IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


විග්නේශ්වරන් ෆෙඩරල් පාලනයක් ගැන ඇමරිකානු නියෝජිතයන් සමග සාකච්‍ඡාවක

(රොමේෂ් මධුෂංඛ)

ඇමරිකානු කොන්ග්‍රස් මණ්ඩල සභිකවරයකු හා ශ්‍රීලංකාවේ ඇමරිකා තානාපතිවරයා උතුරු පලාත් මහ ඇමති සී. වී. විග්නේස්වරන් මහතා හමු වී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

ඇමරිකා කොන්ග්‍රස් මණ්ඩල සභික බිල් ජොන්සන් මහතාත් ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති අතුල් කේෂප් මහතාත් සමග මෙම සාකච්ඡාව පැවැත්වී ඇත්තේ  උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේදීය. 

“මේ වෙන කොට උතුරු නැගෙනහිර ජනතාවට බලපා ඇති ගැටළු සම්බන්ධයෙන් අපි සාකච්ඡා කළා. එහිදී මූලික වශයෙන් ඉඩම් ගැටළු, නැවත පදිංචි වීමේදී ඇති වී තිබෙන ගැටළු වගේම යුද සමයේදී අතුරුදහන් වූවන්ගේ ගැටළු සම්බන්ධයෙන් හා ජිනීවා සාකච්ඡා පිළිබඳවත් අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා.“

“මේ සියලු ගැටළු වලට ෆෙඩරල් පාලනයකින් විසඳුම් සෙවිය හැකි බවට මම දැනුම් දුන්නා. මේ වෙන කොට උතුරේ ජනතාවට පවතින ගැටළු වලින් ඉඩම් ගැටළු ,රැකියා ගැටළු වගේම අතුරුදන් වූවන්ගේ ඥාතීන් විසින් දියත් කර ඇති සත්‍යග්‍රහයන් ගැන මා ඔවුන් දැනුවත් කරා. එහිදී මේ ගැටළු වලට විසඳුම් ලබා දීමටරජය සමග සාකච්ඡා කිරීමට ඇමරිකාවෙන් සහය ඉල්ලා සිටියා. එහිදී ඔවුන් මේ සම්බන්ධයෙන් රජයේ පාර්ශ්ව සමග සාකාච්ඡා කරන්න යම් කාලයක් අවශ්‍ය බවට දැනුම් දුන්නා“ යැයි උතුරු මහ ඇමැතිවරයා පැවසීය.



අදහස් (14)

විග්නේශ්වරන් ෆෙඩරල් පාලනයක් ගැන ඇමරිකානු නියෝජිතයන් සමග සාකච්‍ඡාවක

1815 Monday, 15 May 2017 04:34 AM

අපේ අගමැතිතුමා, ජනාධිපතිතුමා ගීතා මහත්මියව ගෙදර යවන්න හදනවා. හිටපු ජනාධිපතිතුමා විමල් මහත්තයයි ආණ්ඩුවයි යවන්න හදනවා, ජවිපෙ උත්තර නැතිව ඉන්නවා. ඒ අතරේ දෙමළ අය රට දෙකඩ කරන්නත් හදනවා...

:       125       107

Thushara Monday, 15 May 2017 04:42 AM

එතකොට උතුරු නැගෙනහිර ජිවත් වුන සිංහලය වෙනුවෙන් කවුද පෙනී සිටින්නේ ..කතා කරන්නේ..? මම දන්නා විදියට මුස්ලිම් දෙමල ජනතාවට ඉඩම් ගෙවල් ලැබුණා .එත් සිංහලය තාමත් කුඩාරම් වල. කිසිදු සිංහල දේශපාලකයෙක් සිංහලයා වෙනුවෙන්වත් බුද්ධාගම වෙනුවෙන්වත් කතා කරන්නේ නැහැ... එත් දමිල මුස්ලිම් දේශපාලකයන් පෙනී සිටින්නේ ඔවුන්ගේ ජාතිය ආගමේ වෙනුවෙන්...

:       64       87

Perera Monday, 15 May 2017 05:05 AM

මේ යන විදිහට ඕකත් හම්බවෙයි ඒගොල්ලන්ට.

:       0       9

chaminda Monday, 15 May 2017 06:04 AM

වාසුදේව මහත්තයාගේ මස්සිනා වන ඔබගේ ඒ පැතුම ඒ අයුරින්ම ඉටුවේවා!!! මුළු රටටම අවශ්‍ය වන්නේ ඔබතුමා වැනි උතුම් නායකයින්....

:       60       41

susanthaMonday, 15 May 2017 07:33 AM

තමන්ගේ ජාතිය වෙනුවෙන් කොන්ද කෙලින් තියන් පෙනී ඉන්න මෙවන් නායකයින් ඒ ජාතියට වාසනාවක්! අනේ අපිට නෑනේ එහෙම නායකයෝ. කොමිස් කුට්ටියට ඕන දෙයක් විකුණන්න ලෑස්තියිනෙ...

:       0       81

kulatilake Monday, 15 May 2017 06:15 AM

ෆෙඩරල් පාලනයක් කරන්න නෙවේ... සමගියෙන් සහයෝගයෙන් පාඩුවේ ජීවත් වෙන්න....

:       0       49

kumar (galf) Monday, 15 May 2017 06:26 AM

දැන් ඉතින් ආයෙත් රටේ විනාශයකට මුල පිරීමක් තමයි.

:       1       27

සිරි Monday, 15 May 2017 07:00 AM

මෙම හැසිරීම ට්‍රීසන් (රාජ ද්‍රෝහී) කියන වරදට හසුවෙන්නේ නැද්ද?

:       1       38

roshan Monday, 15 May 2017 07:18 AM

ඔබතුමා නිවැරදියි. එදා ප්‍රභාකරන් උතුර විනාශ නොකලා නම් අද දකුණේ සිංහලයෝ රැකියා සහ අධ්‍යාපනය සඳහා උතුරට යනවා. එ්ක තමයි තිත්ත ඇත්ත. මේ රටේ සිංහල නායකයින් මැරුණාම අරගෙන යන්න බලාගෙන ජනතාවගේ ධනය සූරා කනවා මිස රටට සේවයක් කරන්නේ නැහැ. ඒ අතින් ද්‍රවිඩ නායකයෝ ඔවුන්ගේ ජනතාවට හා මේ භූමියට ආදරෙයි.

:       90       84

ජයන්ත Monday, 15 May 2017 07:43 AM

විග්නේෂ්වරන්තුමා තමන්ගේ ජාතිය නිසා තමන්ගේ උත්සාහය කොහොමත් අත්හරින කෙනෙක් නොවේ. දමිළ ජාතිය නගා සිටවන්නට පහළ වුණ නායකයෙක්.... ඒ වගේ ම අප නායකයන් තමන්ගේ පරම්පරාවේ අය වෙනුවෙන් විශාල වැඩක් කරමින් සිංහල රට ආගාධයකට ගෙනැවිත් තිබේනවා.....

:       8       16

siri Monday, 15 May 2017 07:52 AM

මෙයාල යුද්ධය තියෙන කාලේ මොකද කළේ? දැන් යුද්ධය නැති නිසා එහෙ බඩ පිනුම් ගහනවා වගේ...

:       11       29

laksiri Monday, 15 May 2017 08:57 AM

ඔබතුමන්ලා උතුරු නැගෙනහිර ජනතාවට අයිති ඉඩම් ගැටළු විසඳන්න බලය ඉල්ලනකොට සිංහල නායකයෝ තමන්ට තිබෙන ඉඩම් ගැටළු විසඳගන්න බලය ඉල්ලනවා. අනික ලංකාවේ සමහර පැතිවල ඉඩම් හා මාලිගාවල් තියෙනවා .ඒවාට අයිතිකාරයොත් නැහැ. රජයට අයිතිත් නැහැ. ඒවා ගැන කතා කරන්න කවුරුවත් නැහැ.

:       0       24

කොබා Monday, 15 May 2017 11:30 AM

මම නම් ෆෙඩරල් ක්‍රමයක් ඇතිවනවාට කැමතියි, ඔවුන් ඔවුන්ගේ ක්‍රමයට ඔවුන්ගේ නායකයන් මගින් ඔවුන්ගේ ප්‍රශ්න විසඳා ගනීවි. මන්ද සිංහලයන් ට දෙමළ ජනයාගේ ප්‍රශ්න ගැන තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. අඩුගානේ දෙමළ කතා කරන්න පුළුවන් සිංහලයන් උතුරේ රාජ්‍ය සේවයේ පවා කී දෙනාද සිටින්නේ? අසල්වැසි ඉන්දියාව බලන්න, භාෂා විශාල ගණනක් ඇති ජාතීන් ගණනාවක් එකමුතුව ජීවත් වනවා, ඉතින් අපිත් ෆෙඩරල් ක්‍රමයක් ඇති කරගත්තොත් සුහදත්වය තබාගනිමින් සිංහල දෙමළ මුස්ලිම් ජනයා මේ රටේ එකට ජීවත් වේවි. ෆෙඩරල් ක්‍රමයක් නිසා බෙදුම් වාදයක් ඇතිවනවා නම් මෙලහකටත් ඉන්දියාව රටවල් ගණනාවකට වෙන් වී තිබෙනවා.

:       3       0

nihal Thursday, 18 May 2017 03:10 AM

ඉපදුන රටට ද්‍රෝහිකම් කරන මේ මිනිහ ප්‍රබකාරම් වගේම අඩුකුලේ වගෙය් පේන්නේ.,

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31357 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13573 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 124 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 971 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site