දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් හා සාධාරණ ඉල්ලීම් ඉදිරිපත් කරන විට දකුණේ සිංහල නායකයින් එය ජාතිවාදය ලෙස දැකීම කනගාටුදායක කරුණක් බව උතුරු මහ ඇමති සී.වී විග්නේෂ්වරන් මහතා පැවසීය
එම ජාතිවාදය පදනම් කරගෙන තම ජීවිතය පවා නැති කිරීමට ඔවුන් උත්සහ දරන්නේ යැයිද හෙතෙම චෝදනා කළේය
යාපනය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්යවරයෙකු මෙන්ම දේශපාලන විචාරකයෙකුද වන එන්.තිරුනාකරසු මහතා විසින් රචිත ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව (ඩොනමෝර් පටන් යෝජිත සිරිසේන ව්‍යවස්ථාව (1931-2016) ග්‍රන්ථය එළිදැකිවීමේ උත්සවය යාපනයේදී පැවති අතර මෙම උත්සවය වෙනුවෙන් යවන ලද සුබ පැතුම් පණිවුඩයේ මහ ඇමතිවරයා මේ බව සදහන් කර ඇත.
“දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් පිළිබදව එනම් ඔවුන්ගේ පාරම්පරික නිජබිමේ පදිංචි වීමත් එහි කෘෂිකාර්මික කටයුතු සිදුකිරීමත් තම සංස්කෘතිය ආරක්ෂා කිරීමට පියවර ගැනීමත් හමුදා බලපෑම්වලින් තොරව නිදහසේ ජීවත් වීමටත් කරන සටන් හා ඉල්ලීම් සිංහල නායකයින් වැරදි ලෙස අර්ථ කථනය කරමින් ජාතිවාදය ඇවිළ වීමට උත්සහ දරනවා.“
“ඔවුන් එසේ කරමින් දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නඟන දෙමළ දේශපාලකයින් සිරගත කළ යුතුයි. හඬ නඟන දෙමළ ජනතාව ඉන්දියාවට පළවා හැරිය යුතුයි යැයි සමහර සිංහල දේශපාලකයින් ප්‍රකාශ කරමින් සිටිනවා.“
එබැවින් ශ්‍රී ලංකාවේ ජීවත් වන සියලුම දෙමළ ජනතාව ජාති කුලභේදයකින් තොරව උතුරු නැගෙනහිර කොළඔ වතුකරය යන භේදයෙන් තොරව දෙමළ ජනතාවගේ අයිතීය වෙනුවෙන් හඬ නැඟිය යුතු කාලය එළඹ ඇති බවද විග්නේෂ්වරන් මහතා එම ලිපියේ සදහන් කර ඇත
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
විග්නේෂ්වරන් නිදහසට කරුණු කියයි
මොරවක Sunday, 02 October 2016 03:39 PM
නිදහසට කාරණා අපට අවශ්‍ය නොවේ (නි)
කින් බෙනට් Sunday, 02 October 2016 04:06 PM
කරුණාකර මේ රටේ බලධාරින් ඉදිරියට විත් ඉඩම් නිවාස නැති සිංහල පවුල් උතුරේ සහ නැගෙනහිර විශාල වශයෙන් පදිංචි කළයුතු කාලය පැමිණ ඇත (නි)
ගමගේ Sunday, 02 October 2016 04:59 PM
නිදහසට කරුණු කිවුවා කියලා අපි රැවටෙන්නේ නැහැ (නි)
ගගන Sunday, 02 October 2016 05:13 PM
අපි කියනවා තේසවලාම නීතිය නැති කරන්න කියලා. නැත්නම්, දකුණේ දෙමළ ජනතාව උතුරට එවනවා (නි)
සිරි Sunday, 02 October 2016 06:44 PM
"කිතුලට නැග්ග මිනිහටත් කියන්න දෙයක් තිබුනා" (නි)
ආනන්ද Sunday, 02 October 2016 09:44 PM
දේශපාලන පක්ෂයකින් තොරව ජාතියේ නාමයෙන් සිංහල නායකයෙක් බිහිවේවා! නොමැතිනම් අපට රටක් හෝ ජාතියක් ඉතිරිවන්නේ නැත. අනේ මාධ්‍යකරුවනි, ඔබ පෙරමුණ ගන්න. (නි)
ජනහිට Sunday, 02 October 2016 10:57 PM
ශ්‍රී ලංකාවේ ඉපදුන කාගේත් නිජබිම ශ්‍රී ලංකාවයි. ඒ ගැන විවාදයක් නැහැ. ලංකාවාසී ඕනෑ කෙනෙකුට ඕනෑම තැනක ජීවත්වීමට ඇති අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම තියන නිසා කවුරුත් ඒ ගැන කලබල වෙන්න ඕනෑ නැහැ. කවුද ඔය උතුර දකුණ කියලා වෙන්කළේ එකම රටක. අායෙත් සැරයක් මඩේ වැටුනා නේද? (නි)
දිලිප් වික්‍රමරත්න Sunday, 02 October 2016 10:59 PM
භද්‍රානි, උතුරට ගිහිල්ලා තියෙනවද? යන්න අවස්ථාවක් හම්බවුණොත් පාරේ අයිනේ තියෙන හමුදා මුරපොලක් ළඟ නවත්වන්න. එහි ඉන්න රණවිරුවෙකුට කතා කරන්න පෞද්ගලික මට්ටමින්. උතුරේ බහුතරයකගේ ආකල්ප, දැනගත හැකිවේවි. ඔවුන්ව තවමත් මෙහෙයවන්නේ කවුද යන්න ඔබට සක්සුදක් සේ පැහැදිලි වේවි. මේ ප්‍රශ්නයට එකම දිගුකාලීන විසදුම අනෙක් ජාතින් පදිංචි කරවීමමයි (නි)
බමුණු ආරච්චි Monday, 03 October 2016 12:29 AM
පළමුව අපට කියන්න කවුද ඔබලාට උතුරු නැගෙනහිර ඔබගේ නිජබිම කියලා ලියාදුන්නේ කියලා. ලංකාව පළාත් 9කට සුද්දා බෙදන්න කලින් ඔබගේ නිජබිම මොකක්ද. අනික තාවකාලිකව සිංහල රටේ සිටිය සුද්දා නැවත අපේ බිම බාරදෙනවිට එය බෙදා වෙන්කිරීමට සුද්දාට නැති, ඔබට ඇති අයිතිය මොකක්ද. (නි)
ඉන්දික Monday, 03 October 2016 12:41 AM
අන්තිමේදී මේවායින් වෙන්නේ රටේ නැති ප්‍රශ්න ඇතිවෙන එක (නි)
බමුණුසිංහ Monday, 03 October 2016 12:43 AM
මෙයා නැවත කොළඹ පදිංචියට එන්නේ නැති බව මට හිතෙනවා (නි)
පී. ඉලංගරත්න Sunday, 02 October 2016 08:54 AM
දෙමල ජනතාවට උතුර, නැගෙනහිර, දකුණ සහ කදුරට හැම ප්‍රදේශයකම ජීවත් වෙන්න පුළුවන්. සිංහල ජනතාවට උතුරේ ජීවත්වෙන්න බැහැ. (හේ)
සජී Monday, 03 October 2016 02:12 AM
බුදුපිළිම කඩද්දී කොහෙද දන්නෙ නැහැ හිටියේ? (නි)
චාමර Sunday, 02 October 2016 09:22 AM
දැන් ඉතින් වැඩක් නෑ.(හේ)
විකුම් රංගන Sunday, 02 October 2016 09:22 AM
ගිනි අවිය අමෝරා ගෙන ත්‍රස්තවාදියා පැමිණීමට පෙර, එම ත්‍රස්තවාදියාව නිර්මාණය කිරීමට උත්සහ කරන අපුද්ගලයින් මේ සමාජයෙන් තුරන් කල යුතුයි. නැතිනම් ජීවිතාන්තය දක්වා සිරගත කළ යුතුයි. (හේ)
නන්දලාල් ද සිල්වා Sunday, 02 October 2016 09:54 AM
"ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දන්න බැහැ", කියල සිංහල අපි කියනවා.(හේ)
දිලිප් Monday, 03 October 2016 03:50 AM
රට තුල එකම නීතියක් පැවතිය යුතුය. සියල්ලන්ම ශ්‍රී ලාංකිකයන්නම් වෙන් වෙන් වශයෙන් උඩරට හෝ තේසවලාමේ නීති ලෙස පවතින නීති ක්‍රම වල ඇති ජාතිවාදී ගැටළු නිර්මාණය කරවන ප්‍රතිපාදන ඉවත් කිරීමට නීති අංශ කටයුතු කල යුතුයි. දමිල ජනයාට පමණක් ලෙස උතුරේ ඉඩම් වල කටයුතු කිරීම වැනි ප්‍රතිපාදන වෙනස් කිරීමට කාලය එලබ ඇත.(ම)
භද්‍රානි Sunday, 02 October 2016 12:37 PM
උතුරේ බල්ලෙක් බිරුවත් එයින් දේශපාලන වාසියක් ගන්න බලා සිටින දකුණේ විග්නේශ්වරන් වර්ගයේ සමහර පුද්ගලයින් මොහු මේ කල ක්‍රියාවෙන් අමුතු තාවකාලික වින්දනයක් ලබන බව අපිට දකින්නට තිබෙනවා. නමුත් උතුරේ බුද්ධිමත් දේශපාලකයින් හා බුද්ධිමත් ජනතාව මේ පුද්ගලයාගේ අන්තවාදී ක්‍රියාව අනුමත නොකරන බවත් අපි දන්නවා. මේ අන්තවාදය වපුරන පුද්ගලයා ගැන ගරු, ජනාධිපති තුමා, අගමැති තුමා ඉක්මනින් දැඩි පියවරක් ගනු ඇතැයි අපි බලාපොරොත්තුවෙන් සිටිනවා. (ර)
අතුල Sunday, 02 October 2016 02:05 PM
භද්‍රානි හිනෙන්ද? (ර)
සෙනෙවි Sunday, 02 October 2016 02:15 PM
නඩුකාරයෙක් වුණත් පසුකාලයක වැරදිකාරයෙක් වුණොත් ඔහුට දඬුවම් දියයුතුයි (නි)
ශසික Sunday, 02 October 2016 02:50 PM
ඔය කියන සංහිඳියාව උතුරේ සිංහලයන්ට කෝ? දකුණේ දෙමළ අයට නම් තියෙනවා. (නි)