සිය හැත්තෑවැනි ජන්ම දිනය නිමිත්තෙන් මතුගම හොරවල සිට අනුරාධපුර ජයශ්‍රී මහා බෝධිය දක්වා පා පැදියෙන් ගොස් වන්දනා කිරීමට හොරවල ප්‍රදේශයේ පුද්ගලයකු කටයුතු කළේය
හොරවල අඳුන්වත්තේ කරුණාතිලක රූපසිංහආරච්චි වන ඔහු හොරවල ශෛලශේකරාරාමයෙන් අද උදැසන 6.30 මේ සඳහා සුබ මොහොතින් ගමන් ඇරඹුවේය
මෙම ගමනේ ප්‍රථම දිනය කුරුණෑගල ඇත්කඳ විහාරය දක්වාද දෙවනුව ජය ශ්‍රි මහා බෝධිය අභියසට පිටත් වීමට සිතා සිටින අතර නෑබඩ - හොරණ- පාදුක්ක- පස්යාල- වරකාපොළ- පොතුහැර- කුරුණෑගල-යන මාර්ග ඔස්සේ ගමන් කිරීමට සිතා සිටී
දුම්වැටි මත්පැන් වලින් තොරව දිවිය ගෙනයන කරුණාතිලක මහතාට මේ සඳහා පිටත්විමට පෙර ශෛලශේකරාරාම විහාරාධිකාරී මාහිංගොඩ විජය මෛත්‍රිහිමියන් විසින් පිරිත් නුල් ගැට ගසා ආශිර්වාද කළ අතර ප්‍රදේශවාසි සුබ පතන්නන් රැසක්ද විහාරස්ථානයට එක්ව සිටියහ
.jpg)
.jpg)
2025 දෙසැම්බර් මස 04
805
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වයස හැත්තෑවයි රජරටට සයිකල් සවාරියක
ඉෂාර Monday, 04 March 2013 08:45 AM
එළ කොල්ලෙක්නෙ ආ. ජයවේවා!!! (ස)
නිම්සරා Monday, 04 March 2013 09:09 AM
ජය වේවා! මම මේ මාමා වරකාපොල පහුකරනවා දැක්කා... (ස)
අනුරාධ Sunday, 03 March 2013 05:44 PM
ඔබට තෙරුවන් සරනයි.(නදී)
ලක්මාල් Monday, 04 March 2013 09:23 AM
ඉතාමුත් හොදින් මෙම කටයුත්ත නිමා කිරීමට ශක්තිය ලැබේවා.. ! (ස)
නිල්මිණි Tuesday, 05 March 2013 01:39 AM
සීයාට දීර්ඝායු! (නි)
නිශ්ශංක Sunday, 03 March 2013 08:58 PM
සුභ පැතුම්! අපිට හරි සතුටුයි. (නි)
සිල්වා Sunday, 03 March 2013 11:12 AM
අතීතයේ වස විෂ නැති හොද සෞඛ්‍ය සම්පන්න ආහාර වල විශ්මය! (නි)
බණ්ඩාර Sunday, 03 March 2013 11:09 AM
බුදු සරණයි මාමේ ඔබට! (නි)
අජිත් Sunday, 03 March 2013 11:12 AM
සුභ පැතුම්! (නි)
ගාමිණී Sunday, 03 March 2013 11:20 AM
නිදුක් නිරෝගී සුවය පතමි. සුභ ගමන්! (නි)
කමල් Sunday, 03 March 2013 11:25 AM
ඔබට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා! (නි)
ආරච්චිගේ Sunday, 03 March 2013 11:33 AM
ඔබට දීර්ඝායු පතමි. (නි)
දීපාල් Sunday, 03 March 2013 11:46 AM
ඔබට ජීවන ගමනේ 100වැනි සැතපුම් කණුව පසුකිරිමට වාසනාව ලැබේවා! (නි)
සම්පත් Sunday, 03 March 2013 11:51 AM
අපේ රටේ මෙහෙම අය තවම ඉන්න එක ගැන අපිට ආඩම්බරයි. (නි)
අමිල Sunday, 03 March 2013 12:00 PM
ප්‍රතාපවත් යුග පුරවැසියෙක්. ඔබට දීර්ඝායුෂ! (නි)
රූපා Sunday, 03 March 2013 12:04 PM
තාත්තේ, සපත්තු දෙකක් දාගන්න. ඔබට දීර්ඝායුෂ! (නි)
තිසල් Sunday, 03 March 2013 12:29 PM
මේ ගත සිත සවිය ඇති රත්තරන් තාත්තාට මගේ සුබ පැතුම්.. මෙය කියවන කවුරුන් හෝ ලංකාවේ යමක් කල හැකි අයෙකුට සම්බන්ධයක් ඇත්නම් මොහුට හැම පොලිස් බල ප්‍රදේශයකදීම අනතුරකින් තොරව යෑමට පොලිස් ට්‍රැෆික් බයික් එකකින් ආරක්ෂාව ලබා දීමට අවධානය යොමු කර දෙන්න. (ස)
ප්‍රනාන්දු Sunday, 03 March 2013 12:39 PM
බුදු සරණයි... ! ඔබට ජය ! (ස)
මංජු Sunday, 03 March 2013 12:45 PM
ඔබගේ ජයබිමට සිතුසේ ළගාවීමට ශක්තිය ලැබේවා! (නි)
කුරුවිට Sunday, 03 March 2013 01:04 PM
ඔබට සුභ ගමන් අයියේ. හිතට දිරිය ගන්න. (නි)
ශානිකා Monday, 04 March 2013 05:28 PM
සහයට කවුරුහරි ගියානම් තමයි හොද. සුභ ගමන් සහ ඔබට තෙරුවන් සරණයි තාත්තේ.(නදී)
චාන්දි Sunday, 03 March 2013 01:39 PM
සපත්තු දෙකක් අරන් දෙන්නයි තිබුනේ. සෙරෙප්පු වලට වඩා හොදයි.(නදී)
කුමාර Sunday, 03 March 2013 02:08 PM
දයාබර පියතුමනි, ඔබට දීර්ඝායුෂ ලැබේවා! (නි)
අනුර Sunday, 03 March 2013 03:23 PM
ඔබේ ගමන සාර්ථක වේවයි පතමි. (නදී)
පිටිගල Sunday, 03 March 2013 03:43 PM
පුද්ගලික බස්, ටිපර්, ට්‍රක් රථ සහ ත්‍රීරෝද රියදුරන්ගෙන් පරිස්සම් වෙන්න.(නදී)