ඩයනා උදයංගනී
හම්බන්තොට වරාය ප්‍රතිව්‍යුහකරණය කිරීමට අදාළ අනුග්‍රාහක ගිවිසුම සකස් කොට ක්‍රියාවට නැංවීම සඳහා පත්කර ඇති අනුකමිටු සාමාජිකත්වයෙන් ඇමැති පාඨලී චම්පික රණවක මහතා ඉවත්වීමට යතියි රජයේ ආරංචි මාර්ග කිවයයි.
ඇමති ආචාර්ය සරත් අමුණුගම මහතාගේ සභාපතීත්වයෙන් පත්කර ඇති මෙම අනුකමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස මලික් සමරවික්‍රම, අර්ජුන රණතුංග, සුසිල් ප්‍රේමජයන්ත, පාඨලී චම්පික රණවක, මහින්ද අමරවීර සහ සාගල රත්නායක අමාත්‍යවරු සිටිති.
මේ ගැන කළ විමසීමක දී මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කීවේ එම කමිටුවේ සේවය කිරීමේ අදහසක් තමන්ට නොමැති බවයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
වරාය ගිවිසුමේ අනුකමිටුවෙන් ඇමැති චම්පික ඉවත් වෙයි
ajith Saturday, 25 March 2017 08:06 AM
වගකීමක් දැරීමට අපහසුයි වගේ.
susantha Saturday, 25 March 2017 09:14 AM
ඇඟ බේරගන්න වගේ, දැනටම කුජිත වෙලා ඉන්න එකේ ඕවයින් අයින් වෙලා ඉන්න එක හොඳයි තමයි එතකොට ඡන්දෙ ලං වෙද්දී 'මෙගා ඩිල් 2' කියල පොතක් ගහල අනික් පැත්තට කරණමක් ගහන එකනේ තියෙන්නේ!
ඇසළ Saturday, 25 March 2017 09:38 AM
ඕකෙන් අයින් වුනා කියල ඊලග ආණ්ඩුවේ FCID එකට යන්නේ වෙන්නේ නැහැ කියල හිතන් ඇති. ගල් අගුරු කේස් එකට කොහොමත් යන්න වෙනවා. මේකේ හිටියොත් කේස් දෙකක් වෙනවා.
anilSaturday, 25 March 2017 02:53 PM
ඇසළ, එහෙම FCID යන්න වෙන්නේ පැරදුන පැත්තේ හිටියොත්නේ. දිනපු පැත්තට කරණමක් ගැහුවම ඔක්කොම සුද්දයි!
ඇසළSunday, 26 March 2017 07:55 AM
අනිල්, එක නම් ඇත්ත තමයි. එත් කරනම් ගහන්න ඡන්දෙ දිනන්න එපැය. මේ කපේදී බැහැ මේගොල්ලන්ට මොකද ජනතාව මෙයාලව පත් කර ගත්තේ අවසාන වතාවට මේපාර. ඊලග පාර ඡන්දෙදි මොකෙන් ඉල්ලුවත් ඇපත් නැහැ. නාගත තනතුර හිටපු ඇමති විතරයි.
විල්ෆ්‍රඩ් සිරිවර්ධන - මෙල්බර්න් Saturday, 25 March 2017 09:46 AM
මෙයාගේ තියෙන්නේ කැපී පෙනෙන බොරු වැඩ. හරියට රත්න හිමි ස්වාධින වුනා වගේ. ඇත්ත විරෝධයක් නම් අයින් වෙන්න ඕනේ ආණ්ඩුවෙන්. විල්ෆ්‍රඩ් සිරිවර්ධන - මෙල්බර්න්
anil Saturday, 25 March 2017 02:59 PM
කහ ඉරි සුදු කරලා, තියන පාරවල්වල බස් තීරු ඇඳලා හරි මහන්සි ඇති!
dinesha Saturday, 25 March 2017 03:02 PM
ඔයාල කරගෙන යන්න. අපි විරුද්ද වෙන්නම් නේද මහත්තයෝ
pradeep Sunday, 26 March 2017 03:39 AM
මේ වරාය විකිණීම මහා අපරාදයකි. තව අවුරුදු 100ක් අප පරම්පරාවටවත් අපගේ දරුවන්ගේ පරම්පරාවටත් මෙහි වටිනාවක ප්‍රයෝජනයක් ගත නොහැකිවනු ඇත. අප මැරෙනතාක් වෙනකවුරුන් හෝ මෙහි සියලු දේ සුරාකනු ඇත.
susanthaSunday, 26 March 2017 09:16 AM
ප්‍රදීප් - අපිට විතරක් නෙවෙයි, අපේ දරුවන් පරම්පරා 3-4කටත් ඕකේ සැබෑ ප්‍රයෝජනයක් ගන්න බැරි වෙනවා. හැබැයි මේ විකිනිල්ලට මුල්වෙලා විකුණන උදවියටනම් පරම්පරා 4-5කට ඇතිවෙන්න හම්බ කරලා තියන්න පුළුවන් ලැබෙන කොමිස් වලින්.
siri Sunday, 26 March 2017 03:50 AM
බොරු සෝබන. කාටද ඕව පෙන්නන්නේ.
Udarath Sunday, 26 March 2017 05:34 AM
දැන් කවුද වරාය බේරාගන්නේ