
(කේ. බුද්ධික කුමාරසිරි)
ප්‍රවාහන මහා මාර්ග සේවා අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කර ගැසට් කර තිබියදී වෘත්තීය සමීති ත්‍රස්තවාදීන් විසින් රටේ පොදු නීතිය අභියෝගයට ලක් කර තිබෙනවා.
එනිසා ඔවුන් රටේ නීතියට අවනත නොවීම කරුණු කොට ගෙන සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් සේවය හැර ගියා සේ සලකා ලිපි නිකුත් කිරීමට කටයුතු කළ බව ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය
ඒ අනුව රටේ විධායක ජනාධිපතිවරයාගේ නියෝග අභියෝගයට ලක් කරමින් වර්ජනය සිදුකිරීම සම්බන්ධයෙන් දහසකට වැඩි එම දුම්රිය ස්ථානාධිපතිවරුන්ට ලිපි නිකුත් කිරීමට දුම්රිය සාමාන්‍යාධිකරවරයා කටයුතු කර තිබෙන බවද ඇමතිවරයා පැවසීය
වෘත්තීය ඉල්ලීම් යැයි සලකා රටේ ජනතාවට බලහත්කාරය පෑමට කිසිදු වෘත්තීය සමීතියකට ඉඩ නොමැති බවත් යුද හමුදාව සහ ආරක්ෂක අංශ යොදවා දුම්රිය සේවාවන් හැකි අයුරින් ලබාදීමට උපරිමය උත්සාහය ගන්නා බවද මෙහිදී අමාත්‍යවරයා පැවසීය
COMMENTS
අනිවා මොවුන්ට පාඩමක් ඉගැන්නුවොත් අනිවාර්යයෙන් රනිල්ට ඡන්දේ දෙනවා. පුදුම කරුමයක්... වැඩට ගෙනත් දානවා යනකොට ස්ට්‍රයික්...
කිසිම ජනමතයක් නැතිව ව්‍යවස්ථා හිලකින් රිංගාගෙන බලයට ඇවිල්ලා ජනතාවට තාඩනයට, පීඩනයට ලක්කරගෙන තමන්ට ඕන ඕන ආකාරයට රට පාලනය කරන්න පුළුවන් කියලා හිතන හා හැමදෙයක් හමුදාව හා පොලිසිය ලවා කරවා ගන්න පුළුවන් කියලා හිතන මෝඩ, උද්දච්ච පාලකයෝ හැසිරීම තමයි මේ පෙන්නුම් කරන්නේ. ඔය ගොන් පාර්ට් තව ටික කාලයයි කියලා මොවුන්ට සහ ඔවුන්ට ආවඩන කුලී කරුවන්ට අමතක වෙලයි තියෙන්නේ...
කොන්ද කෙලින් තියෙන රනිල් තමා හරියන්නේ ජනපති ධුරයට. රුපියල් ලක්ෂ දෙක ඉක්මවා වැටුප් ගන්න මොවුන්ව වහාම නෙරපා හැරිම අගේ කළයුතුයි...
අන්න හරි ඇමැතිතුමනි, මේ තුප්පහි සක්කිලින්ට දැනෙන භාෂාවෙන් උත්තර දෙමු. මේක පිටිපස්සේ ඉන්නේ ජෙප්පෝ බව රටට ඔප්පුකර පෙන්වමු. මදිපාඩු වේ නම් ඉන්දියාවේ සහාය ගන්න පුළුවනි. එහි ඕනෑතරම් දුම්රිය රියැදුරන් හා අනෙකුත් කාර්ය මණ්ඩලය ඉන්නවා. ජෙප්පන්ගේ නිරුවත රටට පෙන්වමු. මොවුන් හැමදාම කළේ කකුලෙන් ඇදීමයි..
රජය ගත් සුපිරිම තීන්දුව මෙය තමයි. හැම මාසෙකම වර්ජනයක් මුවාවෙන් මොවුන් දුම්රියෙන් ගමන් ගන්නා මගීන්ගෙන් එකෙක් හෝ මරා දමනවා.
දැන් ඉතින් ට්‍රේන් ටිකට් නෙවෙයි, සුවිප් ටිකට් විකුණන්න වෙන්නේ...
මාමා කරපු දේ බෑනා නොකෙරුවොත් ඌ නොට්ටිගෙ බෑනා කිව්වාලු.
සුදු ළූණු බදු වංචාව මතකද?
නියමයි ඕක හරියට කෙරුණොත්. මේ තමයි ජනතා බදු මුදල් අපතේ යැවිම. දේශපාලකයන්ට විතරක් බැනලා වැඩක් නෑ
නියමයි, මේ රටේ යුනියන් කාරයො මට්ටු කළ යුතුයි. ආරක්ෂක අංශ යොදවා එම සේවය සපයන්න. රනිල්ගේ හැරුම් ලක්ෂය මෙයයි. සෘපු කටයුතු කරන්න. වෘත්තීය මිති පිටුපස සිටින දේශපාලන පක්ෂ වලට පාඩමක් උගන්වන්න.
කිසිවෙකුගේ රැකියාවක් අහිමි වීම අපට සතුටක් නොවේ. නමුත් රටක විනයක්.තිබිය යුතුය. වෘත්තිය සමිති වලට ඕන විදිහට රටවල් කළ නොහැක. රටේ වර්ථමාන තත්ත්වය ඔවුන් තේරුම් ගත යුතුය. නීතියට ගරු කළ යුතුය. මේවා දැන් ඇබ්බැහි වෙච්ච සෙල්ලම් නිසා කරනම් ගහන්නේ රජයට අභියෝග කරමිනි. මේවාගේ නිමාවක් තිබිය යුතුය.
මාමණ්ඩි 80 ජූලි කරපු දේ අද බෑනන්ඩියා කරනවා.නමුත් මේ දුම්රිය සේවය නම් රටට සාපයක්
ගහලා එලවන්න….
නියමයි ,අන්න එහෙම හරි කරල මේ ත්‍රස්තවාදී හොරු එලවල මේ රට හදන්න
උඹලට හරි ලේසියි පන්නන්න . වැඩේ මොකද මුන්ගෙ පවුල් වල නූගත් උන් ඉන්නවා ලොකු පුටු වල ඉන්දවන්න. මුන්ගෙ මන්ත්‍රීවරු ඇමතිවරු මිනී මරනවා හොරාකනවා. පගා කනවා පාතාලෙත් එක්ක සම්බන්ද කම් පවත්වනවා. උඹලා උන්ව පන්නවද. මුන් හදන් ඉන්නෙ මුන්ට ඕන විදියට නිතිය. උඹලව නම් හිරේ දානවමයි අනුර කුමාර ආවාම
සෑම දේශපාලන පක්ෂකම නායකයින් සාමුහිකව වෘත්තීය සමිති මාපියාවට එරෙහිවිය යුතුයි. වෘත්තීය සමිති මාෆියාවට නායකත්වය දීමෙන් ජවිපෙ සාමාන්‍ය පුරවැසියන් ගෙන් දුරස්වථ වන බව එහි නායකත්වය තේරුම් නොගෙන තවත් මේ මේ දූෂිතයින්ට උල්පන්දන් දෙනවා නම් දෑතේ වීර්යයෙන් ජීවත් වෙන ගොවියන් ධීවරයන් අපනයන කර්මාන්ත වල සේවකයින්ගේ ඡන්ද නොලැබෙන බව නායකයන් සිහි තබා ගතයුතුයි!!!
විශේෂයෙන් වැඩවර්ජන මෙහෙයවන නායකයන් සියලූම දෙනා අත්අඩංගුවට ගෙන තෙමසක් සිරගත කිරීමට නීති සම්පාදනයකර රට විනාශයට පත් වීම වලක්වා ගන්න......
මේකේ තේරුම මේ නඩේම ගෙදර යනවා කියන එක. සියලුදෙනාම මේ විදියට වර්ජනය කෙරුවාම නාකි නඩේ පැරදිලා ගෙදර. හිර ගෙදර. මුන්ට මොලයක් තිබුනානම් මෙහෙම වෙන්නේ නැහැනේ .කොන්ද පන නැති හොන්චයියලා. මිනිසුන්ගෙ ප්‍ර්ශන විසෆ්හලා පිලියම් යොදන්නෙ නැහැ. ගෙදර අරිනවා නස්කිමයිනගෙ ඉන්නවා පරම්පරාවක් වේලි වේලි. නුගත් උන්ව ඉන්දන්න. උපාදිකාරයෝ. මහපාරේ.
නියමයි වඩ වර්ජන කරන. ගුරු තැපැල් මේ අයද සේවයන් නෙරපන්න ඕන. යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද?
මෙය විශිෂ්ට තීරණයක් වන අතර රජය මීට වඩා ශක්තිමත් විය යුතුය
නුවර පෙරහැර නැරඹීමට යන සංචාරකයෝ ගැනවත් හිතුවෙ නෑ. ඔහෙලා ලාභ පෙන්නල අයිතීන් දිනාගන්න. ඕක වලපල්ලට යවන්නේ නැතුව.
"..ඒ අනුව රටේ විධායක ජනාධිපතිවරයාගේ නියෝග අභියෝගයට ලක් කරමින් .." කොහේ ඉන්න විධායක ජනාධිපතිවරයෙක්ද ? ඔය ජනාධිපතියි කියාගන්න එකා ජනතාව පත්කරගත්ත විධායක ජනාධිපති වරයෙක් නොවෙයි, පට්ට හොරු 134 දෙනෙකුගේ චන්දෙන් පත්කරගත්ත මිනීමරු බැංකු හොරෙක්. අපේ ගෙදර ඉන්න ටොමියා වත් ඕකව ගණන් ගන්නේ නැහැ , ඔය මූසලයාව ටීවී එකේ දැක්කොත් ටොමියා උඩුබුරනවා, කන්න පනිනවා.
අනිවාර්යෙන් කළ යුතු වැඩක් මූව ගෙදරම යවන්න
බන්දුල දේශපාලනයෙන් ඉවත් විය යුතුයි මෙයා ගිය තැන ලෙඩක්
අනේ... මෙන්න රටේ පොදු නීතිය උල්ලංඝණය කරපුම නැති මිනිස්සු
ජයවේවා. ලී කුවාන්යූ, ජයවර්ධන.
නියමයි .ඕවා මීට ඉස්සෙල්ලා කරන්න තිබ්බේ.මුන් එළවලා දාලා වෙනින් එවුන් ගන්න ඕන.
පිංජනා යි, බුල් ඩෝගු යි හිතන්නේ මේක ජේ ආර් කලා වගේ ගලපාගන්න. මහා වැඩ වර්ජනයකට හරවලා, ඒ උඩ බලහත්කාරයෙන් ජනාධිපතිවරණය, සහ අනිත් ඡන්ද දිනයක් නොමැතිව කල් දමා ගන්න. ඒවා සුම්මා ලොක්කා. අරගලය 2 ගෙන්වන්න හදන්නේ.
මුන්ව ට්‍රේන් එක පෙන්නන්න එක්කන් යන්න ඕනේ.රේල් පාරේ ගැට ගහලා එන්න ඕනේ
හොඳ තීරණයක්. රට බංකොලොත් කරන්න ප්‍රධාන හේතුවක් වැඩ වර්ජන. වැඩ වර්ජනය කරලා වැඩ නොකරන දවස් වලටත් ජනතාවගේ මුදලින් වැටුප් ගන්න තරම් ජරා නඩයක්.
තමන්ගේ සේවය හරියට නොකර පොහොර තහනම් කරපු, ගූ නැව් වලට කෝටි ගණන් ගෙවපු, කොවිඩ් රෝගීන්ට ගෙනාපු ඇන්ටිජන් කට්ටලෙන් පවා කෝටි ගණන් හොයපු අයට කවදා මේ විදිහටම නීතිය ක්‍රියාත්මක වෙයිද?
පන්නන්න ඔවුන් සත්තුද බොලව්?
ජනාධිපති සමග පැවැති සාකච්ඡා සාර්ථක වීම නිසා වර්ජනය අත්හැරි බව තව සුළු මොහොතකින් කියනු ඇත....
ඔය ලිපි ඔක්කොම නිකුත් කරන්න දැන් ලංකාවේ කඩදාසි තියෙනවද?
මේ රටේ ඍජු තීරණ ගත්තේ ජේ ආර් පමණි . ඒවා වැරදි හෝ හරි වෙන්න පුළුවන් . එත් රටේ ජන ජීවිතේට ආර්ථිකයට සංචාරක ව්‍යාපාරයට කරපු පාඩුවට මුන් ටික ගෙදර යවන්න ඕනි. හීනෙන් චු ගියත් මුන් නොකිය වර්ජනය කරනවා. එක ඍජු තීරණ ගන්න පාලකයෙක් බිහි වුණා නම් මේ රට මාස 6න් ගොඩ දන්නා පුළුවන් . පාතාලය මත්ද්‍රව්‍ය ඉවර කරන්න පුළුවන් . පාලකයෝ බලයට ආවම මානව හිමිකම් ලෝකේ කියන ඒවානේ කරන්නේ . උතුරු කොරියාව රුසියාව වගේ නායකයන් ඉන්න ඕනි ලෝකේ වටේ හිග කකා බැගපත් වෙලා රටවල් කරන්න බෑනේ.
මෙතැන මේකට විරුද්ධව අදහස් දාල තියෙන්නේ ප්‍රසිද්ධ මාලිමා කාරයො කිහිපදෙනා විතරයි.