කි‍්‍රකට් විනිසුරුවරුන් විසින් මුදලට තරග පාවාදීමට සූදානම් වීම සම්බන්ධයෙන් ඉන්දීය රූපවාහිනී සේවයක් මගින් චෝදනා එල්ල කරන ලද විනිසුරුවරුන්ට එරෙහිව පරීක්‍ෂණයක් කිරීමට අන්තර්ජාතික කි‍්‍රකට් සභාව සූදානම් වෙයි. ඉන්දීය රූපවාහිනී සේවයක් මගින් විසුරුවා හරින ලද වීඩියෝ පටයකින් දැක්වුණේ ශී‍්‍ර ලංකාවේ විනිසුරුවරුන් තිදෙනකුද, පාකිස්තානයේ සහ බංග්ලාදේශයේ කි‍්‍රකට් විනිසුරුවරුන්ද බුකිකරුවන්ගේ මුදල් සැපයීම් මත තොරතුරු සැපයීමට සාකච්ඡා කළ ආකාරයයි. රොයිටර් පුවත් සේවයේ නියෝජිතයන්ද මෙම වීඩියෝ පටය නරඹා ඇත. අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ විනිසුරු මඬුල්ලට ඇතුළත් විනිසුරුවරුන් වන පාකිස්තානයේ නඞීම් ගෞරී, බංග්ලාදේශයේ නදීර් ෂා මෙන්ම ශී‍්‍ර ලංකාවේ සාගර ගාල්ලගේ යන විනිසුරුවරු කොන්ත‍්‍රාත්තු සහ මුදල් වෙනුවෙන් පක්‍ෂග‍්‍රාහී තීරණ දීමට එක`ග වූ බව අදාළ වීඩියෝ පටයේ දැක්වෙන බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. -ඉන්දීය රූපවාහිනී සේවය මගින් ඉදිරිපත් කරන ලද චෝදනා සම්බන්ධයෙන් අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ උසස් නිලධාරීන්ට මෙන්ම අදාළ සාමාජික රටවල නිලධාරීන්ටත් දන්වා යවා තිබෙන අතරම මෙම පරීක්‍ෂණ සම්බන්ධයෙන් උපකාරී විය හැකි හඬ පට සහ වීඩියෝ පට බාර දෙන ලෙසත් ඉල්ලීමක් කර තිබේ” යයි අන්තර්ජාතික කි‍්‍රකට් සභාව විසින් නිවේදනය කර තිබේ. -කී‍්‍රඩකයන් වුවත්, නිලධාරීන් වුවත් දූෂණ සම්බන්ධයෙන් අන්තර්ජාතික කි‍්‍රකට් සභාව කිසිදු බුරුළක් නොදක්වයි” යයිද එම නිවේදනයේ සටහන් වේ. කෙසේ වෙතත් අදාළ චෝදනාවන්ට සම්බන්ධ විනිසුරුවරුන් කිසිවකු පසුගිය ඉරිදා නිමාවූ විස්සයි - 20 ලෝක කුසලාන තරගාවලියේ විනිශ්චය කටයුතු සඳහා සහභාගි නොවූ බවද අන්තර්ජාතික කි‍්‍රකට් සභා නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. ඉන්දීය රූපවාහිනී සේවයක් මගින් මෙම ව්‍යාජ මෙහෙයුම කර ඇත්තේ පසුගිය අගෝස්තු මාසයේදීය. එම මෙහෙයුමට සම්බන්ධවූ වාර්තාකරුවන් පවසා ඇත්තේ තමන් කී‍්‍රඩා තරග සංවිධානය කිරීමේ ආයතනයක නියෝජිතයන් බවත්, ලෝකයේ විවිධ ස්ථාන වල කි‍්‍රකට් තරග විනිශ්චය කිරීමේ අවස්ථා ලබාදිය හැකි බවත්ය. කෙසේ වෙතත් මෙම චෝදනාවන්ට ලක්ව සිටින විනිසුරුවරු සියලූ දෙනාම තමන්ට එරෙහිව එල්ල වී ඇති සියලූම චෝදනා දැඩි ලෙස ප‍්‍රතික්ෂේප කරති.
2025 දෙසැම්බර් මස 04
804
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
590
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
විනිසුරුවන් මුදලට තරග පාවාදීමට සූදානම් වීම ගැන අන්තර්ජාතික කි‍්‍රකට් සභාව පරීක්‍ෂණයකට සැරසෙයි
රසික Wednesday, 10 October 2012 12:31 PM
ඉන්දියාවේ අය කොහොමත් හදන්නේ අපිව පහළට දාන්නනේ (ස)
සුභාෂිණි Wednesday, 10 October 2012 12:46 PM
මේක හරියටම මේ රටවල් තුනේම වුන එක හරිම පුදුමයි (නි)
වරුණ Wednesday, 10 October 2012 01:11 PM
ඔන්න ඉන්දියන් කුමන්ත්‍රණ (ස)
ලලිත් Wednesday, 10 October 2012 01:34 PM
මේක මුළුමනින්ම ඉන්දියන් කුමන්ත්‍රණයක්. ලෝක කුසලානේ අහිමිඋන එක දරාගන්න බැරුව ලංකාව පහතට දමන්න කරන වැඩ වියහැක. නමුත් මෙය විධිමත් පරීක්ෂණයකින් සොයාබලා මෙවැනි දේ සිදු නොවීමට ක්‍රිකට් මණ්ඩලය වග බලාගත යුතුයි. නැතිනම් අපකීර්තියට පත්වන්නේ අපේ රටයි.(ස)
යොහාන් Wednesday, 10 October 2012 02:28 PM
පුහුණු වීම් තරඟද ? (ස)
වසන්ත Thursday, 11 October 2012 11:01 AM
අනේ අපේ රටට මේ මෙකද වෙන්න යන්නේ . කෝ අපේ රටේ නම ගෙනියන්න ටීම් එකක් , ලංකාවට බුදුසරණයි (ස)
සම්පත් Wednesday, 10 October 2012 04:38 PM
ඉන්දියාවේ අයගේ නම් මුලින්ම තියෙන්න ඕනි (ස)
චන්ද්‍රසිරි Wednesday, 10 October 2012 11:42 AM
ඇත්ත හරි බොරුව හරි ක්‍රීඩාව මුදලට පාවා දෙන්න එපා (ස)