ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග යෝජනාව විවාදයට ගැනීම සම්බන්ධයෙන් යළි සාකච්ඡා කිරීමට පක්‍ෂ නායකයන්ගේ හදිසි රැස්වීමක් කැඳවන්නැයි විපක්‍ෂ නායකයෝ කතානායක චමල් රාජපක්‍ෂ මහතාගෙන් ලිඛිතව ඉල්ලති.
විපක්‍ෂනායක රනිල් වික‍්‍රමසිංහ, විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ මන්ත‍්‍රීවරුන් වන අනුර කුමාර දිසානායක, විජිත හේරත් සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත‍්‍රී මාවෙයි සේනාධිරාජා යන මහතවරු ඊට අත්සන් කළහ.
දෝෂාභියෝගය විවාදය බ‍්‍රහස්පතින්දාත් සිකුරාදාත් පැවැත්වීමට පක්‍ෂ නායක රැුස්වීමේදී ගත් තීරණයට විපක්‍ෂය විරෝධය පළ කරයි.
‘‘ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අර්ථනිරූපණය කිරීමේ තනි සහ අනන්‍ය බලය ශ්‍රේෂ්ඨාධිකරණයට හිමිවී ඇතැයිද ඊට කිසිදු බාධාවක් නොකළ යුතුයැයිද ඔවුන්ගේ තීන්දු සහ අර්ථනිරූපණ මහත් ගෞරවයෙන් සැලකිය යුතුයැයිද ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ නිරූපණය බලපැවැත්විය යුතුයැයිද ව්‍යවස්ථාව අනුව අර්ථ නිරූපණය කිරීමේ ඒකායන බලය ශ්‍රේෂ්ඨාධිකරණයට හිමි වී ඇති නිසා මේ සම්බන්ධයෙන් කිසිදු නියෝගයක් නොකරන බවට කථානායක පසුගිය ඔක්තෝම්බර් 9වනදා තීන්දුවක් ප‍්‍රකාශ කළ බවද මේ අනුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 107 (03) වගන්තිය යටතේ ඉහළ උසාවිවල විනිශ්චයකාරවරයන් ඉවත් කිරීමේ කටයුතු ස්වාධීන පුද්ගලයින්ගෙන් සමන්විත කමිටුවකින් මිස වෙනත් ක‍්‍රමයකින් නොකළ යුතුයැයිද විපක්‍ෂ ලිපියේ දැක්වේ.
එය නොතකා කටයුතු කළහොත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් මෙන්ම නීතියේ ආධිපත්‍යය බිඳවැටීමක් ද සිදුවෙතියිද එහි දැක්වේ.
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
විපක්ෂය හදිසි රැස්වීමක් ඉල්ලයි.
පනාගොඩ Wednesday, 09 January 2013 04:40 AM
රට වෙනුවෙන් මෙතරම් කැක්කුමක් ඇති විපක්ෂයක් ඇති අපි කොතරම් වාසනාවන්තයෝද? (නි)
රත්න Wednesday, 09 January 2013 06:56 AM
මොන දේ කරන්නත් ඉන්නෙ 53 යිනේ.
නිමල් Wednesday, 09 January 2013 08:24 AM
රනිල් මහත්තයාගේ ඒ ඉල්ලීම ඉතා වැදගත් (දී)
කෝලිත Tuesday, 08 January 2013 08:03 PM
තිබුණ රැස්වීමෙදි නැගිටලා ගිහිල්ලා දැං කෑ ගහනවා..!(නු)
ප්‍රදීප් Tuesday, 08 January 2013 08:32 PM
තේරුමක් නැහැ මහත්තයෝ (දී)
ශාන් Wednesday, 09 January 2013 10:14 AM
ඇමරිකාවට පොඩ්ඩක් දැනුම් දුන්නා නම් නේද හොද? (නි)
අජිත් Tuesday, 08 January 2013 08:58 PM
ඉතින් දෙන්න වෙයිද? (නි)
පිටිගල Tuesday, 08 January 2013 10:32 PM
කොහොමත් විපක්ෂය රැස්වෙන්නේ රටට වැඩදායක දෙයක් කරන්නම තමයි. (නි)
තිස්ස Wednesday, 09 January 2013 01:11 AM
ඔබ තුමාගේ ඒ ඉල්ලීමට මම අනුමත කරනවා (දී)