IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


වමාරා නොකන බව සෝමවංශ කියයි

මෛත්‍රීපාල සිරිසේන ජනපතිට එරෙහි කුමන්ත්‍රණ පරාජය කළ යුතු බවත්, ඔහුගේ ආරක්ෂාව තහවුරු කළ යුතු බවත්, ඒ වෙනුවෙන් බල කරමින් පාගමනක් යෑමට බලාපොරොත්තු වන බවත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා අද (19) මරදාන සීඑස්ආර් ශාලාවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී කීවේය.

ඉදිරි මාසය ඇතුළත නව දේශපාලන පක්ෂයක් සාදා ගන්නා බව ද ඔහු සඳහන් කළේය.

ජනතා විමුක්ති පෙරමුණ දැන් අලියාගේ බෙල්ලේ සීනු බඳින්නට යන බව කී අමරසිංහ මහතා එහි නායක සහ නායකත්ව මණ්ඩලය බවත් වී නව නායකයකු පත් කර ගැනීමට පාක්ෂිකයන්ට බාර දෙන ලෙස ද ප්‍රකාශ කළේය.

පක්ෂයෙන් ආරාධනයක් ලැදහොත් නැවත ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය බාර ගන්නවාදැයි මාධ්‍යවේදියකු නැඟූ පැනයකට පිළිතුරු දෙමින් ඔහු කීවේ සෝමවංශ අමරසිංහ යනු වමනේ කර නැවත කන ජාතියේ මිනිහෙන් නොවන බවයි.

DSC_0153 DSC_0162



අදහස් (0)

වමාරා නොකන බව සෝමවංශ කියයි

නිරෝෂන් අසංක Tuesday, 19 May 2015 08:02 AM

ඔබ නායකත්වයෙන් ඉවත් වුණ පසු ජනතා විමුක්ති පෙරමුණ නිවැරදි දිසාවේ ගමන් කළ බව සහ ජනතාව පිළිගත් බව මගේ හැගීම වේ. (බ)

:       0       0

ප්‍රසන්න Tuesday, 19 May 2015 08:24 AM

අසූචි නාගන්නවට වඩා වඩා ඒක හොඳා. (බ)

:       0       0

වාසනා Tuesday, 19 May 2015 08:28 AM

ඔබ තුමා හොඳ වෙන්න පුළුවන් ඒ වුනාට මම කැමති අනුර කුමාර මහත්තයට එයා නිසා තමයි මම ජෙප්පොන්ට මේපාර ඡන්දෙ දෙන්න ඉන්නේ (බ)

:       0       0

ඉන්දිකා Tuesday, 19 May 2015 08:28 AM

සමහර මිනිස්සුන්ට වයසට යනකොට පිස්සු හැදෙන්න පුළුවන් කියන බව තහවුරු කරන්න පුළුවන් එක උදාහරණයක් මේ. (බ)

:       0       0

නීරෝ Tuesday, 19 May 2015 08:29 AM

ජවිපෙ රටට කළ හරිය ඉතිහාසය දත් ජනතාව කිසිදා අමතක නොකරනු ඇත. එමෙන්ම 88-89 කාලයේ ජීවිත අහිමිවූ සාමාජිකයන්ගේ පවුල්වල අයද, එදා එයට වගකිවයුතු අය සමග අද ජවිපෙ සුහදතාවය කිසිදා අනුමත නොකරනු ඇත. (බ)

:       0       0

තුසිත Tuesday, 19 May 2015 08:39 AM

අනුර දිසානායක කියන්නේ පක්ෂයට හොද නායකයෙක්. ඒගැන විවාදයක් නෑ. (ර)

:       0       0

සම්පත් Tuesday, 19 May 2015 06:13 PM

අනේ අපිට ඕවා කියන්න එපා (නි)

:       0       0

ටෙනිසන් Tuesday, 19 May 2015 08:43 AM

තවත් ත්‍රී රෝද පක්ෂයක්. ඔය වගේ අධි තක්සේරුවෙන් පක්ෂ කීයක් නම් ඇවිත් ගියාද.අද වන විට එම නායකයෝ ඉන්නවද මළාද කියලවත් කිසි කෙනෙක් දන්නේ නැහැ. මෙයත් එතනට තමයි ගාටන්නේ (බ)

:       0       0

හිතෛෂි Tuesday, 19 May 2015 08:55 AM

සෝමවංස වයසට වඩා නොදන්නා මිනිසකු බව අපි දනිමු (බ)

:       0       0

ඉඳුනිල් Tuesday, 19 May 2015 08:18 PM

අන්තිමේදී ඔයත් වෙනස්වුණා එහෙනම්... (නි)

:       0       0

ප්‍රකාශ් Tuesday, 19 May 2015 09:24 AM

සෝමවංශ කියන්නේ ජේ වී පි කියන මිනීමරු මංකොල්ලකාරින්ගේ නායකයෙක් 88-89 කාලයේදී ජීවිතේ ගලවා ගත්තේ කොහොමද කියන එකත් ප්‍රශ්නයක්.හැබැයි මොහුගේ මස්සිනා තමයි සිරිසේන කුරේ.එහෙව් එකේ මෙයාල කරන කුමන්ත්‍රණ ගැන ජනතාව හොඳින් අවබෝධ කරගත යුතුව ඇත. (බ)

:       0       0

කරු පෙරේරා Tuesday, 19 May 2015 09:27 AM

1971 කැරැල්ල සමයේදී ගරු සිරිමාවෝ මැතිනිය පැහැරගෙන ගොස් මරන්න හදපු හැටි මතක් කර ගත්තොත් හොඳ නේද සහෝදරයා.(බ)

:       0       0

විජයබාහු Tuesday, 19 May 2015 09:28 AM

මෙයා මේ හැලෙන ඡන්ද එකතු කරන්න යනවා (බ)

:       0       0

අන්වාර් Tuesday, 19 May 2015 09:37 AM

ඉන්දික කියනවා වගේ සමහර මිනිස්සුන්ට වයසට යනකොට පිස්සු හැදෙන්න පුළුවන් කියන බව තහවුරු කරන්න පුළුවන් එක උදාහරණයක් මේ. (හේ)

:       0       0

හේමන්ත Tuesday, 19 May 2015 12:06 PM

ලජ්ජා නැතිකම මහමුදලිකමට වැඩිය ලොකුයි කියනවලුනේ. (හේ)

:       0       0

සමන්ති Tuesday, 19 May 2015 01:38 PM

දැන් වයසයි. ඒ නිසා කියන දේවල් ගණන් ගන්න බෑ.(හේ)

:       0       0

මොහාන් Wednesday, 20 May 2015 05:17 PM

අනේ අපි නොදන්නවායැ? (නි)

:       0       0

රිතික් රෝහිත් Tuesday, 19 May 2015 02:10 PM

බලනකොට කතාව ඇත්ත තමයි. (නි)

:       0       0

රිතික් රෝහිත් Wednesday, 20 May 2015 05:21 PM

සෝමවංශගේ මොන කතාවක්වත් ඇත්ත බව මම නොකියමි. (නි)

:       0       0

සියාතු Tuesday, 19 May 2015 02:54 PM

මමත් වයසක මනුස්සයෙක් තමයි. ඒත් ඉතින් මෙහෙම අය නම් ඉහ නිකට පැහුණු අපිටත් ලැජ්ජාවක්. (නි)

:       0       0

දර්ශන Tuesday, 19 May 2015 03:00 PM

කක්කුට්ටන්,කුරුට්ටන් හා තවත් සමහරු අතර දැන් වෙනසක් ඇත්තේ නැත.ධනපතියාගේ බෙල්ලේ සීනුව එල්ලන්න කිසිවෙකුට අයිතියක් නැහැ.අලියාද,අතද,පුටුවද කියා ධනපති පංතියේ වෙනසක් නොදකින අය ජවිපෙන් යන එක ඉතාම හොඳයි. ජවිපෙට නියත ජය.....! (නි)

:       0       0

නිමල් හෙට්ටිආරච්චි - ලන්ඩන් Tuesday, 19 May 2015 03:04 PM

ජවිපෙ නොනැවතී ඉදිරියට! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site