IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


‘වෛද්‍ය වර්ජනය ගැන රජය මෙතෙක් නොගත් ක්‍රියාමාර්ග ගන්නවා‘ - රාජිත

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (22) ක්‍රියාත්මක කර ඇති වැඩවර්ජනය සම්බන්ධයෙන් මෙතෙක් කල් නොගත් ක්‍රියාමාර්ග ගැනීමට රජය සුදානම් යැයි සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (22) පැවැති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

‘‘මෙම වැඩවර්ජනය අඛණ්ඩ වැඩ වර්ජනයක් බවට පත් කිරිමට ඔවුන් තීරණය කර තිබෙනවා.. ඩෙංගු රෝගය පැතිර යමින් පවතින වකවානුවක මෙලෙස හැසිරීම ජනතාව හෙළා දකිනවා. ඔවුන් වෛද්‍යවරුන් නොවෙයි. ජනතාව කුපිත වී සිටින්නේ. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ වෛද්‍යවරුනුත් වැටුප් ලබාගන්නේ අමාත්‍යාංශයෙන්. එම සංගමයේ නියෝජිතයින්ට ඩෙංගු මැඩලීමේ වැඩපිළිවෙළ පිළිබදව ගැටලුවක් ඇත්නම් එහි වගකීමත් වෛද්‍යවරුන් විසින් බාරගත යුතුයි.  සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඊයේ සිදූ වූ සිද්ධිය මුලික කර ගනිමින් වෛද්‍ය නිලධාරීන් ආරම්භ කර ඇති වැඩ වර්ජනයට ජනතාව පිළිතුරු ලබාදෙයි‘‘ යැයි ඇමැතිවරයා කීවේය. 

‘‘සරසවි සිසුන් පිරිසක් සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩා පැන විනාශයක් සිදූ කොට තිබෙනවා. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය, දේශපාලන පක්ෂයක නියෝජිතයින් මෙම විනාශයට පැමිණි බව පැහැදිලියි. අමාත්‍යාංශයේ ඔසවා තිබූ ජාතික කොඩිය ඉවත් කර සටන් පාඨ සහිත පුවරුවක් එහි එල්ලීමට ඇතැම් සිසුන් උත්සාහ කළා. සේවකයින්ගේ විරෝධතා මත එය නතර කෙරුණා. ඇතැම් සිසුන් සේවකයින්ගේ කොලරයෙන් ඇද ප්‍රචණ්ඩකාරි ලෙස හැසිරෙමින් තාඩන පීඩන කර තිබෙනවා. අමාත්‍යාංශ භුමියෙන් අමාත්‍යාංශ සේවකයින් ඉවත් වූයේ හරිම අමාරුවෙන්‘‘ යැයි ද ඇමැතිවරයා ප්‍රකාශ කර සිටියේය.



අදහස් (19)

‘වෛද්‍ය වර්ජනය ගැන රජය මෙතෙක් නොගත් ක්‍රියාමාර්ග ගන්නවා‘ - රාජිත

sachith Thursday, 22 June 2017 12:04 PM

වෛද්‍යවරුන් පැහැදිලිව කියල තියෙනවා සායනික කටයුතුවලින් විතරයි අහක් වෙන්නේ කියලා. අනික ඔබතුමාට මේක අදාලම නැනේ. සිංගප්පුරුවේ වෛද්‍යවරුන් ස්ට්‍රයික් කරෝත්නේ ඔබතුමාලට බලපාන්නේ...

:       25       1

kumar (galf) Thursday, 22 June 2017 12:15 PM

මිනිස්සුන්ට වදදෙන මේ කලවැද්දන් පාලනය කලයුතුයි.

:       296       536

sam Thursday, 22 June 2017 12:30 PM

ජනතාව ලගදීම ක්‍රියාමාර්ග ගනයි. එතකොට ඔය දොස්තරලා පරිස්සමින් ගෙදර යන්න ස්ටිකර් ගලවාගෙන. කවුද දන්නේ ජනතාව ගල් ගල්ගහයිද කියල?

:       335       822

රොෂාන් Thursday, 22 June 2017 12:54 PM

කට විතරයි වැඩ බැරි අය... මේක නම් මාෆියාවක්... ඉස්සරහට මේ නායකයින්ගෙන් රටට ඇති පලේ මොකක්ද?

:       0       4

viraj Thursday, 22 June 2017 12:55 PM

දොස්තරවරු ගෙදර යවලා දත් දොස්තරවරු බෙහෙත් දෙන්නද ?

:       2       7

priyal Thursday, 22 June 2017 01:48 PM

සිසුන් රජයේ දේපල වලට හානි කිරීම, බලහත්කාරයෙන් ඇතුළු වීම වැනි ක්‍රියාවන් අනුමත නොකරන අතරම මෙම ප්‍රශ්නය දුර දිග යාමට ඉඩදී සිසු ජිවිත හා රෝගී ජීවිත කිහිපයක් නැතිව යනතුරු රජය කුමක් කරන්නේද? (ගමේ බසින් කියනවා නම් පොල් ගාන්නේද?) යන්න ඇසිය යුතුම ප්‍රශ්ණයකි.

:       0       23

Chandra Thursday, 22 June 2017 01:57 PM

ප්‍රශ්න වවනවනේ.... ඉස්සෙල්ලා ඩෙංගුත් වැව්වා නේ....

:       0       6

lalith Thursday, 22 June 2017 02:11 PM

කොහොමටත් ගත්තු ක්‍රියාමාර්ග වැඩක් වෙලා නැති නිසා අලුත් ක්‍රියාමාර්ග තමයි ගන්න වෙන්නේ. පොඩිකාලේ නම් ඔයවගේ කුණුහරුප වැඩ කරද්දී අපේ අම්මල තාත්තල කලේ කියල කියල බැරිතැන මතක හිටින්න අතක් පයක් කැඩුනත් කමක් නැහැ කියල දඬුවම් කරන එක. අයියගේ කොල්ලගේ දඟ වැඩ නැවැත්තුවේත් ඉරි හිටින්ඩ කෙවිටි පාරක් දීල. එයින් පස්සේ ඌ හැදුන.

:       201       201

sarath Thursday, 22 June 2017 02:35 PM

කටින් බතලකොල හිටව හිටව ඉන්නේ නැතුව කරන දෙයක් කරන්න ඕන.

:       51       179

kamal Thursday, 22 June 2017 03:09 PM

ඇයි කාලයක් ඇපලෝ එක හිටියවගේ ඉන්දීය වෛද්‍ය නිලධාරීන් ගෙන්වමු.

:       109       54

migida Thursday, 22 June 2017 03:29 PM

ඇමතිතුමනි,ජනදිපතිතුමනි, වෛද්‍ය සේවාව සහ ගුරු සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරන්න කාලය ඇවිත්. අද රටේ මොවුන් භී තිකාවක් පතුරලා. මොවුන්ට අනුන්ගේ අසරණ ජීවිත ගැන තැකීමක් නැති තිරිසනුන්ටත් පහල මට්ටමේ සිටිනා පුද්ගලයන්. මෙවුන් දුටුවාද අසරණ මව්වරුන් දරුවන් කර පින්නාගෙන විදින දහදුක. මේ දොස්තරලා ඉපදෙන්න ඇත්තේ රිදී හැන්ද කටේ ගහගෙන වාගේ.

:       325       173

Rasi Thursday, 22 June 2017 03:32 PM

ඔබ සමග එකග වෙනවා. හැම දෙයකම සීමාවක් තියෙන්න අවශ්‍යි.

:       44       107

chandra Thursday, 22 June 2017 04:07 PM

සාමකාමී උද්ගෝෂණ ගණන්ගන්නේ නැති වුනාම ශිෂයෝ දරුනුවෙනවා. තත්ත්වය එතරම් ඔබ තුමාලට හොඳ නැහැ ඇමති තුමෝ

:       136       468

vidya Thursday, 22 June 2017 04:48 PM

දොස්තර මහත්තයෝ දත් ගැලවීමට දක්ෂ නිසා මොනවත් මේ ගැන කරන්න බැරිද?

:       0       5

sachith Friday, 23 June 2017 03:32 AM

හෙම්බිරිස්සාවටත්, සිංගප්පූරුවෙන් බෙහෙත් ගන්න අයට මේවා නිකන් කට කහනවට කියන කතා විතරයිනේ. අහිංසක මිනිස්සු පාරෙයි, ඉස්පිරිතාලවලයි දුක් විඳිනවා.

:       0       1

Lahiru Umayangana Friday, 23 June 2017 04:21 AM

අමාත්‍යන්ශේ ඉදපු කෙනා කොහොමද එළියේ වුන දේවල් දන්නේ. කිසිම සේවකයෙක්ට කරදර කලේ නෑ. ඒ අය වෙනදා වගේම එයාලගේ වැඩ කර ගත්තා. කාටවත් තර්ජනය කරේ නෑ. සමහර සේවකයෝ එයාලගේ කෑම පවා දුන්නා. පට්ටපල් කෙබර අතාරිනවා. මේ වගේ අත්තෙන් අත්තට පනින හැම ආණ්ඩුවේම ඇමතිවරු වෙන. පට්ටපල් බොරුකාරයෝ කියන ඒවා තවමත් විශ්වාස කරන මිනිස්සු ගැන ගොඩක් කනගාටුයි.

:       1       227

kularanjana Saturday, 24 June 2017 09:41 AM

රෝගී ජනතාවට මෙන්ම පොදුවේ සැමට බලපාන වැදගත් ප්‍රශ්නයක් මේක. උගත් පාලකයෝ තීරණයක් ගන්නේ නැත්නම් අපි වගේ නුගත් අයගේ අදහස් ගැනවත් හිතල බලන්න. රජයට පුළුවන් හදිසි අවස්ථා යටතේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව රජයේ බලධාරියකු යටතට ගෙන පාලනය කරන්න. දෙපාර්ත්තමේන්තුවේ සියලුම සමිති සමාගම් තාවකාලිකව අහෝසි කරනවා. සරසවි සිසුන්ගේ දෙමුපියන්ට කොන්දේසි යටතේ සිසුන් පාලනය කරන්න බලකරනවා. සිසු සමිති නැවත දන්වනතුරු අහෝසිකරනවා. මෙම ප්‍රශ්නය විසඳන්න නිදහස් සිසු ව්‍යාපාර ඔවුන්ගේ ඇදුරන් සමගින් සහ ආරම්අභක වශයෙන් හිටපු ජනපතිතුමාත් සමගින් තීරණයකට යායුතු වෙනවා.. ලැබෙන පිළිතුර බාරගන්නටත් සූදානම් වියයුතු වෙනවා. මහජන සාමය වෙනුවෙන් අධිකරණ තීන්දුවක් යටතේ මාධ්‍ය වාරණයක් ලබාගැනීම හොඳයි. වෘත්තීය සමිති බලතල ගැන නැවත සලකා බලන්න. මෙය යහපාලනයට විරුද්ධව යමක් නොවේ සමස්ත ජනතාව බලාපොරොත්තු වන දෙයක් වේවි. ජයවේවා !!!

:       0       0

TILAK Saturday, 24 June 2017 12:51 PM

ඉතින් සයිටම් එකෙන් බෙහෙත් කරන්න පුළුවන්නේ....

:       1       22

PA-RA Tuesday, 27 June 2017 04:23 AM

මෙතුමාගේ උපදෙස් පිට ඒ ගොල්ලන්ට වරම දුන්න කියලා උඩපනිනවා වැඩියි. මහජනතාවට දැන් තිත්ත වෙලා. එ්කයි ඇත්ත.... දැන් මිනිස්සු නළවන්න බැහැ. ඡන්දෙකට යන්න එපා.... ගියොත් අමාරුවේ වැටෙනවා, ඉල්ලන් කෑම, අනාගෙන කෑම, පස්සේ විස වීම කියන්නේ සිංහලෙන්ම ඕකට තමා. තේරුම් ගන්න පුළුවන්ද? මහජනතාව අපහසුතාවයට පත්කිරීමෙන් වළකින්න....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පොඩි ලැසීගේ නැන්දනියගේ සේප්පුවෙන් රන් කිලෝ එකක්
2025 මැයි මස 01 2797 2

ඉන්දීය ආරක්ෂක අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවක වන අරුමාහන්දි ජනිත් මදුසංකද සිල්වා නොහොත් පොඩි ලැසි නමැත්තාගේ නැන්දනිය, අම්බලන්ගොඩ රාජ්‍ය


උපදේශන සමාගමක එම්.ජී. ගිනි අවි සමග මාට්ටු
2025 මැයි මස 01 842 0

උපදේශන සේවා සපයන සමාගමක කළමනාකාර අධ්‍යක්ෂකවරයාගේ වැලිකඩ නාවල පාසල් පටුමගේ නිවසේ සඟවා තිබූ ගිනි අවි සහ ජීව උණ්ඩ සමග එම අධ්‍යක්ෂවරයා සැකපිට අත්අඩංගුවට


පොහොට්ටු මන්ත්‍රි කසිප්පු සමග මාට්ටු
2025 මැයි මස 01 984 2

ගොඩකවෙල ප්‍රාද්ශීය සභාවට පොහොට්ටුවෙන් ඉදිරිපත් වෙන අපේක්ෂකයකු හා ඔහුගේ සහෝදරයකු බව කියන පුද්ගලයකු ගෝඩා මිලි ලීටර් පන් ලක්ෂ විසි දහසක් කසිප්පු මිලි


ගිය මැයි රැළියේදී අනුර කියූ අනාවැකිය හරි යයි
2025 මැයි මස 01 1351 0

2025 මැයි දිනය සමරන්නේ අපේ ආණ්ඩුව යටතේ බව 2024 වසරේ මැයි දිනයේදී අනුර සහෝදරයා කිව්වා. අප දැන් ඒ පොරොන්දුව ඉටුකර තිබෙනවා යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූ


‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 835 1

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා


සරසවි සිසුවාගේ මරණය ගැන සොයන්න කමිටුවක්
2025 මැයි මස 01 519 0

සබරගමු සරසවියේ දෙවැනි වසරේ ශිෂ්‍යයකු සිය දිව් නසා ගැනිමට නවක වද සිද්ධියක් හේතු වූයේ දැයි සෙවිමට විශ්ව විද්‍යාල ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇතැයි සබර


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 385 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 101 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1127 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site