IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


වයඹ ඇමැති සන්ධ්‍යා කුමාර ඉවතට - අලුත් ඇමැති පියසිරි රාමනායක

ජුඩ් සමන්ත 
 
වයඹ පළාත් සමුපාකාර සංවර්ධන,  වෙළද, ඉඩම්, විදුලි බල හා බලශක්ති, ක්‍රීඩා හා යෞවන කටයුතු, සංස්කෘතික කටයුතු, කලා කටයුතු  සහ තොරතුරු තාක්ෂණ ඇමතිවරයා ලෙස පියසිරි රාමනායක මහතා  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබ ඇත.
 
මෙම ඇමති ධූරයන් මීට පෙර දරන ලද්දේ සන්ධ්‍යා කුමාර රජපක්ෂ මහතා විසිනි. මෙම ඇමති ධුරයට අමතරව සන්ධ්‍යා කුමාර රාජපක්ෂ මහතා වයඹ පළාත් අධ්‍යාපන ඇමති ධූරයද දරන ලද අතර, අධ්‍යාපන ඇමති ධූරය වයඹ ප්‍රධාන ඇමති ධර්මසිරි දහනායක මහතා යටතට පත් කර ඇත.
 
හිටපු අමාත්‍ය  සන්ධ්‍යා කුමාර රාජපක්ෂ මහතා මේ වන විදේශ ගතව සිටී.



අදහස් (6)

වයඹ ඇමැති සන්ධ්‍යා කුමාර ඉවතට - අලුත් ඇමැති පියසිරි රාමනායක

mahee Friday, 15 September 2017 08:52 AM

ඔන්න ඔහොම සුද්ද කරගෙන, සුද්ද කරගෙන යන්න. අන්තිමට ලඟින්ම ඉන්න හාදයවත් සුද්ද කරලා දැම්මා නම් ඔබතුමාට අපි අත් දෙකම ඔසවලා ඡන්දෙ දෙනවා.

:       173       50

siri Friday, 15 September 2017 09:01 AM

නරක් වුණු දත් එක එක ගැලවෙන පාටයි. යනවා කීව කට්ටිය "රිවස්" ගහලා නිසා ගිය කෙනාට දැන්නම් දුක ඇති "අපරාදේ කාපු ලනුවක තරම" කියලා....

:       374       268

Lapaya Friday, 15 September 2017 09:55 AM

මොලේ තියෙන කෙනා යයි. නැති කෙනා නිකන් ඉඳියි. තවත් පාරක් මහබැංකුවට වැඩේ දෙනකම්...

:       2       217

නිමල් Friday, 15 September 2017 02:59 PM

අනේ අලුත් ඇමතිතුමනි, ඒ ගැන ඔබතුමාවත් අධ්‍යාපනය ගැන විද්‍යාත්මකව සිතන්න. පසුගිය කාලේ මහ ඇමතිවරු විභාග ප්‍රතිඵල වලින් ලංකාවේ එක වෙන්න පොර කෑවා. ඒ පීඩනය එක්ක පාසල ටියුෂන් පන්තියක් වාගේ වුණා. සිසුන්ගේ පෞරුෂ වර්ධනය අමතක කරලා විෂය නිර්දේශය විතරක් කවර් කරන ටියුෂන් පන්තියක් වුණා පාසලත්. ඒ පීඩනය දරන්න බැරි පෞරුෂය හීන දරුවන් මත් ද්‍රව්‍ය හා වෙනත් එවැනි දේවල ගොදුරු බවට පත් වුණා.

:       0       0

nishanath dombagoda Friday, 15 September 2017 03:59 PM

ඔබතුමාගේ අදහස් ඉතා නිවැරැදියි. ඒ වගේම ඒ අමාත්‍යාංශයේ හඬ මිසක් වැඩ බැරි ලේඛම්වරිය වෙනුවටත් ප්‍රායෝගිකව ක්‍රියත්මක කළ හැකි අධ්‍යාපනික සංවර්ධන වැඩපිළිවෙළක් විද්‍යාත්මකව ඉදිරිපත් හැකි විදුහල්පතිවරුන් හා ගුරුවරුන් සමඟ සුහදශීලි ලෙස පළාතේ දරුවන්ගේ නැණස පෑදීමට උරදිය හැකි විභාග සමත් කිරීමෙන් නොව සැබවින්ම විචක්ෂන ලේකම්වරයක් පත්කර ගන්නා ලෙසත් මහ ඇමැතිතුමාගෙන් ඉල්ලමි...

:       0       0

dias Saturday, 16 September 2017 12:51 AM

අපේ ජනාධිපතිතුමාටත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් ජයවේවා!!! ඉතිරි කුණු ටිකත් පක්ෂයෙන් අයින් කරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 165 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 370 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 159 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site