(රංජිත් රාජපක්‍ෂ)
රුපියල් ලක්‍ෂ 37ක අංග සම්පුර්ණ නිවසක් රුපියල් ලක්‍ෂයක මුදලකට ඉදිකර දෙන බවට තම ගිණුමට මුදල් බැරකරගෙන මුදල් වංචා කළේ යැයි කියන පුද්ගලයකු බගවන්තලාව පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
එම සැකකරු සහ සැකකරුගේ දියණීය විසින් බගවන්තලාව ප‍්‍රදේශයේ වතුකම්කරුවන් කිහිපදෙනකුට නිවසක සැලසුම පෙන්වා ගිවිසුමක් ඇති කර ගැනිමට රුපියල් ලක්‍ෂයක මුදලක් ලියාපදිංචි ගාස්තු වශයෙන් ගෙවන ලෙස පවසා ඇති අතර එම ලියාපදිංචි ගාස්තුව සැකකරුගේ ගිණුමට වතුකම්කරුවන් කිහිපදෙනකු විසින් බැරකර මාස කිහිපයක් ගතවි ඇතත් එම නිවස ඉදිකර දිම හෝ ඔවුන් ලබාදුන් දුරකථ අංක වලට ඇමතුමක් පවා ලබා ගැනිමට නොහැකි වීම පිළිබදව සැක සිතූ වතු කම්කරුවන් මෙම සැකකරු සහ සැකකරුගේ දියණීය සොයා ඔවුන් ලබා දුන් කොළඹ ප‍්‍රදේශයේ ලිපිනයට ගියද ඔවුන් සොයා ගැනිමට නොහැකිවු බවට පොලිසියට පැමිණිලි ලැබී තිබිණි.
මෙම සිද්ධියට සම්බන්ධ ප‍්‍රධාන සැකකරු හැටන් ප‍්‍රදේශයේ අවශ්‍යතාවයකට පැමිණී අවස්ථාවේ ලියාපදිංචි ගාස්තු ලබා දුන් වතුකම්කරුවකු විසින් ඔහුව හදුනාගෙන ඔහුව බලහත්කාරයෙන් රැගෙන ගොස් බගවන්තලාව පොලිසියට භාර දි ඇත.
2025 නොවැම්බර් මස 04
104
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2031
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1565
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වතු කම්කරුවාගේත් සාක්කුවට විද්ද සක්විත්තා කොටු
Perakum Monday, 25 December 2017 09:38 AM
අපේ මිනිස්සු තවමත් සක්විත්තෝ ගැන දැනුවත් වෙලා නෑ. ශ්‍රී ලාංකික පොදු ජනතාවගේ අවබෝධ ඥානය මෙතරම් දුර්වල මන්ද? සාක්ෂරතාව කොතරම් ඉහළ ගියත් සාමාන්‍ය බුද්ධිය දුර්වල බව මෙයින් පෙනේ.
bamunuarachchiFriday, 29 December 2017 11:23 AM
බොහෝදෙනා පුවත්පත් කියවන්නේ නැහැ. එමනිසා රටේ වෙන්නේ මොනවාද කියා දන්නේ නැහැ. නමුත් කටින් කට එන බොරු නම් විශ්වාස කරනවා. මෙතන පල කරන අදහස් වලින් ඒවා මැනවින් පෙනෙනවා.