IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


වානර නෑයන් එක් පොතකට

ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන පැරණි ලොව වානරයන් හෙවත් ප්‍රයිමේටාවන් පිළිබඳ නව පර්යේෂණ කෘතියක් ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය විසින් ප්‍රකාශයට පත්කොට තිබේ. මේ ග්‍රන්ථයේ මෙරට ජීවත්වන වඳුරන්, රිලවුන් හා උනහපුළුවන් පිළිබඳ තොරතුරු සහ වර්ණ ඡායාරූප රැසක් අන්තර්ගතය. එම සංගමයේ සභාපති මධුර ද සිල්වා, නදික හපුආරච්චි සහ රොහාන් පෙතියගොඩ යන තිදෙනාගේ කර්තෘත්වයෙන් ප්‍රකාශයට පත්කොට ඇති මේ ග්‍රන්ථය මෙරට ප්‍රයිමේටාවන් සම්බන්ධයෙන් පමණක් ලියැවුණු එකම ග්‍රන්ථය ද වෙයි.  ශ්‍රී ලංකන් ප්‍රයිමේට්ස් යනුවෙන නම්කොට ඇති මෙම ග්‍රන්ථයෙන් මෙරට වානර විශේෂ, ඔවුන්ගේ ආහාර පුරුදු හා පාරිසරික තත්ත්වයන් මෙන්ම මිනිසා සමග ඇති නොනවතින අරගලය සම්බන්ධයෙන් ද කරුණු රැසක් ඉදිරිපත් කැර ඇත. ශ්‍රී ලංකාවේ පැරණි ලොව වානරයන් හෙවත් ප්‍රයිමේටාවන් අතර කළු වඳුරන් උප විශේෂ හතරක්, උනහපුළුවන් උප විශේෂ තුනක් සහ එක් විශේෂයක් , රිලවුන් උප විශේෂ තුනක් සහ එක් අළු වඳුරන් විශේෂයක් දැකිය හැකි වේ. මෙම වානර විශේෂ අතරින් දකුණු ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ වාර්තාවන අළු වදුරන් විශේෂය හැරුණු විට අනෙක් සියළුම විශේෂ මෙරටට ආවේණික වේ. ඒ අතිරින් බස්නාහිර පළාතේ දැකිය හැකි බස්නාහිර පළාත් කළු වඳුරා ලෝකයේ වේගයෙන්ම වඳවී යන සත්ත්ව විශේෂ 25 ට ඇතුලත්ව තිබේ. තම හැසිරීමෙන් හා පුරුදු වලින් මිනිස් වර්ගයාට ඉතාමත් සමීප මෙම් සතුන් රැක ගැනීම පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමට මෙම ග්‍රන්ථය මහෝපකාරීවනු ඇතැයි ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය පවසයි.    



අදහස් (15)

වානර නෑයන් එක් පොතකට

සජී Thursday, 06 September 2012 08:59 AM

අමිල මගේ ෆොටෝ එක කිව්වේ පළමු වැනි ෆොටෝ එකටද? (නි)

:       0       0

චතුල වෙරෝනා Thursday, 06 September 2012 02:14 PM

මේකට ඈමතිවරුන් කිහිප දෙනෙකුත් එකතු වෙයි. බලන්නකෝ නැද්ද කියලා. (නි)

:       0       0

ආනන්ද පිටබැද්දර Thursday, 06 September 2012 09:24 AM

ඒක ජාතියක් ඒකට ඉන්න ඒක ලොකු ශක්තියක්...(නු)

:       0       0

වසන්ත Thursday, 06 September 2012 10:47 AM

අමිල ඔයා ඔයාගේ ගෑනු ළමයා එක්ක ඉන්න ෆොටෝ එක ගොඩක් ලස්සනයි..(ස)

:       0       0

සරත් Thursday, 06 September 2012 05:10 PM

කොහොමද අපේ කට්ටිය (නි)

:       0       0

රන්දික Thursday, 06 September 2012 12:18 AM

දැන්වත් අපි අපේ පරම්පරාව රැක ගනිමු

:       0       0

චන්ද්‍රසිරි Friday, 07 September 2012 01:52 PM

නම් ලිස්ට් එකේ උඩින්ම මගේ නමත් දාගන්න..(ස)

:       0       0

සමන් Thursday, 06 September 2012 05:39 PM

රොහාන්, අනුර, නදීකා, මගෙන් උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

සිල්වා Thursday, 06 September 2012 03:11 AM

වන සංරක්ෂණය ඉබේටම සිදු වෙනවානම් මේ අය ඉබේම සංරකෂණය වෙයි..(ස)

:       0       0

කාල්ස් Tuesday, 09 October 2012 09:54 AM

මේ වැඩේට අත ගහලා තියන්නේ ගොඩක් පහුවෙලා එත් අන්තිමේදී වැඩේ කෙරිලානේ එක හොඳටම ඇති............සුබපැතුම් "මදුර -රොහාන් -නදීක (ස)

:       0       0

වරුණ Thursday, 06 September 2012 07:37 AM

මේගොල්ලොත් මිනිස්සුන්ට කරදරයක් වේගන එන්නේ. දැක්කනේ අර පොඩි ළමයව ඇදගෙන යන්න හදපු හැටි. (ස)

:       0       0

චම්පික Thursday, 06 September 2012 01:08 PM

මේවා හොඳ වැඩ .අපි දැනුවත් විය යුතුයි..(ස)

:       0       0

අමිල කටුනායක Thursday, 06 September 2012 07:53 AM

මගේ ෆොටෝ එක ලස්සනද (ස)

:       0       0

ගයා Thursday, 06 September 2012 08:47 AM

අයියෝ! මේ දවස් වල මේ වගේ අය මැතිවරණ වේදිකාවල ඕනෑ තරම් දකින්න පුලුවන්. (නි)

:       0       0

ඩී.ජී. චම්පික ලක්ෂ්මන් Tuesday, 02 November 2021 10:30 AM

ප්‍රිමාටාවන් සම්බන්ධයෙන් ලියවුණු එකම පොත මේක වෙන්න බැහැ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චාමලී නහල්ලගේ මැඩම් ප්‍රිමාටා ලෝකය කියල පොතක් ලියල තියනවා 2014

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site