IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


වයඹ පළාතේ ඇඳිරිය ගැන පොලිසියත් දෙගිඩියාවෙන්

 

( පුෂ්පකුමාර ජයරත්න )

රජය විසින් ඊයේ (1) දිනයේ කොරෝනා වසංගතය පැතිර යන ප්‍රදේශ සඳහා පනවන ලද නිරෝධායන ඇඳිරි නීතිය කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොලිස් බළ ප්‍රදේශ කීපයක ක්‍රියාත්මක කිරීමේදී  ගැටළුකාරි තත්ත්වයක් මේවනවිට  ඇතිවී තිබේ.

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් ජනමාධ්‍ය මඟින් ඒ සම්බන්ධයෙන් කරන ලද නිවේදනයට අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුරුණෑගල මහ නගර සභා බළ ප්‍රදේශයට අමතරව කුලියාපිටිය පොලිස් වසමේ පමණක්  නිරෝධායන ඇඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බව සඳහන් කළේය.

නමුත් කොරෝනා වසංගත තත්ත්වය දැඩිව පැතිරයාම හේතුවෙන් ඊයේ දිනය තෙක් ක්‍රියාත්මක කළ කුලියාපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කොට්ඨාසයට අයත් අනෙකුත් පොලිස් බළ ප්‍රදේශ වූ නාරම්මල, ගිරිඋල්ල, පන්නල සහ දුම්මලසූරිය සඳහා එම ඇඳිරි නීතිය ඒ ආකාරයට ක්‍රියාත්මක වනවාද නැතිනම් ඊයේ දිනයේ සිට ඉවත් කළාද යන්න එම නිවේදනය මඟින් ප්‍රකාශ නොවීය.

මේ හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ උසස් පොලිස් නිලධාරීන් මෙන්ම එම පොලිස් ස්ථාන වල පොලිස් ස්ථානාධිපතිවරුන්ද දැඩි ගැටළුකාරි තත්ත්වයකට මුහුණ පා සිටින බව වාර්තාවේ. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී එක් පොලිස් ස්ථානාධිපතිවරයෙකු සඳහන් කළේ ඇඳිරි නීතිය ඉවත් කළාද නැද්ද යන්න සම්බන්ධයෙන් තමන්ට පැහැදිලි නිවේදනයක් තවමත් ලැබී නැති බවය. මෙම තත්ත්වය මත ජනතාවද ගැටළුකාරි තත්ත්වයකට මුහුණ පා සිටින බවද ඇතැම් පිරිස් ඇඳිරි නීතිය ඉවත් කර ඇතැයි සිතා නගරයට පැමිණෙමින් සිටින බවද එම පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේය.

පෙරේදා (31) දිනයේ කරන ලද පීසීආර් පරීක්ෂණ වලින් නාරම්මල පොලිස් බළ ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් 04 ක්ද, පන්නල පොලිස් බළ ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් 07 ක්ද වාර්තා වී ඇති අවස්ථාවක එම අවදානම් තත්ත්වය සැලකිල්ලට නොගෙන ඇඳිරි නීතිය ඉවත් කිරීම වැරැදි තීරණයක් බවට ජනතාව චෝදනා කරති. ඊයේ දිනය වනවිට කුරුණෑගල දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයින් 185 දෙනෙකු වාර්තා වී ඇති බව කුරුණෑගල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රමිතා ශාන්තිලතා මහත්මිය සඳහන් කළාය.

මේ අතර එම පොලිස් බළ ප්‍රදේශ පහට ක්‍රියාත්මක කළ නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කර ඒ වෙනුවට ජනතාවට සංචරණ සීමා පනවා අත්‍යාවශ්‍ය වෙළඳසැල් කීපයක් පමණක් අදාළ නගර තුළ විවෘත කිරීමට රජය විසින් නියම කර තිබෙන බවද උසස් පොලිස් නිලධාරියෙකු ප්‍රකාශ කළේය.

 



අදහස් (7)

වයඹ පළාතේ ඇඳිරිය ගැන පොලිසියත් දෙගිඩියාවෙන්

Kamal Monday, 02 November 2020 04:05 AM

සරත් ෆොන්සේකා නොහිටියා නම් මෙයාලා යුද්දෙ කොහොම කරයිද?

:       7       63

ලසන්ත Monday, 02 November 2020 04:27 AM

මෙහෙම දෙයක් ඇහැලියගොඩ ජනතාවටත් තියෙනවා. බස්නාහිර පළාතට දැනට සතියකට පමණ පෙර නිරොධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කළා. ඇහැලියගොඩ ප්‍රාදේශිය ලේකම් කොටසේ පැත්තකට අවිස්සාවේල්ල පොලිස් බල ප්‍රදේශයත් අද සිට ඇඳිරිනීතිය ක්‍රියාත්මක ඇහැලියගොඩට ඒහි පොලිසියත් ක්‍රියාත්මක වෙනවා. දැනගන්න තියෙන්නේ ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොටසේ පොලිස් බල ප්‍රදේශ කීපයක් තියෙනවා කියලයි. කවුරු හෝ පැහැදිලි කරනවා නම් හොඳයි...

:       0       18

Perera Monday, 02 November 2020 04:51 AM

බල්ලගෙ වැඩෙ බූරුවා කරන්න ගියාම ඔහොම ප්‍රශ්න ඇතිවෙනවා තමයි.

:       6       34

අමා Monday, 02 November 2020 05:06 AM

ඔය ආයතනවල බබ්බුද ඉන්නෙ?. රජයෙන් බිල ගෙවන දුරකතනයක් දීල තියෙන්නෙ ගෙදරට කතාකරන්න නෙමෙයි. අනෙක ගමන් තහනමත් තියෙනවා නේද?

:       2       19

Prasad Monday, 02 November 2020 05:26 AM

මොන්ටිසෝරියක් පාලනයටවත් නුසුදුසු කෙනෙක් කැම්පස් එකක් පාලනය කරනකොට ඔහොම තමයි.

:       2       24

Ramendra Monday, 02 November 2020 11:15 AM

ලෝක යුද්ද කාලෙත් පාර්ලිමේන්තුව රැස්වුනා කිව්වා නේද කතානායකවරයා. දැන් මොකද දන්නේ නැහැ රැස්වීම කල්දාන්නෙ.

:       0       0

Ramendra Monday, 02 November 2020 11:25 AM

අවංක පාලනය කරනවානම් ප්‍රශ්න නිරාකරණය කරන්න පහසු වෙනවා. හිතේ වන්චාව තියාගෙන පාලනය කරනකොට රටේ ජනතාවගේ ප්‍රශ්න විසදෙන්නේ නැත. පවුලේ ප්‍රශ්න විසදන්න විතරයි පුලුවන් (ද්විත්ව පුරවැසි භාවය).

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 694 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site