IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


වර්ණපුරගේ තුන් ඉරියව් දස්කම් යුනිචෙලා පිලට ශුරතාව ගෙනෙයි

වෙළද සේවා කි‍්‍රකට් සංගමයට ශත සංවත්සරයක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරන ලද වෙළද සේවා ආරාධිත විස්සයි-20 කි‍්‍රකට් තරගාවලිය නිමාවට පත්වූයේ යුනිචෙලා කණ්ඩායමට තරගාවලියේ ශූරතාවය හිමිකර දෙමිනි. අවසන් මහා තරගයේදී වයස අවුරුදු 20න් පහළ ශී‍්‍ර ලංකා සංවර්ධන සංචිත කණ්ඩායමට එරෙහිව දක්ෂ පන්දු යැවීමක නිරත වූ මලින්ද වර්ණපුර,  ඕවර 4 කදී ලකුණු 18කට කඩුලූ 2 ක් දවා ගත් අතර පන්දු 25 කදී ලකුණු 41 ක් ලබාගනිමින් යුනිචෙලා පිල ශූරතාව කරා කැඳවාගෙන ගියේය. තරගයේ වීරයා සම්මානය මලින්ද වර්ණපුර විසින් දිනා ගන්නා ලදී. දක්‍ෂ පන්දු යැවීමක නිරත වූ මාලිංග බණ්ඩාර යුනිචෙලා පිල වෙනුවෙන් ලකුණු 12කට කඩුලූ 4ක් දවා ගත්තේය. තුන්වැනි ස්ථානය සදහා එදිරිසිංහ ට‍්‍රස්ට් ඉන්වෙස්ට්මන්ස්ට්ස් සහ හැටන් නැෂනල් බැංකු කණ්ඩායම අතර තරගය ජය ගැනීමට හැටන් නැෂනල් කණ්ඩායම සමත් විය. සමන් ජයන්ත නියමිත පන්දු වාර හතරේදී ලකුණු 12කට කඩුලූ 4ක් දවා ගත්තේය. අවසාන මහා තරගය යුනිචෙලා කණ්ඩායම හා වයස අවුරුදු 20න් පහළ සංවර්ධන සංචිත කණ්ඩායම අතර තරගයෙන් යුනිචෙලා කණ්ඩායම කඩුලූ 9කින් ජයග‍්‍රහණය කරන ලදී වයස අවුරුදු 20න් පහළ සංවර්ධන සංචිත කණ්ඩායමපන්දු වාර 19කදී සියලූ දෙනාම දැවී ලකුණු 98 (ෂෙහාන් ජයසුරිය 16,චතුරංග කුමාර 24,මලින්ද වර්ණපුර 18/2,මාලිංග බණ්ඩාර 12/4) යුනිචෙලා කණ්ඩායම පන්දු වාර 11.1කදී කඩුලූ 1කට ලකුණු 99 (මලින්ද වර්ණපුර නොදැවී 41,දිල්රුවන් පෙරේරා නොදැවී 38) තුන්වැනි ස්ථානය සදහා වූ තරගය හැටන් නැෂනල් බැංකු කණ්ඩායම හා එදිරිසිංහ ට‍්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට්ස් කණ්ඩායම අතර තරගය හැටන් නැෂනල් කී‍්‍රඩකයෝ කඩුලූ 5කින් ජය ගත්තේය. එදිරිසිංහ ට‍්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට්ස් කණ්ඩායම පන්දු වාර 18.2කදී සියලූ දෙනාම දැවී ලකුණු 79 (ගයාන් ද සිල්වා 20.කෝසල කුලසේකර 15/2,රනිල් ධම්මික 16/2,සමන් ජයන්ත 12/4) හැටන් නැෂනල් කණ්ඩායමපන්දු වාර 14කදී 82/5 (කෝසල කුලසේකර 17,මෙවන් ප‍්‍රනාන්දු 16,චරිත් ජයම්පති 10/2)



අදහස් (0)

වර්ණපුරගේ තුන් ඉරියව් දස්කම් යුනිචෙලා පිලට ශුරතාව ගෙනෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 230 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 387 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site