
(නිමල කොඩිතුවක්කු)
ලෝටස් මංසන්ධිය, වරාය ප්‍රවේශ අධිවේගී මාර්ගය සහ මැරීන් ඩ්‍රයිව් සම්බන්ධක මාර්ගය ඇතුළුව ඒ අවට ප්‍රදේශ වල රථවාහන තදබදය අවම කිරීම සඳහා වන ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත.
ලෝටස් මංසන්ධිය, වරාය ප්‍රවේශ අධිවේගී මාර්ගය සහ මැරීන් ඩ්‍රයිව් සම්බන්ධක මාර්ගය ඇතුළුව ඒ අවට ප්‍රදේශවල රළු වාහන තදබදය අවම කිරීම සඳහා වන ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමට උපදේශන සේවා ආයතනයක් තෝරා ගැනීම පිණිස මාර්ග සංවර්ධන අධිකාරිය විසින් අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවා ඇත. ඒ සඳහා ඉදිරිපත් කරන ලද අභිලාස ප්‍රකාශ කිරීම් කෙටි ලැයිස්තුගත කිරීමෙන් අනතුරුව, ආයතන 05 ක් වෙතින් යෝජනා සඳහා ඉල්ලීම කැඳවීම් සිදු කර තිබේ. ඒ අනුව, එකී යෝජනා සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශන ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශය මත පදනම්ව M/s Master Hellie's Engineering Consultants (Pvt) Ltd. ໖໑ ໑໖໖ ໑໒໖ රුපියල් මිලියන 52.44ක මුදලක් (එකතු කළ අගය මත බදු රහිත) සහ විදේශීය සංරචකය ලෙස ඇමෙරිකානු ඩොලර් 122,859 ක මුදලක් ඇතුළත් වන පරිදි රුපියල් මිලියන 91.21 ක මුදලකට (එකතු කළ අගය මත බදු රහිත ) එකී උපදේශන සේවා කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මෝඩ පොලිස් කාරයෝ හින්දා තමයි මාර්ග තතබදය ඇතිවන්නේ. හවසට කොළම චෛත්‍ය පාරේ වරාය පැත්තෙන් එන වාහන ලෝටස් වටරවුමින් ගෝල්ෆේස් පැත්තට දාන්න දෙන්නේ නැතිව ආපහු යන්න ඔනේ ජනාධිපති මන්දිරේ පැත්තට. සෙලින්කෝ එක ලගින් තමයි හරවාගෙන ආපහු ලෝටස් වටරවුමට එන්න ඔනේ තදබදය වැඩි කරනවා මදිවට ඉන්ධන නාස්තිය පරිසර දුෂණය අපේ රත්තරන් වටිනා කාලය නාස්තිය කරවනවා. ඉස්සර මේ වැඩේ කලේ නෑ ලගදි ඉදන් තමයි කරන්නේ.