IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


වකුගඩු අස්සේ කෝෂ ජාවාරමක්

(නිමන්ති රණසිංහ)

බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක ඡාලගත වකුගඩු ඡාවාරමට අදාළව එක්කෝටි හැට ලක්ෂයක මුදලකට වෘෂණ කෝෂ විකිණීමේ ඡාවාරමක්  සම්බන්ධයෙන් ද කරුණු අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් පැවසෙයි.

මහා පරිමාණ වකුගඩු ඡාවාරම සම්බන්ධයෙන් වන විමර්ශනවලට අදාළව සාක්ෂි සටහන් කර ගැනීමේ දී මෙම කරුණු හෙළිවී ඇතැයි එම ආරංචි මාර්ග සදහන් කරයි.

බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ පදිංචි තරුණයකුගෙන් එක් වෘෂණ කෝෂයක් රුපියල් එක්කෝටි හැට අට ලක්ෂයකට මිලදී ගැනීම සඳහා සියල්ල සුදානම් කර තිබියදී වකුගඩුදායකයින් සඳහා මුදල් නොගෙවීම හේතුවෙන් එම තැනැත්තා සිය වෘෂණ කෝෂය ලබාදීම ප්‍රතික්ෂේප කර ඇතැයි පොලීසිය පවසයි.

බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු මෙම වෘෂණ කෝෂ දායකයාට අදාළ රෝහල සම්බන්ධ කර ඇති බවත් සැත්කම සදහා දින නියම කර තිබියදී මුදල් ලබා නොදීම පිළිබද ඇතිවූ සැකය හේතුවෙන් ඊට අකමැති වී ඇති බවත් පොලිසිය සදහන් කරයි.

මෙම වකුගඩු සහ වෘෂණ කෝෂ ඡාවාරම ඡාලගතව සිදුවන එකක් වන අතර, මෙරට සිටින ඡාවාරම්කරුවන් මෙන්ම විදේශීය ඡාවාරම්කරුවන් කිහිප දෙනකුද ඊට සම්බන්ධවී ඇති බවට මේ වන විට කරුණු හෙළිවී ඇති බව ද පොලිසිය පවසයි.



අදහස් (8)

වකුගඩු අස්සේ කෝෂ ජාවාරමක්

Asela Friday, 02 December 2022 11:31 PM

දැන් ලංකාවේ ජීවත් වෙන්න මිනිස්සුන්ට හැමදේම විකුණන්න වෙලා. ඒ නිසා පාර්ලිමේන්තුවේ අනුමත වෙන දේවල් වගේම මේකත් නීතිගත කරන්න.

:       5       19

ගඩුගුඩුව Friday, 02 December 2022 11:56 PM

හිරුණිකා මෙයට සම්බන්ධ නැතිබව අපගේ විශ්වාසයයි...!

:       13       20

kamal Saturday, 03 December 2022 08:29 AM

මේවගේ වැඩ රජයේ විද්ද විද්‍යාලයෙන් සමත් අය කරන්නේ නැහැ. මේකත් පුද්ගලික විද්ද විද්‍යාලේ අයගේ වැඩක්.

:       8       9

විජේ Saturday, 03 December 2022 09:20 AM

මොනම ක්‍රමේකින්වත් සල්ලි කීයක්වත් හොයාගන්න බැරි වෙලාවට, "දැන්නං ඉතිං මේක විකුණන්න තමයි තියෙන්නේ" කියලා අපි ඒ දවස්වල කිව්වේ කොමිටලේට... කාලය මැව් වෙනසක අරුමේ...! 

:       0       17

saman Saturday, 03 December 2022 12:40 PM

දැන් ඉතින් ඒකත් නැතුව ඉන්න වෙන්නේ...

:       0       6

Asanka Saturday, 03 December 2022 01:06 PM

ඕක විකුණලා ඔච්චර මුදලක් ගන්න පුළුවන් නම් මමත් කැමැතියි. මට මොවුන්ව සම්බන්ධ කරගත හැකි ආකාරය කියන්න. මේ රටේ ජීවත් වෙන්න අවශ්‍යතා ටික පිරිමහගන්න ඕකවත් විකුණනවා හැර වෙන විකල්පයක් නැහැ.

:       0       10

පිටිගල මිලානෝ Saturday, 03 December 2022 06:21 PM

මීට වඩා ලාබෙට මට දෙන්න පුළුවන්...

:       0       4

d.upul Saturday, 03 December 2022 09:00 PM

දෙවියන්ට ස්තුති වේවා...!!! අපටත් දැන් කෝටි ගණනකට විකුණාගන්න යමක් තියනවා. හුරේ...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site