
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
නවක වෛද්‍යවරුන්ට පත්වීම් ලබා දීමේදී රජය වරදක් කර තිබේ නම් අධිකරණයට යන්නැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය මාධ්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද(9) පැවසීය.
එසේ නොකර වැඩ වර්ජනය කර ජනතාව ඊට ගොදුරු කරගන්න එපායැයි වෛද්‍ය සංගමයෙන් ඉල්ලා සිටින්නේ යැයි ද සෞඛ්‍ය අමාත්‍යවරයා කීය.
රජයේ සේවයට එන්න නවක වෛද්‍යවරුන් සූදානම් නම් එය පදනම් කරගෙන වැඩ වර්ජන කර රෝගීන් අපහසුතාවයට පත් කිරීම කිසිසේත් සාධාරණ නැතැයි ද අමාත්‍යවරයා පැවසීය.
වර්ජන පිටුපස තියෙන්නේ වෙන දේශපාලන අරමුණක් බව කී අමාත්‍යවරයා පත්වීමි ගෙන සේවා ස්ථානවලට යාමට කිසි කෙනෙක් බයවෙන්න එපා යැයි වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා සිටින බව පැවැසීය.
"ඔබ ගිහින් සේවය අරඹන්න. ඔබට අවශ්‍ය ආරක්ෂාව පොලිසිය පැත්තෙන් මෙන්ම මහජනතාව වෙතින් ලැබෙනවා" යනුවෙන් ද අමාත්‍යවරයා කීය. දේශපාලන අරමුණක් වෙනුවෙන් වැඩ වර්ජනය තවදුරටත් කරගෙන යන්න එපා යැයි පැවැසූ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඔවුන් හැසිරෙන්නේ මේ විදිහට නම් ඔවුන් සමඟ සාකච්ඡා වලට නොයන බවද පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලම පෙර රජයන්ට විරුද්ධව ගෙනගිය වැඩ වර්ජන දැන් මෙයාලටම කැරකිලා තියෙන්නේ.
ඇමතිවරයා නිවැරදි මුල් පත්වීම් දීමට හෝ ගැනීමකදී වෘත්තීය සමිතිවල අදහස් කිසිසේත්ම වැදගත්කමක් නැහැ මොකද ලංකාවෙ ආණ්ඩුව දොස්තර සංගමය නොවෙයිනේ රට ජාතිය ගැන හැගීමක් නැති බඩගෝස්තරය පමණක් තේමාව කරගත් සංගමයේ ඒකාධිපතිත්වය පාර්ලිමේන්තුවේ පනතකින් සම්මත කර ජනතාවට සේවයක් සැලසීම ජනතාවාදී රජයක වගකීමක් වියයුතුය මොකද උවුන්ගේ වැටුප් හා දීමනා ගෙවන්නේ ජනතාවගේ මුදලින් නිසා .
වැඩ නොකළ දවස් වලට ගෙවන්න එපා! ඔවුන් පාඩමක් ඉගෙන ගත යුතුයි. රටේ වෛද්‍යවරුන් මුහුණ දෙන තවත් බොහෝ දුෂ්කරතා තිබෙනවා, වෘත්තීය සමිති වෙනුවෙන් කාලය නාස්ති කරනවාට වඩා ඒවා විසඳීමට කාලය ගත කරන්න.
හා නේද කියන්නේ ?
හරියට හරි. මේ GMOA එක ලඟදීම කනවා මිනිසුන්ගෙන්, ලෝවෙත් නැතුවෙන්න. මිනිසුන්ගේ බදු සල්ලි වලින් ඉගෙනගෙන, බොරු පාර්ට් දාන්නේත් අහිංසක මිනිසුන්ටමයි.
අන්න හරි ඇමති තුමා ඔහොම යමු... මේක මහා අසාධාරණ ඉල්ලීමක් , මේ රටේ විශාල දොස්තර හිඟයක් තිබෙද්දී අලුතෙන් එන කට්ටියට සේවය කරන එක අහුරන එක ජාතික අපරාධයක් පක්ෂ දේශපාලනේ පැත්තක තියල ජනතාව ප්‍රාණ ඇපයට ගන්න සක්කිලියන්ට විරුධව පෙළ ගැසෙමු , මේකෙන් මැරෙන්නේ දුප්පත් මිනිස්සු , සල්ලි තිබෙන මිනිස්සුන්ට පුද්ගලික රෝහල් තිබෙනවා ,ඉස්පිරිතාලේ සට්‍රික් කරන එවුන්ට පුද්ගලික බෙහෙත් ශාලත් වහන්න කියමු , මිනිස්සු ඕවට ගල් ගහන දිනය වැඩි ඇතක නැහැ