IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


ව්‍යාජ වෛද්‍යවරයෙක් හෝමාගමින් අත්අඩංගුවට

( ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

ඇදිරි නිතිය අවස්ථාවේදී හෝමාගම නියදගල ප්‍රදේශයේ නිත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව රොගින්ට ප්‍රතිකාර කරමින් සිටි ව්‍යාජ වෛද්‍ය වරයෙකු අද (28) දා අත්අඩංගුවට ගෙන එම වෛද්‍ය මධ්‍යස්ථානයට මුද්‍රා තැබු බව හොමගම පොලිසිය පවසයි .

මෙම පුද්ගලයා මිට පෙර අවස්ථා දෙකකදිද ව්‍යාජ වෛද්‍ය වරයෙකු ලෙස පෙනි සිට අත්අඩංගුවට පත් අයකු බවද පැවසේ . .
.
ඇඳිරිනීතිය අවස්ථාවේදී පවතින නිරෝධායන නීති රීති නීතිරීති උල්ලංඝනය කරමින් රෝගීන්ට ප්‍රතිකාර කරන ස්ථානයක්  පිළිබඳ ව  කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ලද තොරතුරක් මත පොලිසිය එක්ව මෙම වැටලීම සිදු කෙරිනි.

වැටලීම සිදුකරන අවස්ථාවේදී ප්‍රතිකාර සඳහා විසි දෙනෙකුට අධික පිරිසක් එම ස්ථානයට පැමිණ සිටි අතර එක් රෝගියෙකුගෙන් රුපියල් රු.1500 සිට 2500 අතර මුදලක් අයකර ඇති බවට  කරුණු අනාවරණය වූ බව ද පොලීසිය  පවසයි .

මේ අතර හෝමාගම  මහරගම කොට්ටාව බණ්ඩාරගම හොරණ බුලත්සිංහල ඇතුළු ප්‍රදේශ රැසක පුද්ගලයා සිටි බවද පැවසේ.

මේ රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා  වෛද්‍ය සහතිකයක් සැකකරු සන්තකයේ තිබිය යුතු අතර එවන් නීත්‍යානුකූල සහතිකයක් සැකකරු සන්තකයේ නොතිබූ බවද පොලිසිය පවසයි.

තවදුරටත් සිදුකළ විමර්ශනයේදී මෙසේ වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයා කළුබෝවිල ශික්ෂණ රෝහලේ හෙද නිලධාරියෙක් ලෙස සේවය කරන අයකු  බවට  කරුණු අනාවරණය වූ බව ද  පොලිසිය පවසයි .

ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගත් අතර හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර පවතින වසංගත තත්ත්වය  හේතුවෙන් පනවා ඇති නිරෝධායන පනත උල්ලංඝනය කොට මෙම ස්ථානය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර දී කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී  කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් විසින් අදාළ ස්ථානයට මුද්‍රා තැබීමට ද පියවර ගත් බව පැවසේ .

මේ පිළිබඳව හෝමාගම මූලස්ථාන පොලිසියේ ප්‍රධාන  පොලිස් පරීක්ෂක අජිත් ප්‍රසන්න මහතාගේ හා කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය  නිලධාරී වෛද්‍ය ධනුක පද්මරාජ මහතා ඇතුළු නිලධාරීන් ඉදිරි පරීක්ෂණ පවත්වයි...

 



අදහස් (2)

ව්‍යාජ වෛද්‍යවරයෙක් හෝමාගමින් අත්අඩංගුවට

Raveendra Tuesday, 28 April 2020 12:14 PM

කාරුණිකව මෙවන් සත්තුන්ගේ "අසංවර මුණු , ලිපිනය, සියලු වතගොත පිලිබදව " සියලුම නාලිකාවල , මුද්‍රිත, මාධ්‍යවල පැහැදිලිව පල කරන මෙන් ඉල්ලා සිටින්නෙමු .එය සමාජයට සෙතක් වෙනවා නියතය. මෙතෙක් කලක් අප නම් දැක නැත මෙවන් පල්හොරුන්ගේ, කුඩුකාරයන්ගේ කසිප්පු කාරයන්ගේ දුෂකයන්ගේ චයාරුප, ලිපිනයන් පුවත්පත්වල හෝ රුපවාහිනි නාලිකාවල පලවෙනවා...එවන් විස්තර පළකිරීමෙන් සමාජයට සෙතක් වෙනවා නොවේද? කිසිවෙකු මේ පිලිබදව කතා නොකරන්නේ මන්ද? මෙමගින් සමාජයේ මිනිසුන් එවන් කාලකන්නින් පිලිබදව දැනුවත් වීම වරදක්ද?

:       37       161

jayampathi Tuesday, 28 April 2020 11:58 PM

මොහු රජයේ නිලධාරියෙක්. සහ මින් පෙර අවස්ථා දෙකකදීද වැරදිකරු වූවෙක්. මින් ඉහතදී මොහුට විරුද්ධව ක්‍රියා මාර්ග ගෙන නැද්ද? ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට පැමිණිලි කර නැද්ද? නීතියේ ඇති දුර්වලකම් සහ පැමිණිලි පාර්ශවයන්ගේ ඇති ඇල්මැරුනු ස්වභාවය නිසා මෙවැනි පුද්ගලයන් දිගින් දිගටම නීති විරෝදී ක්‍රියාවල යෙදෙනු ඇති.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31635 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14061 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11099 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 177 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1109 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site