
සමන් පාලිත නානායක්කාර
ගිරාඳුරුකෝට්ටේ දී සහ මහියංගනයේදී මියගිය වන අලි දෙදෙනෙකුගේ සිරුරු හමුවූ බව පොලීසිය පැවසීය.
ගිරාදුරුකෝට්ටේ රත්කිඳ කුඩාවිල හේනකට ඇද තිබූ විදුලි රැහැනක පැටලී විදුලිසැර වැදී එක් වන අලියකු ජීවිතක්ෂයට පත් වී ඇති අතර ඒ සම්බන්ධව සැකපිට පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති බවද ගිරාඳුරු කෝට්ටේ පොලිසිය පැවසීය.
එම වන අලියා අවුරුදු 15ක පමණ වයසැති වන වන අලියකු බවද පොලිසිය පැවසීය. මහියංගන දම්බරාව වැව්රක්ෂිතයේ දී අවුරුදු විස්සක් පමණ වයස විය හැකි වන අලියකු මියගොස් ඇති බව මහියංගණය පොලිසිය පැවසීය.
මෙම වන අලියා මිය යෑම සම්බන්ධ නිශ්චිත කරුණු මෙතෙක් අනාවරණය නොවන බව මහියංගන වනජීවී කාර්යාලය සඳහන් කළේය.
මහියංගන පොලිසිය හා ගිරාදුරුකෝට්ටේ පොලිසිය සහ වනජීවී අංශ සමග එක්ව මෙම වන අලි දෙදෙනාගේ මරණ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලින් ජීවත් වන කැලෑ බද ප්රදේශවලට බලෙන් ගිහිල්ලා උන්ගේ ආහාරපාන තිබෙන භූමිය විනාශ කරලා ගෙවල් හදාගෙන ඉන්නවා මදිවට, උන්ට අයිති නිජබිම්වල උන්ව මරන්න උගුල් අදිනවා. මේවා මහ පව්කාර වැඩ. උන්ට උන්ගේ පාඩුවේ ඉන්න දෙන්න. කැලෑව අයිති සත්තුන්ටයි. එම ප්රදේශ ආක්රමණය නොකර අපි අපේ පාඩුවේ අපට හිමි ප්රදේශවල ඉමු. දෙගොල්ලන්ටම හොඳයි.