
රුසියන් යුක්රේන යුද්ධයේ දී, රුසියාවට විරෝධය පළ කරමින්, අත්හිටවූ රුසියානු වත්කම් යොදාගෙන ඒවා, යුක්රේනයට ආධාර ලෙස ලබා දීමට ‘ජී7’ රටවල නායකයන් ඒකමතිකව තීරණය කිරීම, රුසියාවේ දැඩි විරෝධයට හේතුවක් වී ඇත.
රුසියන් රජය වෙනුවෙන්, එරට විදේශ කටයුතු අමත්‍යාංශයේ, ප්‍රකාශිකා මාරියා සකරෝවා, මාධ්‍ය හමුවක් කැඳවමින් අනතුරු ඇඟවූයේ, ‘ජී7’ නායකයන් ගත් මෙම තීරණය, යුරෝපා සංගමයට ‘වේදනාකාරී’ ප්‍රතිඵල උදා කරනු ඇති බවය.
(ඒ.එෆ්.පී.)
COMMENTS
ජී7 හදාගෙන තියෙන්නේම ඇමරිකාවට ඕන විදිහට රුසියාව වට්ටන්නනේ. ඉතින් ගන්න තීරණ කොහොමත් සාධාරණ වෙන්නෙ.නෑ. රුසියාවයි යුක්රේනයයි කියන්නෙ එකම මවගේ දරුවන් වගේ. ඒ දෙගොල්ල විරසක කළේ බටහිර ඒකාධිකාරය
සමහරු හිතන, කියන විදියට යුක්රේනය සහ රුසියාව එක මවකගේ දරුවන් නොවෙයි! රුසියාවේ නැතිවුණා වූ "සෝවියට් සමූහාණ්ඩුව යළි ස්ථාපිත කිරිම සඳහා රුසියාවේ ඒකාධිපති, ජනාධිපති පූටින් විසින් සාමකාමී සුබවාදී, අසල්වැසි රාජ්‍යයක් වූ යුක්රේනය අමානුෂික අන්දමින් සිය යකඩ සපත්තුවෙන් පාගා, විශාල මිනිස් සංහාරයක් මෙන්ම දෙපළ හානි අති විශාල අන්දමින් සිදු කළ ෆැසිස්ට්වාදය රජකරන රාජ්‍යයක් වන බව නොරහසකි. එය නොදන්නා සමහරු පූටින් සිය ගැලවුම්කරු ලෙසට සලකනු ලබයි...!
නන්දලාල් සිල්වා මහත්තයාව දැක්කේ සහෙන කාලෙකින්. පොඩි දෙයක් දැන ගන්න කැමතියි. 1962 දී රුසියාව කියුබාවේ මිසයිල ස්ථාන ගත කරන්න ගියාම ඇමෙරිකාව ඒකට විරුද්ධ උනා. හැබැයි ඒ ඇමෙරිකාවම යුක්රේනයේ මිසයිල ස්ථාපිත කරන්න යනවා නේටෝව හරහා. රුසියාව ඉවසයිද?
මෝඩ පාලකයන් රටවල් අසරණ කරන ආකාරය හරි අපූරුයි