රඹෑව කල්ලංචිය උරුලෑගම ගොවිපළක වගා ළිඳකට වැටි සිටි ඇතින්නියක හා පැටවකු අද(27)අනුරාධපුර වනජිවි කාර්යාලයේ නිලධාරිහු ගොඩට ගත්හ.
අඩි විසිපහක් පමණ ගැඹුරින් යුත් වගා ළිඳට ඇතින්න හා පැටවා දින දෙකකට පමණ පෙර වැටි ඇතැයි කියති.
හේනට යමින් සිටි පුද්ගලයකු අලි දෙදෙනා දැක වනජිවි නිලධාරින්ට දැනුම් දිමෙන් පසු අද දහවල් බැකෝ යන්ත්‍ර උපයෝගි කර ගනිමින් ළිඳ කපා ඇතින්න හා පැටවා ගොඩට ගනු ලැබීය.




COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.