ශිරාන් රණසිංහ
වසර තුනක පමණ කාලයක් තිස්සේ ප්‍රමාද වු විගණන කොමිසම අගෝස්තු 1 වැනි දා සිට බලගැන්වී ඇත.
පාර්ලිමේන්තුවේ දී සම්මත වු විගණන පනතට කතානායකවරයා අත්සන් කළ පසු ජනාධිපතිවරයාගේ අනුමැතිය ද ඊට ලැබී තිබේ.
ඒ අනුව ජුලි 26 වැනි දා නිකුත් කළ ගැසට් නිවේදනයට ප්‍රකාරව අගෝස්තු 1 වැනි දා සිට විගණන කොමිසම බලගැන්වෙන බව විගණන දෙපාර්තමේන්තු නිලධාරියෙක් පැවසීය.
මේ වන විට රජයේ විගණාකාධිපති ගාමිණි විජේසිංහ මහතා විදේශ සංචාරයක නිරතව සිටින අතර ඒ මහතා පැමිණි විගස කතානායක කරු ජයසුරිය මහතා ඉදිරියේ විගණන කොමසාරිස් ලෙස දිවුරුම් දීමට නියමිතය.
2025 නොවැම්බර් මස 04
213
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2079
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1592
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
විගණන කොමිසම අගෝස්තු 1 වැනි දා සිට බලගැන්වෙයි
Rathnayake Sunday, 05 August 2018 09:50 AM
පසුගිය රජයට කඩේ යන හුඟ දෙනෙක් අහනවා යහපාලන ආණ්ඩුච අවුරුදු 3ක් මොනවද කලේ කියලා. මේ වගේ රටේ හැමටම ඉතා වැදගත් අණපනත් සම්මත වීම අපි ලබපු ජයග්‍රහණයක්.. ජවිපයට ගොඩක් ස්තූතියි.
senaSunday, 05 August 2018 10:39 AM
රත්නායක මහත්තයෝ, අනපනත් සම්මත වීමයි, ක්‍රියාත්මක වීමයි අතරේ ලොකුවෙනසක් තියෙනවා. මේ ආණ්ඩුවේම කට්ටියක්... ඕවා ක්‍රියාත්මක වෙන්න දෙන්නේ නැහැ. අනිත් ආණ්ඩුව ආපු ගමන් කොහොමත් ඕවා කණපිට ගහනවා.
සතයපාලSunday, 05 August 2018 12:51 PM
අණපනත් සම්මත වූ පසු ඒවා ක්‍රියාත්මක වීම නවත්වන්නට හෝ අඩපණ කරන්නට කාටවත් බැහැ. උදාහරණ වශයෙන් අල්ලස් කොමිසම මැතිවරණ කොමිසම සහ පොලිස් කොමිසම යනාදිය අඩුපාඩු සහිතව වුවත් සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. වෙනත් රජයක් ආවත් මේ ක්‍රියාවලිය පහසුවෙන් ආපසු හරවන්න බැරි වේවි....
HafeelSunday, 05 August 2018 01:42 PM
රත්නායක මහත්තයෝ, ඔබතුමාට මේක විතරයි පේන්නේ. දීපු පොරොන්දු සේරම පාලකයන්ට අමතක වෙලා වගේ ඔබටත් අමතක වෙලාද? දින 100න් විධායක ජනාධිපති ධුරය අහෝසි කළාද? හොරුන් අපරාධකරුවන්ට දඬුවම් දුන්නාද? මහබැංකුවට මොකද වුණේ?
V.warnakulasuriya Sunday, 05 August 2018 11:24 AM
වංචාවෙන් සහ දුෂණයෙන් ගඳ ගහපු අතීතයක් මෙතනින් පසුවවත් යහපත් මාවතකට ගෙනයාම විගණාකාධිපතිතුමාගේ වගකීමය. කවදත් අවංක නිලධාරියෙක් වුන එතුමා අපේ බලාපොරොත්තුවයි. මෙපමණ කාලයක් බොරුවට රට ජාතිය ගැන කෑමොර දුන් දේශපාලකයන් ප්‍රමාද වී හෝ මෙම පනත ක්‍රියාත්මක කිරීමට දායකවීම අපි අගය කරමු. තවදුරටත් මෙහි පවතින අඩුපාඩු ඉවත් කර ගනිමින් විගණකාධිපතිතුමාව ශක්තිමත් කිරීම රටට ආදරය කරනවාය කියා කෑමොරදෙන දේශපාලකයන්ගේ යුතුකමය. එසේ නොකරන පිරිසක්ද සිටින බව අපි අමතක නොකරමු.