IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


වයිබර් තාක්ෂණයෙන් සාමාන්‍ය පෙළ ලියූ සිසුවා ගැන පරික්ෂණයක්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ/ දයාරත්න ඇඹෝගම)

අනුරාධපුර විදුහලක සාමාන්‍ය පෙළ සිසුවකු අද(18) පැවැති ගණිතය ප්‍රශ්න පත්‍රයට ජංගම දුරකථනයේ වයිබර් හා ඉමෝ තාක්ෂණය ඔස්සේ පිළිතුරු සැපයූ බවට ලද පැමිණිල්ලක් මත පරික්ෂණ පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

ඒ අනුව අදාළ සිසුවා හා එම විභාග ශාලාවේ ශාලාධිපති ඇතුළු පිරිස අනුරාධපුර වෙනත් විදුහලකට රැගෙන ගොස් මේ වනවිට පරීක්ෂණයක් පවත්වන බව පොලිසිය කියයි.

මෙම සිසුවා ජංගම දුරකතනයක් රැගෙන විභාග ශාලාවට ඇතුළුවී ගණිතය ප්‍රශ්න පත්‍රයේ සේයාරුවක් රැගෙන එය මිතුරකුට යවා පිළිතුරු ජංගම දුරකතනයට ගෙන්වාගෙන ඇතැයි ද එය විභාග ශාලාධිපතිවරයාට හසුවී ඇතැයි ද වාර්තා වේ.



අදහස් (9)

වයිබර් තාක්ෂණයෙන් සාමාන්‍ය පෙළ ලියූ සිසුවා ගැන පරික්ෂණයක්

sanath Monday, 18 December 2017 05:24 PM

විභාග ශාලාධිපති මේකට වග කියන්න ඕන. ඔහු සියලුම විභාග අපේක්ෂකයන්ගේ විභාගයට අදාල නැති සියලුම ද්‍රව්‍ය ශාලාව තුලට රැගෙන ඒම තහනම් කළයුතුව තිබුණා.

:       0       0

Sathyayaa Monday, 18 December 2017 06:06 PM

පුන පුනා කියන ටැබ්ලට් තාක්ෂණයට අනුගත වීම සඳහා කරන පෙරහුරුවක් ලෙස මේ වංචනික උත්සහය සලකන්න පුළුවන්. වෙනත් රටවල් පරිඝනක තාක්ෂනය දැනුම ලබා ගැනීමටත් ඒ දැනුම අනෙක් අයට ලබා දීමටත් ක්‍රමවත්ව යොදා ගන්නා යුගයක අපේ තරුණ පරපුරේ ඇතැම් අය ස්මාර්ට් ෆෝන් සහ ටැබ්ලට් යොදා ගන්නේ පෙම් බස් දොඩන්නත් අහිංසක තරුණියන් රවටා නිරුවත් චායාරූප ගැනීමටත් වගේ පහත් වැඩවලට.

:       0       0

sam Monday, 18 December 2017 07:22 PM

මේවත් මහා ලොකු ප්‍රශ්නද? පර්ලිමේන්තුවේ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ අසමත් අය බර ගානක් ඉන්නේ

:       0       0

abaran Tuesday, 19 December 2017 01:07 AM

අපේ අනාගත රටේ නායකයෙක් නැවතත් රජරටින් බිහිවෙන වගයි.....ජයවේවා!!!

:       0       0

පරිගණක නීතිඥ Tuesday, 19 December 2017 01:13 AM

අපි අවුරුදු කීපයකට පෙර රජකාලේ අඩු තාක්ෂණයක් යටතේ පිළිතුරු ලියුවත් දැන් අපේ කාලයට වඩා තොරතුරු තාක්ෂණය අතින් ළමයින් දියුණුබව දැනගන්නට ලැබීම සතුටක්.

:       0       0

බන්දුල Tuesday, 19 December 2017 02:16 AM

මෙවැනි දේවල් ඉදිරියේදී සිදුවීම නැවත්වීමට නම්, මෙම සිසුවාට වසර දහයකටවත් විභාග තහනම් කළ යුතුයි..............

:       0       0

Ruwan Tuesday, 19 December 2017 04:25 AM

විභාග ශාලාවක ශාලාධිපතිගේ හෝ ඔහුගේ සහයකන්ගේ අනු දැනුම නොමැතිව මෙසේ කරන්න පුලුවන්නම් කොලයක ලියාගෙන ඇවිත් එය ඉතා පහසුවෙන් කොපි කරන්න පුළුවන් බවයි අපගේ හැඟීම. ශාලාධිපතිවරු පුටුවල වාඩිවී නොසිට තම අවට ගැන නිතර සෙවිල්ලෙන් සිටීමට පුරුදු පුහුණු කලයුතු කාලය පැමිණ ඇත. මිට අමතරව විභාග ශාලාවලට ඉතා පහසුවෙන් කැමරා භාවිතා කර මෙය නැවත්වීමට පියවර ගත හැක.

:       0       0

indika Tuesday, 19 December 2017 04:28 AM

හොද වැඩක් ගුරුවරයා කරලා තියෙන්නේ. එයාගේ ජොබ් එක හරියට කරලා. සිසුව වැරද්දක් කරානම් එය වෙනුවෙන් කලින් ඉදල හදල තියෙන දඩුවම් විදින්න උවමන. සිසුවෙක් කියල යන්න දෙන්න හොද නැහැ.

:       21       0

Nandalal DE SILVA - France Tuesday, 19 December 2017 11:07 AM

මෙවැනි විද්‍යුත් උපකරණ විභාග ශාලාවලට ගෙන යාම සම්පුර්ණයෙන්ම තහනම් බව කලින් කියා තිබුණා නේද? ඒ නිසා මේ "හයි-ටෙක්" හොරාට ජීවිතාන්තය දක්වාම රජයේ විභාග වලට පෙනී සිට, රජයේ රැකියාවලට එක්වීම සම්පුර්ණයෙන්ම තහනම් කල යුතුය ! මෙවැනි දේ කිරීමට හිතා ඉන්නා අනාගත වංචා කාරයන්ටත් එය අමතක නොවන පාඩමක් වෙනු ඇත !

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31493 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13818 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11063 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 152 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1067 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 296 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site