IMG-LOGO

විපක්‍ෂයෙ කපුකමක්

2016-05-31-ent-78උතුරෙ මහ ඇමැතියි එයාගෙ පක්‍ෂයෙ නායකයා වන විපක්‍ෂ නායක තැනයි ප්‍රසිද්ධ සභාවේ එකට හිටියට හිත ඇතුළෙ ලොකු විරසකයක් තියනවලු.. විපක්‍ෂයෙ දෙවැනි පට්ටම අලුතින් පත්වෙච්ච නීතිඥ සයිස් මන්තිරි කෙනකුට පවරන්න ට්‍රයිකරන බවට මහ ඇමැතිගෙ තියෙන සැකය මේ විරසකේට හේතුව කියලත් කියනවා.


මේ ආරවුල නිසා දෙපැන්තෙම කස්ටිය තනි තනියම ලකුණු දාගන්න කරන ප්‍රකාශ නිසා පක්‍ෂය අවුලෙන් අවුලට යන හින්ද මේ ආරවුල සමථයකට පත්කරන්න ළඟ පාත ලොකු රටක තානාපති මට්ටමේ මහත්තයකුත් මැදිහත් වෙලාලු.


උන්නැහේ මුලින්ම රටේ විපක්‍ෂනායක තැන එක්ක කතා කරලා එකඟතා ගණනාවක් ඇතිකරගත්ත. ඊළඟට මහ ඇමැති තැන මුණගැසුණු මහ ඇමැති තැන එක්ක එයා සාම සාකච්ඡාවක් කරන්න හදන කොටම මහ ඇමැතිතැන පුපුරන්න ගත්තලු.


මම කොහොමද එයාල එක්ක වැඩ කරන්නෙ. ඔය පක්‍ෂ නායකය ලොකු කරන් ඉන්න මනුස්සය නීති අංසෙදි මගේ ගෝලයෙක්.. ශිෂ්‍යයෙක් ඉතින් එයාට ඔලුව නමන්නද මට කියන්නෙ... ඒ නිස ඔය සාම කතාවලින් මට වැඩක් නැහැ"කියලා ලොකු සද්දයකින් කතාව කෙළවර කළා. ඒ එක්කම කපුකමට ගිය තානාපති අංස ලොක්කත් සද්ද නොකර ආපසු ගියාලු.

 

DESHAYA



අදහස් (0)

විපක්‍ෂයෙ කපුකමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 144 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 432 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site