(තිස්ස කොටින්කඩුව)
වත්තල, හැදල කෙරවලපිටියේ පවත්වාගෙන ගිය සෙල්ලම් භාණ්ඩ කර්මාන්ත ශාලාවේ සේවක පිරිසෙන් තවත් පුද්ගලයින් 68 දෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට අද (05) තහවුරු වි ඇති බව වත්තල පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන අමරසේකර මහතා පවසා සිටියි.
අදාල කර්මාන්ත ශාලාවේදී කොරෝනා ආසාදනයයට ලක්ව ඇති සේවක පිරිසෙන් බහුතරයක් සේවිකාවන් බව අනාවරණය වී ඇත.
කර්මාන්ත ශාලාවේ පුද්ගලයින් 693 දෙනෙකු පි.සි.ආර්. පරික්ෂණ සදහා යොමුකර ඇත. එයින් මේ වන විට ලැබී ඇති ප්‍රථිපල අනුව එම කර්මාන්ත ශාලවෙන් සමස්ත කොරෝනා ආසාදියන් 119 වාර්තා වී ඇත. තවත් 400 කට ආසන්න ප්‍රමාණයක පී.සි.ආර්. ප්‍රථිපල ලැබීමට නියමිත බවද අමරසේකර මහතා පැවසීය.
මේ අතර පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක මහතා වැඩිදුරටත් පවසා සිටියේ අද වන විට වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ කොරෝනා ආසාදිතයන් 500 ඉකමවා ගෙස් ඇති අතර පුද්ලයින් 1500 වැඩි පිරිසක් ස්වයං නිරෝධායනය සදහා යොමුකර ඇති බවය.
පී.සි.ආර්. පරික්ෂණ 3779 සිදුකොට ඇති අතර ඒවායේ ඉතිරි ප්‍රථිපල කඩිනමින් ලබා ගැනිමට උත්සහ ගන්නා බව වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි යු. ඇසෙන්ඩා මහත්මිය කරණ ලද විමසීමේදි පවසා සිටියාය.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
වත්තල සෙල්ලම් බඩු කම්හලෙන් තවත් කොරෝනා ආසාදිතයන් 68 ක්
Perera Friday, 06 November 2020 04:05 AM
මේ එතකොට අලුත් සෙල්ලම් බඩු පොකුරක්ද?