IMG-LOGO

වට්ස්ඇප් තහනමත් ඉවතට

තරිඳු ජයවර්ධන
 
සමාජ මාධ්‍ය අවහිර කිරීමත් සමඟ රජය විසින් අවහිර කරනු ලැබූ වට්ස්ඇප් සමාජ ජාලය වෙත පිවිසීමේ අවස්ථාව ලබා දෙන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය සහ ආරක්ෂක අමාත්‍යංශය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට දැනුම් දී තිබේ.
 
අද පෙරවරුවේ එම දැනුම්දීම කළ බව රජයේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසිය.
 
ඒ අනුව අද සවස් වන විට වයිබර් මෙන්ම වට්ස්අප් සමාජ ජාලය වෙත පිවිසීමේ අවස්ථාවද හිමිවන බව එම නිලධාරියා කීවේය.



අදහස් (16)

වට්ස්ඇප් තහනමත් ඉවතට

Rasi Wednesday, 14 March 2018 09:59 AM

හැබැයි ඉතින් අනිත් වැඩ වගේම නාගෙන ඉවර වෙලා තමයි අන්තිමට දෙන්නේ...

:       775       1040

ජගත් ලියනගේ Wednesday, 14 March 2018 10:55 AM

තහනම ඉවත් කළේ... ජාත්‍යන්තරයෙන් ලබුණු දැඩි පීඩනය නිසයි. අපිට තියන ආදරය, දයාව, කරුණාව නිසා නෙවෙයි.

:       423       779

saman kThursday, 15 March 2018 04:31 AM

කොහොම උනත්,ජනාධිපතිතුමා කිසිමදෙයකට නොසැලී , නොපැකිලිව මේ ගත්ත "නිර්භීත" තීරණය අපි අගය කරන්න ඕනේ.

:       2       0

jayasekaraThursday, 15 March 2018 05:05 AM

ඔව් ඔව්....අනේද කියන්නේ? ඔක්කොම පස්සේ තමයි...

:       0       3

abaran Wednesday, 14 March 2018 11:32 AM

කවුද දන්නේ නැහැ "වට්ස් ඇප්" ඇමතිතුමා.. නේද?

:       143       152

Mahesh jayawickrama Wednesday, 14 March 2018 11:44 AM

බහුතරයක් පිරිස ඉන්නවා.. වට්ස්ඇප්, වයිබර් වගේ ඇප් භාවිතා කරලා තමයි ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු පවා කරන්නේ.. මේ වැඩෙන් වුණේ ඒ හැමෝම දැඩි අපහසුතාවයට පත්වුණු එක.. සුළුතරයක් රැකගන්න බහුතරයක් පීඩාවට පත්කරලා අවසානයේදී රජයට ලැබුණේ මැතිවරණ පරාජයටත් වඩා අන්ත පරාජයක්..

:       704       1201

rama Wednesday, 14 March 2018 12:09 PM

නෑ... පාඨලී කිව්ව නිසයි අයින් කළේ...

:       38       81

Priyantha Wednesday, 14 March 2018 01:34 PM

ඔන්න ඕවා තමයි දැන් අහන්න තියෙන නිව්ස්.. හයිවේ එකක් හැදුවා... පාරක් හදලා ඉවර කළා කියලා අහන්න ඇත්තෙම නැහැ. ඒ සේරම මේ ගොල්ලෝ කරලා..., ඉවර කරලා රට සුඛිත මුදිත කරලනේ තියෙන්නේ..

:       0       0

sarath Wednesday, 14 March 2018 03:14 PM

ඊළඟ මැතිවරණේදී බලන්ඩකෝ රජයට වෙනදේ මේකෙන් තිබුන ඡන්ද ටිකත් නැතිකරගත්තා.

:       0       1

podikeli Wednesday, 14 March 2018 06:10 PM

මේ කරුණට සුදුසු පිලියමක් සොයන්න නම්, අමාත්‍යවරයෙක්, උප ඇමතිකෙනෙක්, ලේකම්කෙනෙක්, හා කොළඹ හතේ අමාත්‍යංශ කාර්යාලයක් අවශ්‍යයි.

:       0       0

Laksitha Wednesday, 14 March 2018 07:48 PM

මම ඉන්නේ ප්‍රන්සේ මට හරි තරහයි.

:       0       0

චන්දිකThursday, 15 March 2018 08:30 AM

තරහ ගන්න එපා. මේක තමයි ලංකාව!

:       0       0

Indhika Wednesday, 14 March 2018 11:12 PM

ජනාදිපති තුමා ජපානයට ගිහින් එහෙ අයට කියල සමාජ ජාල නවත්තපු නිසා රජයට දවසට මිලියන 500 ක ආදායමක් හම්බ වෙනවා කියල. ඉතින් ඇයි දන්නේ නැහැ තහනම ඉවත් කලේ. ඒක දිගටම තිය ගත්ත නම් රටේ ණය ටික අවුරුද්දෙන් ගෙවල ඉවර කරන්න තිබ්බනෙ.

:       0       2

sanjeeva Thursday, 15 March 2018 03:51 AM

එක දෙයක් මට අහන්න ඕනේ. එෆ්.බී. සහ අනෙකුත් සමාජ වෙබ් අඩවි හරහා ප්‍රචණ්ඩත්වය පැතිරුණා නම් එක වුනේ අද ඊයේ ද? ඔයගොල්ලෝ කියන විදිහට මේවා බ්ලොක් කෙරුව නිසා ප්‍රචණ්ඩ ක්‍රියා අඩු වුණා නම් ඔයගොල්ලන්ගේ සාස්තරේ හැටියට මේවා බ්ලොක් කරන්න තිබුනේ ගොඩක් ඉස්සර. අනෙක් දෙය ඊට වඩා වැදගත් - ඔය ඔක්කොම සමාජ ජාල නතරකෙරුවා කියමු. හිතන්න (උපකල්පනයක් පමණයි ) මට ඕනේ නම් තැනකට ගහන්න මම ගූගල් මැප් ගිහිල්ල බලනවා කොහෙද ඒවා තියෙන්නේ කියල.. ඊට පස්සේ ගිහිල්ල ප්‍රචණ්ඩත්වය අතහරිනවා.. එතකොට ඕගොල්ලෝ ගූගල් මැප් නතර කරනවාද? එහෙම නැත්නම් මුළු ඉන්ටෙර්නෙට් එකම නතර කරනවාද? මන්දයත් ගූගල් මැප් නැති වුණාට වෙනත් මැප් තියෙනවානේ හොයාගන්න..

:       0       1

hasitha Thursday, 15 March 2018 06:57 AM

ජයවේවා.. අපේ යහපාලන රජයට ජයවේවා! ඒකාධිපති වියරුවෙන් රට මුදවාගෙන දිගින් දිගටම ප්‍රජතන්ත්‍රවාදී ජයග්‍රහණය උතුම් ජනතාවට ලබාදෙන ආපේ ජනාධිපති තුමාට ජය වේවා.

:       0       0

චන්දික Thursday, 15 March 2018 08:49 AM

උතුරැ කොරියාවේ මෙන් සියලුම ජන මාධ්‍ය, සමාජ ජාලා රජයේ දැඩි සුපරීක්ෂාව යටතේ පාලනයකට යටත් කොට නියාමනය කළ යුතුයි. එවිට ලංකාව කිරියෙන් පැණියෙන් පිරී ඉතිරී යනු නියතයි!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 383 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site