂ්මන්ත මිත්‍රපාල මහතා මැතිවරණ කොමිෂන් සභාව හමුවේ ඊයේ(17) විරෝධතා


වැඩි මිලට කොත්තු රොටි වික්ක මුදලාලිට ඇප
2024 අප්‍රේල් මස 17 838 3

කොළඹ Street Food අලෙවි සැලකදී කොත්තු රොටියක් අලෙවි කිරීම සහ එය ප්‍රතික්ෂේප කිරීමේදී විදේශිකයෙකුට අඩත්තේට්ටම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් ආ


රනිල්ගෙ සංධානෙ හොඳම අවස්ථාව ටික කලකින්
2024 අප්‍රේල් මස 17 684 7

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වටා හැදෙන ප්‍රබල සංධානයක උච්චතම අවස්ථාව තව නොබෝ දිනකින් දැක ගැනීමට හැකි බව ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ සමන් රත්න


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 177 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1460 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1375 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site