IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ව්‍යාපාරිකයාත් සුපිරි මඟේ සුළු දිය දාලා

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගමදී වෑන්රියක් නවත්වා මුත‍්‍රා කළ ව්‍යාපාරිකයෙක් ඔහුගේ පුතා හා තවත් යෙක් බණ්ඩාරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. අත්අඩංගුවට ගනිද්දී ඔවුන් ළඟ වූ රුපියල් 2800 ක් ගණන් කැර බාරගත් නමුත් පසුව ව්‍යාපාරිකයා පැමිණිල්ලක් කරමින් තමාගේ රුපියල් 5000 ක් පොලිසියෙන් ගත්තැයි කියා  ඇත.
මේ ගැන පොලිසිය පරීක්ෂණ පවත්වයි. මේ ව්‍යාපාරිකයා පැලවත්තේ අයෙකි. පාරේ වාහන නතර කිරීම හා මුත‍්‍රා කිරීම යන චෝදනා යටතේ ඔවුනට නඩු පැවරීමට යයි.

 



අදහස් (0)

ව්‍යාපාරිකයාත් සුපිරි මඟේ සුළු දිය දාලා

ශාන් Friday, 15 March 2013 08:17 AM

මිනිස්සු කරන ලජ්ජා නැති වැඩ (දී)

:       0       0

සෑම් Thursday, 14 March 2013 05:11 PM

පිට රටවල නම් අඩියෙන් අඩිය වැසිකිළි තියෙනවා.. අපේ රටේ එහෙමද? ඉතිං හදිසියට යන්න ඇති.. ඔන්න ඕක අතහැරලා දාන්න.,!(නු)

:       0       0

අනුර Thursday, 14 March 2013 10:23 AM

පව් අනේ හදිසියක් වෙන්න ඇති. ඒත් ඉතින් නීති විරෝධියි (ස)

:       0       0

ජයතිස්ස Thursday, 14 March 2013 10:44 AM

මේවා දෙයියෝ සාක්කිනේ ...(ස)

:       0       0

ජයතිස්ස Thursday, 14 March 2013 10:49 AM

පොලීසිය ඒ මුදල් අරන් තියෙන්නේ දඩයක් වශයෙන්ද ? කප්පමක් වශයෙන්ද ?(ස)

:       0       0

දම්මි Thursday, 14 March 2013 06:02 PM

මතට තිත වගේම මුත්‍රාවලටත් තිත තබමුද? (නි)

:       0       0

සමන් Thursday, 14 March 2013 10:58 AM

වාහනය නතර නොකර යනගමන්ම වැඩේ කලානම් ඉවරනේ - සමහරවිට මදුමේහය තියෙන මුදලාලි කෙනෙක් වෙන්න ඇති (ස)

:       0       0

චමින්ද ජයනාත් Thursday, 14 March 2013 11:04 AM

සුපිරි පාරක් නම් මේ වගේ ශරීර අවශ්‍යතා ඉටුකරගන්ඩත් පහසුකම් සැලසුවොත් තමා හොද? මොකද මුදල් ගෙවලනෙ යන්නෙ. (ස)

:       0       0

කුමාර Thursday, 14 March 2013 11:07 AM

කැලේට මුත්‍රා කිරීම වරදක් වෙන්නේ කොහොමද?(ස)

:       0       0

ජයා Thursday, 14 March 2013 11:18 AM

නඩුව දිනනවා ෂුවර් ...................... ඇයි අනේ ප්‍රජාතන්ත්‍රවාදී රටේ නිදහසේ මුත්‍රා කරන්නවත් බැරිද ? (ස)

:       0       0

තාරක Thursday, 14 March 2013 07:05 PM

මම නම් ඕන තරම් එහෙම කරලා තියෙනවා...(අ)

:       0       0

කුමාර Thursday, 14 March 2013 09:00 PM

සෑම් ,ඔහේ දුර ගමනක් යනකොට ජිවිටෙටම ටොයිලට් එකකකින් පිට මුත්‍රා කරලා නැද්ද?නිකන් බොරු සෝබන එපා හලෝ . (අ)

:       0       0

හේමසර හිමි Thursday, 14 March 2013 12:42 PM

අනේද කියන්නේ , ඔය අවශ්‍යතාවය ඉටු කර ගන්න වෙන තැනක් තිබුණෙම නැද්ද ?? (ස)

:       0       0

ජයසිංහ Thursday, 14 March 2013 12:49 PM

දැන් තව ටික දවසකින් ඕකට මීටරයක් සවිකරලා ලීටර් ගාණට දඩ ගහන්න ක්‍රමයක් හදයි. (නි)

:       0       0

ශාන්ති Thursday, 14 March 2013 12:45 PM

සුනඛයෝ වගේ හැමතැනම මෙහෙම කරන එක වැරදියි තමයි. (නි)

:       0       0

ධනංජය Thursday, 14 March 2013 12:52 PM

ශරීර අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා වෙන් කරන ලද තැන් තියෙනවද ? පැයක් ඉවසන්න බැරි වුණානේ (ස)

:       0       0

ලුම්බිණි Thursday, 14 March 2013 12:52 PM

මේකේ දාල තියෙන අදහස් බැලුවාම හිතෙනවා කවදාවත් අපට සංවර්ධිත රටක් වෙන්න අමාරු වෙයි කියල. (ස)

:       0       0

සෑම් Thursday, 14 March 2013 01:18 PM

ගෑණුන්ට ඉවසන් ඉන්න පුලුවන්නම් ඇයි පිරිමින්ට බැරි???? ගමන පිටත් වෙන්න කලින් වැඩේ කරලා වැදගත් විදියට ගියානම් ඉවරයිනේ.... දියුණු රටවල මිනිස්සු ප්‍රසිද්ධියේ ඕක නොකරන්නත් අපේ රටවල අය ඔහොම තැන නොතැන බලා තිරිසනෙක් වගේ හැසිරෙන්නත් මොකද්ද තියෙන වෙනස??? අපේ අයගේ මුත්‍රා බොක්ක පොඩිද???? (ස)

:       0       0

සෑම් Thursday, 14 March 2013 01:28 PM

කුමාර, හොඳින් කියවා බලන්න? මුත්‍රා කරලා තියෙන්නේ කැලයකදී නොවේ... අධිවේගී මාර්ගයේදී..සමහරුන්ට විලිලජ්ජාව කියලා දෙයක් නැතිවුණාට... රටේ ඉන්න වැදගත් ගැහැනුන්ට, පිරිමින්ට විලිලජ්ජාව කියලා දෙයක් තියෙන බව දැනගත්තොත් හොඳයි...(ස)

:       0       0

ඉර්ෆාන් ධර්මා Thursday, 14 March 2013 01:41 PM

ලංකාවේ ප්‍රසිද්දියේ මුත්‍ර කිරීම තහනම් නීතියක් නැති නිසා ඒ චෝදනාවෙන් නිදහස් වෙයි, නමුත් අදිවේගී මාර්ගයක අතරමග නතර කිරීමට වරදක්. ලංකාවේ ප්‍රසිද්ධියේ මුත්‍ර කිරීම තහනම් කරලා ඒ සඳහා ආයතනයක් පිහිටවිය යුතුයි (ස)

:       0       0

නිත්‍යා Thursday, 14 March 2013 02:02 PM

අවශ්‍යතා පාලනය කර ගැනීමේ හැකියාව මිනිසුන්තුල තිබිය යුතුයි.(ස)

:       0       0

රොනී Thursday, 14 March 2013 02:49 PM

ශ්‍රී ලංකාව තුළ මුත්‍රා සදහා අධීක්ෂණ ඇමතිවරයෙක් පත්කළ යුතුයි. (නි)

:       0       0

කුරුවිට Thursday, 14 March 2013 03:06 PM

ආයේ ඔය අවශ්‍යතාව ඇති වෙන්නේ උසාවි පොලීසිගානේ යන්න වුණාමයි (ස)

:       0       0

ජෝසප් Thursday, 14 March 2013 03:11 PM

ඉන්නම බැරි වෙන්න ඇති (දී)

:       0       0

සුබසිංහ Thursday, 14 March 2013 03:23 PM

මැද පෙරදිග රටක වුණානම් කස පහර 100 ක් විතර හම්බවෙනවා (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 791 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 586 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site