IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


වන අලි නගරයට පැමිණීමෙන් දඹුල්ල-සීගීරිය ප්‍රශ්න රැසක්

(රවින්ද්‍ර විරාජ් අබයසිරි)

වන අලි ගැටලුව හේතුවෙන් දඹුල්ල හා සීගිරිය සංචාරක ප්‍රදේශ වෙත පැමිණෙන  දෙස් විදෙස් සංචාරකයින්ගේ ආරක්ෂාවට ද තර්ජනයක් වී ඇතැයි දඹුල්ල ප්‍රාදේශීය ලේකම් පියල් ජයසූරිය මහතා පවසයි. 

ජයසූරිය මහතා එසේ ප්‍රකාශ කරනු ලැබුවේ මාතලේ දිසාපති තේජානි තිලකරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවති දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව හමුවේය.

වාසගමුව ජාතික වන උද්‍යානය තුලා හා ඒ අවට සැරිසරන වන අලින්ගේ පැමිණීම වැළැක්වීම සඳහා යොදා ඇති අලි වැට නිසි පරිදි නඩත්තු නොකිරීමෙන් සීගිරිය හා දඹුල්ල ප්‍රදේශයන් වෙත වන අලි පැමිණීමෙන් ප්‍රදේශයේ බව බෝග වගාවන් විශාල ලෙස හානි කරනු ලබන අතර එම ප්‍රදේශයන්හි සංචාරක හෝටල් වෙතද වන අලි පැමිණීමෙන් ගැටලු රැසක් උද්ගතවී තිබේ.

මෙම හේතුවෙන් දඹුල්ල සීගිරිය ප්‍රදේශයේ ගොවි ජනතාව විශාල වශයෙන් පීඩාවට පත්ව ඇති බවත් සංචාරක කර්මාන්තයට ද විශාල ලෙස වන අලි ගැටළුව බලපා ඇති බව සඳහන් කළේය.

වනජීවි දෙපාර්තමේන්තුව මගින් ලබා දෙන අලි වෙඩි ප්‍රමාණවත් නොවන බවත් අලින් වනයට පලවා හැරීම සඳහා අලි මෙහෙයුම් සිදු නොකිරීම හා විදුලි වැට නිසි පරිදි නඩත්තු නොකිරීමෙන් මෙම ගැටලු උද්ගත වී ඇති බවත් ප්‍රදේශයේ සංචාරක හෝටල් වෙතද අලි පැමිණීමෙන් විදේශීය සංචාරකයින්ට ද මීට පෙර අනතුරු සිදුකර ඇති බවයි.

මෙහිදී අදහස් දැක්වූ වන ජීවි දෙපාර්තමේන්තුව සඳහන් කළේ අලි වැට නඩත්තු කිරීම සඳහා යොදවා සිටි සිවිල් ආරක්ෂක  බලකා නිලධාරීන් ඉන් ඉවත්වීම හා ඒ සඳහා යොදවා සිටි බහු කාර්ය සංවර්ධනය නිලධාරීන් සේවය අත්හැර යාම හේතුවෙන් අලි වැට නඩත්තු කිරීමේ ගැටලු සහගත තත්ත්වයක් ඇති බවත් මේ පිළිබඳව වනජීවී අධ්‍යක්ෂක ජනරාල්තුමා සමග සාකච්ඡා කර විසඳුමක් ලබාගත යුතු බවයි.

 



අදහස් (0)

වන අලි නගරයට පැමිණීමෙන් දඹුල්ල-සීගීරිය ප්‍රශ්න රැසක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site