IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


වෛද්‍ය සභාවේ අභියාචනය සලකා බැලීම 31 දාට කල්යයි

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

 

මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් ( සයිටම් ) උපාධිය ලබා පිටවන සිසුන්ට වෛද්‍ය වෘත්තිකයින් ලෙසට ලියාපදිංචි වීමට නීතිමය අයිතියක් ඇති බවට තීන්දු කරමින් දෙන ලද අභියාචනාධිකරණ තීන්දුව අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ගොනු කළ අභියාචන පෙත්සම සලකා බැලීම ලබන 31 වැනිදා තෙක් කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (09) තීන්දු කළේය.

 

මෙම අභියාචනය වෙනත් දිනයක කැඳවන්නැයි ඉල්ලා නීතිපතිවරයා මෝසමක් මාර්ගයෙන් අධිකරණයෙන් ඉල්ලා සිටි අතර එම ඉල්ලීම සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම සලකා බැලීම මැයි 31 වැනිදාට කල් තබන ලදී.

මෙම අභියාචනය බුවනෙක අළුවිහාරේ ,ප‍්‍රියන්ත ජයවර්ධන ,අනිල් ගුණරත්න යන මහත්වරුන්ගෙන් යුත් ත‍්‍රිපුද්ලගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවිණි.

අදාළ අභියාචනාධිකරණ නඩු තීන්දුව බල රහිත කරන නියෝගයක් නිකුත් කරන්නැයිද මෙම අභියාචනය මඟින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඉල්ලා ඇත.

මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය,උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ,එම අමාත්‍යාංශ ලේකම් ,අභියාචනාධිකරණ පෙත්සම්කාර සිසුවිය වන මල්ෂානි දිලූම් කසුන්දා සූරිය ආරච්චි ඇතුළු පුද්ලගලයින් හයදෙනෙකු වගඋත්තරකරුවන් වශයෙන් නම් කරනු ලැබ සිටිති.



අදහස් (2)

වෛද්‍ය සභාවේ අභියාචනය සලකා බැලීම 31 දාට කල්යයි

samira Tuesday, 09 May 2017 05:30 PM

දැන් එ්කත් කල් දමනවද කවද්ද ප්‍රශ්න වලට විසඳුම් දෙන්නේ...?

:       0       0

de silva berlin Wednesday, 10 May 2017 07:35 AM

පුද්ගලික වෛද්‍ය විද්‍යාල එපා නම්,... පුද්ගලික රෝහල් වෛද්‍ය සායනත් එපා... දැනට පුද්ගලිකව ප්‍රතිකාර කරන දොස්තරලා නිසිලෙස අාදායම් බදු ගෙවනවා නම්,... රජයට තව වැඩිපුර වෛද්‍ය සිසුන් රජයේ වෛද්‍ය විද්‍යාලවලට බඳවාගත හැක..

:       42       6

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31357 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13573 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 124 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 971 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site