
(යොහාන් භාසුර)
විදුලිබල මණ්ඩලයේ සේවකයන් ක්‍රියාත්මක කරන වෘත්තිය ක්‍රියාමාර්ගයට ආණ්ඩුව ධනාත්මක ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම් මෙම මස 21 වැනිදායින් පසුව වැඩවර්ජනයකට යන බව ලංකා විදුලිබල මණ්ඩලයේ නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රභාත් ප්‍රියන්ත මහතා අද (15) පැවසීය.
විදුලිබල මණ්ඩලයේ සේවකයන් මෙම මස 4 වැනිදා සිට ක්‍රියාත්මක කරන අකුරට වැඩකිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් පැහැදිළි කරමින් ප්‍රභාත් ප්‍රියන්ත මහතා අද (15) එසේ පැවසීය.
විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන්ගේ සිට සියලුම නිලධාරීන් හෙට (16) සිට බාහිර රාජකාරිවලින් ඉවත් වන බවත් අනිද්දා (17) සහ 18 වැනිදා විදුලිබල මණ්ඩලයේ 21,800 කට ආසන්න සමස්ත සේවකයන් දින දෙක ලෙඩ නිවාඩු වාර්තා කරන බවත් ඒ මහතා කීය.
එම දින දෙක තුළ කොළඹ විදුලිබල මණඩල ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අති දැවැන්ත උද්ඝෝසණයක් පවත්වන බවත් විදුලිබල මණ්ඩලයේ සේවකයන්ගේ මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය සැහැල්ලුවට ගන්න එපා යැයි ආණ්ඩුවට කියන බවත් ඔහු සඳහන් කළේය.
ආණ්ඩුව උද්ධච්ඡ මානසිකත්වයෙන් කටයුතු කර මෙරට හැත්තෑදෙලක්‍ෂයක විදුලි පාරිභෝගිකයන් අපහසුතාවට පත්නොකර මෙම අවස්ථාවේදී ගැටලුව විසදාගැනීමට කටයුතු කරන්නැයි පවසන බව ද ප්‍රභාත් ප්‍රියන්ත මහතා වැඩි දුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 04
805
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
විදුලි සේවකයන් වර්ජනයකට සැරසෙයි
Lalla Monday, 15 September 2025 09:17 PM
මහජන සහාය රාජ්‍ය හෝ සංස්ථා මණ්ඩල සේවකයන්ට නෑ. ඒ සත්‍ය තේරුම්ගන්න ඕන. අනික ජන පීඩක වර්ජන මහජනතාව පීඩාවට පත්කරන දේවල්. ලංවිම සිපෙට්කෝ ජල සම්පාදන ජනතාව පීඩාවට පත්කරන ආයතන බව සේවකයන් වටහාගත යුතුව තිබුන. තම බලය රැක ගැනීමට වර්ජනය කිරීම තුච්ඡ ක්‍රියා මාර්ගයක්.
de silva Tuesday, 16 September 2025 06:49 AM
විදුලි සේවකයන්ගේ සහ ඉංජිනේරු, අධ්‍යක්ෂක මණඩල වල හොරකම් දූෂණ නිසා, මණ්ඩලේ පාඩු වෙලා, එම පාඩුව පාරිභෝගික අපට කර ගහන්න වෙලා, අද ආසියාවේ විදුලි බිල වැඩිම රටවල් අතරට ලංකාව වැටිලා, හරි නම් මේවා වහාම පුද්ගලික කරණය කරන්න ඕනේ, මේක හොඳ අවස්ථාවක් වර්ජකයන් සේවය අතහැර ගිය සේ සලකලා වන්දි නැතිවම එළියට දමන්න... දූෂණ, වංචා අතිරික්ත සේවකයන් නැතිකොට එම වාසිය පාරිභෝගිකයාට ලබාදී අපේ ජීවන බර අඩු කරන්න...
Rata Perata Tuesday, 16 September 2025 11:19 AM
ඔක්කොම එලවන්න. වැඩ කරන්න පුළුවන් මිනිස්සු ඕන තරම් ඉන්නවා.
ඇන්ඩ්රු-තැම්බුත්තේvillageTuesday, 16 September 2025 11:39 AM
රට පෙරට කියන්නෙ බෝක්කු උඩට වෙලා කසිප්පු කෙල කෙල ඉන්න ජෙපි නිකම්මු ගැනද.
P.D Goonawardene Tuesday, 16 September 2025 01:23 PM
උලුක්කු තියාගන්න එපා....ඔක්කොම එලවන්න....
පිටරැටියා Tuesday, 16 September 2025 03:39 PM
විදුලි බල මණ්ඩලයේ සේවකයෝ වර්ජනය කරන එක පුරුද්දක් වෙලා? රටකට හරි යාවිද? මේ වගේ හැම දේකටම උද්ගෝෂණ වර්ජන කරන රටක් ලොවෙත් නැතුව ඇති