IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


වෛද්‍ය සංගමය සයිටම් තීන්දුව අගය කරයි

රංජන් කස්තුරි

සයිටම් ආයතනය අහෝසි කිරීමට රජය ගෙන ඇති තීන්දුව බෙහෙවින් අගය කළ යුතු නමුත් නම පමණක් වෙනස් නොකර සැබෑ ප්‍රමිතිගත ආයතනයක් අලුතින් පිහිටවිය යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි.

නෙවිල් ප්‍රනාන්දු මහතා සහ එම පවුලට තිබූ හිමිකාරිත්වය අහෝසි කිරීමට ගෙන ඇති තීරණය ප්‍රශංසනීය වන අතර වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය ඇතුළත් ලියවිල්ල නීතිගත කිරීම වැදගත් බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කීවේය.

නව ආයතනයෙන් රාජ්‍ය ව්‍යූහයට යමක් විය යුතු අතර ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය බව ද ඔහු කීය.

රාජ්‍ය යෝජනාවල අපහැදිලි  තැන් නිරාකරණය කර ගැනීම සඳහා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් පවත්වන බවද හෙතෙම කීය.



අදහස් (22)

වෛද්‍ය සංගමය සයිටම් තීන්දුව අගය කරයි

Jayatissa Monday, 30 October 2017 10:32 AM

දැන් ඉතින් සංගමයට අලුත් ප්‍රශ්නයක් හොයාගන්න වෙනවා වර්ජන කරන්න.

:       5344       4710

nandaMonday, 30 October 2017 01:04 PM

ඇයි දැන් පෞද්ගලික උපදේශන සේවාව (චැනල් ප්‍රැක්ටිස්) තහනම් කරන්න කියලා වර්ජනය කරන්න පුලුවන්නේ....

:       4801       4120

Upali Monday, 30 October 2017 10:43 AM

අම්මෝ ඇති යාන්තම් දැන් ඉතින් ඒ කරදරෙත් ඉවරවෙලා අපේ විශ්ව විද්‍යාලවල ඉගෙන ගන්න වෛද්‍ය ශිෂ්‍යයින්ට දේශනවලට යන්න ලැබේවා !!!

:       530       832

Ruwan Monday, 30 October 2017 11:05 AM

රජය ප්‍රතිපත්ති මත කරන දේ සඳහා සියලුම දෙනාගේ එකඟතාවය අවශ්‍ය නොවේ. එයටයි පාර්ලිමේන්තුවේ පවා විපක්ෂයක් තියෙන්නේ. එමනිසා මෙම රජය පුද්ගලික අංශය දියුණු කිරීමට ගන්නා උත්සාහයේදී මෙම ආයතන පුද්ගලික කිරීම හෝ අර්ධ පුද්ගලික කිරීම රජය සතු යුතුකමක් වේ. නමුත් පසුව හෝ ඔබලා යමක් හොඳ කියා දෙයක් දැකීම අපි අගය කරමු.

:       4608       6166

naradha Monday, 30 October 2017 11:09 AM

ඔන්න ඔහොමනේ වැඩ කරන්නට ඕනේ. බලාගෙන ගියාම මේ අය ඒ තරම් නරක කට්ටිය නොවේ !!!

:       310       755

සාරාසී Monday, 30 October 2017 03:39 PM

ඒක ඇත්ත.. ඒ අය මේකේ ප්‍රමිතිය සහතික කළා... එයාලාගේ අරගලය ඒකනේ... ඔන්න හොඳ විසඳුම ලැබුණ... දැන් ළමයි ටික පන්ති වලට ගියා නම් හොඳයිනේ... ඒත් දෙමාපියන් සංගමය තමයි වැඩේ..

:       4674       3715

සෙනෙවි Monday, 30 October 2017 11:18 AM

වෛද්‍ය සංගමය විශ්ව විද්‍යාල සිසුන්ගේ අරගලය පාවා දුන්නා

:       1061       5004

tikiriMonday, 30 October 2017 05:28 PM

ආයේ නැහැ මේ ගොල්ලෝ අරගල කරලා තමා මේ රටේ ජනතාවට සේරම දිනා දීල තියෙන්නේ. මේ ඔල්මාද කාරයින්ගේ අරගල වලින් ලංකාවේ විශ්ව විද්‍යාල වල මට්ටම ලෝකයේ අනෙක් විශ්ව විද්‍යාල වලට වඩා දවසින් දවස පහල බහිනවා.ලෝක විශ්ව විද්‍යාල වල රෑන්ක් පිලිබඳ අන්තර් ජාලයේ වෙබ් පිටු බලන මොලයක් තියන ඕනෑම කෙනෙකුට ඒ බව තේරෙනවා. ඒ ටික තේරුම්ගන්න බැරි ජවිපෙට සහ පෙරටුගාමියට කත් අදින මෝඩ විශ්ව විද්‍යාල සිසුන්ට සහ එම පක්ෂ දෙකට කඩේ යන අම්බරුවන්ට පමණයි. අපේ රටේ විශ්ව විද්‍යාල දියුණු කරන්නනම් මේ කුහක දේශපාලන පක්ෂ දෙකේ ජරා ජීර්ණ දේශපාලනය විශ්ව විද්‍යාල තුල සම්පුර්ණයෙන්ම තහනම් කල යුතුමයි .

:       5011       3474

Hafeel Monday, 30 October 2017 11:35 AM

ඒ වුනාට වෛද්‍ය සංගමය, පුද්ගලික බස් සමිතිය ගැන විශ්වාසයක් තියන්න බැහැ. ඔවුන් තවත් මොනව හරි මාතෘකාවක් අල්ලගෙන දුප්පත් රෝගීන්ව, මගීන්ව අපහසුතාවට පත් කරාවි.

:       1       176

Reks Monday, 30 October 2017 11:50 AM

පොඩ්ඩක් හෝව්! කලබල නැතුව හොඳට කියවල බලන්න. මේ විසඳුමත් නෙවිල් ප්‍රනන්දුගේම තමයි.

:       153       4570

ruchi Monday, 30 October 2017 12:28 PM

දැන් ඉතින් නින්දයයි හැමෝටම. මේක උගුලක්.... බලමු මොකද වෙන්නේ කියලා .... ලංකාවට වෙන රටවල් වලින් පුද්ගලික විශ්වවිද්‍යාල වෙනුවෙන් ලැබෙන්න තිබුණු ආයෝජන නැතිවෙනවා.

:       320       503

mad Monday, 30 October 2017 01:01 PM

දැන් අහෝසිය කරගත්තනේ..? තවත් එ්ක කොහොමද ප්‍රමිතිගත වෙන්න ඕනෑ කියලා ඔය සංගමේ උපදෙස් අවශ්‍ය නැත...

:       4591       118

Sampath Monday, 30 October 2017 01:28 PM

පැහැදිලිවම වෛද්‍ය සංගමයට ඉල්ලුව විසදුම ආණ්ඩුව දිලා තිබෙනවා.. මේ විසදුම හරියට ක්‍රියාත්මක කරන්න අනිවාර්යයෙන්ම ඔවුන්ගේ සහය ආණ්ඩුව ගත යුතුයි..

:       12       75

Saman Monday, 30 October 2017 01:34 PM

"කපන්න බැරි අත ඉම්බලු" , "පුදුමයි ඒත් ඇත්තයි..", "පෙරලුනු පැත්ත හොඳයි කිව්වලු.." හැබැයි සයිටම් නම වෙනස් කලාට ජනසතු කලේ නැහැ.. ඉදිරියටත් පුද්ගලික ආයතනයක් ලෙසම තියේවි.

:       1       80

කොන්ඩේකලූ Monday, 30 October 2017 02:03 PM

රජයේ සේවයෙන් විශ්‍රාම ගියාම වැඩ කරන්න තැනක් ඕනෑනේ.

:       0       78

බද්රානි Monday, 30 October 2017 03:12 PM

දොස්තර ලෙඩාට බෙහෙත් දුන්නද? එහෙම නැත්නම්, ලෙඩා, දොස්තරට නියම බෙහෙතක් දුන්නද කියලයි මම මේ කල්පනා කලේ.

:       4557       319

aseTuesday, 31 October 2017 04:29 AM

හාආ නියම බේත නේද දුන්නේ දැන් ඉතින් මොනවා කියන්නද ? පුල්ලි වෙනස් හැබැයි ?

:       0       24

Sathyayaa Monday, 30 October 2017 11:45 PM

අතීසාරෙට අමුඩ ගහලත් ලෙඩේ හොඳ වෙච්ච අවස්ථා තියෙනවා. අන්තිමට යන්න දෙයක් බඩේ ඉතිරිවෙලා නොතිබුන නිසා අමුඩේ අවශ්‍යතාවයත් නැති වුනාලු. මන්ද අමුඩේ පිටින් මිනිය වල දාන්න බැරි නිසා.

:       0       0

Rohana Tuesday, 31 October 2017 12:53 AM

හරි පුදුමයි එත් ඇත්තයි. සයිටම් අරගලය නිමාවට පත් වීමෙන් කි දෙනකුගේ ජොබ් අදායම් මාර්ග නැති වුනාද?

:       0       41

ONE SRILANKAN Tuesday, 31 October 2017 02:39 AM

කව්රු මොනවා කීවත් මෙය මුලාවක්. මහපොළ බාරයේ තිබුන ආයතනයක් හිටි හැටියේ රජයෙන් මුදාහළේ මොකද? සයිටම් නම මාරුකලේ නෙවිල්ගේ සුබ සිද්ධිය උදෙසා ,,,ජාත්‍යන්තරයේ අසාදු ලේඛන ගත වුන සයිටම් වෙන නමකින් එයින් මිදීමට උත්සහ කිරීමක්. නෙවිල්ගේ පවූලේ අයගෙන් නව ආයතනය මුදාහල බව කීවත් නෙවිල්ගේ මිනිබිරිය නෙවිල්ගේ පවූලේ අයකු නොවේද ? මෙපමණ වටේ යන්නේ මොකද සයිටම් අහෝසිකර නව රජයේ විශ්ව විද්‍යාලයකට සුදුසුකම් ඇති සයිටම් දරුවෝ අනුයුක්ත කලානම් එක පැය 24 ප්‍රශ්නය විසදිලා කියන එක. පසුගිය වරක කාලය තුල රජයේ මෙන්ම පුද්ගලික මුදල් මෙම අර්බුදය නිසා කොතරම් නාස්ති වෙලා තියනවද. නව වෛද්‍ය විදුහල් 5-6 හදන්න සල්ලි නාස්ති වෙන්න ඇති. උදාහරණයක් බලන්න ලංකාවේ සියලුම රජයේ වෛද්‍ය විදුහල් සිසුන් සියල්ල දෙමාපියන් සමග නුගේගොඩට අවා. යටත් පිරිසින් එක්කෙනෙක් රුපියල් 1000 වියදම් කලානම් 10000 පමණ සහභාගිත්වය 10000x1000 =1000000(රුපියල් කෝටියක් )පසුගිය වසරකට කෝටි කීයක් විනාස වෙන්න ඇතිද ? බහුතර ජනතාව ගැන හිතන්න. සයිටම් විනාසය නවත්තන්න.

:       67       10

rawana Tuesday, 31 October 2017 05:36 AM

මාර වැඩේ නුගේගොඩට ආපු අය පැටවූ ගහලා 10000 වෙලා ,කොහොමද අන්තරේ බොරු කැද හැලිය .1000-1500 ආවා , ආපු අය ලස්සනට නා ගෙන ගෙදර ගියා.

:       21       39

pali Tuesday, 31 October 2017 03:51 PM

මේ ගැටලුව මුඵ රටටම බරපතළ හිසරදයක් වෙලා තිබුනේ වෛද්‍ය දරුවන්ගේ අනාගතය අඳුරුවීම, රෝගින් ගේ දෙස් දෙවොල්, කිසිවිටක නොකළ හැකි චැනල් වර්ජනයට බලපෑම්, ඔස්සේ වෛද්‍ය ශිෂ්‍ය දෙමව්පිය බිලි පූජා දක්වා සටන ගමන්කළ මෙය ,මේ තත්වයෙන් අවසන් කර ගැනීම ජවිපේ මොනවා කිව්වත් ඉතාම බුද්දිමත්, ජවිපේ සමග මීට වඩා දුරක් මේ සම්බන්ධව යෑම අවශ්ථායෝදිත නොවන බැවින් ළමුන්ට අධ්‍යාපනය කරගැනීමට අවවාද කිරීම යෝග්‍යබව අපෙ හැඟීමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මැතිවරණ රාජකාරිවලට ආ කතක් මරුට
2025 මැයි මස 05 840 0

පේරාදෙණිය පොලිස් වසමේ ගන්නොරුව කනිෂ්ඨ විද්‍යාලයට මැතිවරණ රාජකාරී සඳහා වාර්තා කළ රාජ්‍ය නිලධාරිනියකට හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණ


හෙට ඇරැඹෙන එ.ජා වෙසක් උළෙලේ ප්‍රධාන දෙසුම ජනපතිගෙන්
2025 මැයි මස 05 237 0

වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෝ චි මිං නගරයේදී ආරම්භ වන එ


ඡන්දපොළ ඡායාරූප ගැනීම වීඩියෝ කිරීම තහනම්
2025 මැයි මස 05 93 0

ඡන්ද මධ්‍යස්ථාන ඡායාරූප ගැනීම සහ වීඩියෝ ගතකිරීම මෙන්ම ඒවා සාමාජ මාධ්‍ය ජාලාවල ප්‍රදර්හනය කිරීම තහනම් බවත් දුම්පානය සහ මත්ද්‍රව්‍ය පානය කරමින් ඡන්ද ම


ශ්‍රී ලංකාව එක්දින ක්‍රිකට් රටවල් අතර 4 වැනි තැනට
2025 මැයි මස 05 849 0

ශ්‍රී ලංකාව, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් රටවල් ශ්‍රේණිගත කිරීමේ 4 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේය.


වැලිකඩ බන්ධනාගාරයේ කාණුවක් රිවෝල්වරයක්
2025 මැයි මස 05 644 0

වැලිකඩ බන්ධනාගාරයේ එල්. වාට්ටුව පිටුපස අපජලය බැස යන කාණුවක් අසල පස් ඉවත් කිරීමේදි 0.38 (විශේෂ) වර්ගයේ රිවෝල්වරයක් හමු වූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන


දේශබන්දුට ඇති තර්ජන ගැන CID පරීක්ෂණයක්
2025 මැයි මස 05 223 0

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා විසින් ආරක්ෂාව ඉල්ලා කළ ඉල්ලීම සම්බන්ධයෙන් ඔහුට ඇති තර්ජන පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 721 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 188 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1227 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site