IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


වෛද්‍ය වර්ජනය සවස 4ට අවසන්

(රංජන් කස්තුරි)

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ වැඩ වර්ජනය අද(25) පස්වරු 4ට අවසන් කිරීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.

අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී නීතිය හා සාමය ඇමැති සාගල රත්නායක මහතා සමග පැවැති සාකච්ඡා සාර්ථක වීම නිසා තම වර්ජනය අත්හිටුවන බව ඔහු කීවේය.

ඒ අනුව පසුගිය දා ඇතිවූ සුදුවෑන් සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් සති 2ක් ඇතුළත ඉදිරිපත් කිරීමටත්, එම සිද්ධිය ගැන පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කිරීම හා කනගාටුව ප්‍රකාශ කිරීමටත්, දැනට අත්අඩංගුවේ පසුවන සිසුන් සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර කඩිනමින් ඉටුකොට සාධාරණය ඉටුකිරීමටත්, සාමකාමී උද්ඝෝෂණ හා විරෝධතාවයන්ට බාධා හා හිරිහැර ඇතිවීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගැනීමටත් එම සාකච්ඡාවේ දී එකඟත්වය පළවී ඇතැයි කියති.

 



අදහස් (8)

වෛද්‍ය වර්ජනය සවස 4ට අවසන්

sahan Tuesday, 25 July 2017 10:40 AM

ඔයාල ස්ට්‍රයික් එක දිගටම ගෙනියන්න, රටේ සාමාන්‍ය මිනිස්සු ඔයාලගේ ටයි ගලවල ගහන දවස වැඩි ඈතක නැහැ

:       173       303

කොන්දොස්තර කොලුවා Tuesday, 25 July 2017 10:44 AM

සාකච්චා සාර්ථක නම් 4:00 වෙනකම් ඉන්නෙ මොකටද ?

:       0       179

Nuran Tuesday, 25 July 2017 11:13 AM

ඔව් ඉතින් 4 ට පුද්ගලික පුහුණුවීම් පටන් ගන්නවානේ..

:       0       659

Ajith Tuesday, 25 July 2017 11:24 AM

ඉතින් පස්වරු 4න් පස්සේ පුද්ගලික සායන වලට යන්න එපැයි අහිංසක මිනිස්සුන්ගේ සල්ලි කඩාගන්න. ඔබලාට උඩ ඉන්න දෙයියෝ වෙලාවට දඩුවම් දෙයි.

:       0       459

Susil Tuesday, 25 July 2017 02:09 PM

හොඳ වෙලාවට 4ට නැවැත්තුවේ, නැත්නම් 5ට චැනල් පටන්ගන්න බැරිවෙනවා.

:       72       115

Rohana Wednesday, 26 July 2017 12:33 AM

රට පාලනය කරන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය . ආණ්ඩුව මොනතරම් අසරණද? අපේ රටට ඕන යම පාලන ආණ්ඩුවක්. කුණු ප්‍රශ්නය , ඩෙංගු ප්‍රශ්නය සයිටම් .බැදුම්කරය විසදීමට.

:       0       77

tudor Wednesday, 26 July 2017 02:28 AM

4 ට අවසන් කරේ චැනල් වලට යන්නද?

:       22       0

දම්මික Wednesday, 26 July 2017 05:14 AM

දේශපාඥයන්ට ඕන ඕන විදියට නටන්න දෙන්නෙ නැතුව නිවැරදි තීරන ගන්න ඔබලාගේ බලය පෙන්නපු එක ඉතා හොඳයි. SAITM එකට වෙන්නෙත් අකුලා ගෙන ගෙදර යන්න මිසක් හොර දොස්තරවරු හදන්න නෙමෙයි. ජය වේවා වෛද්‍යවරුනි ඔබලාගේ මෙම අව්‍යාජ උත්සාහයට. අඩු බුද්ධිමතුන් ප්‍රමානයක් සිටින අප රටේ ඒ බුද්ධිමත් ජනතාව සැමදා ඔබලත් සමගයි. ඔබලාට හෙන ඉල්ලන, ගරහන, නින්දා කරන, කිසිදා ලෙඩක් හැදෙන්නෙ නැතිව වගේ කතා කරන, ලෙඩක් හැදුනත් කිසිමදාක රජයේ රෝහලකට නොයන, පෞද්ගලික රෝහල් වලට බඩ ගාන ගමන් ඒවාටම බනින එහෙත් රජයේ රෝහලකට නොයන බොහෝමයක් කොතෙක් බැන්නත් ඔබලාගේ ගමන නවත්තන්න නැතුව දිගටම යුක්තිය වෙනුවෙන් හඬ නගන්න. ඒ වෙනුවෙන් කතා කරන්න.

:       0       37

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31382 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13624 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11020 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 132 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1036 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site