(ජේ.ඒ.එල්. ජයසිංහ)
වික්ටෝරියා ජලාශයේ දිය නෑමට ගිය, මහනුවර ප්‍රධාන පෙලේ පිරිමි විදුහලක සිසුන් තිදෙනෙකු දියේ ගිලී ඇති අතර ඉන් සිසුන් දෙදෙනෙක් බේරාගත් බවත් එක් සිසුවෙක් මරණයට පත්ව ඇති බවත් තෙල්දෙණිය පොලිසි පවසයි.
බේරා ගත් සිසුන් දෙදෙනා තෙල්දෙණිය රෝහලට ඇතුලත් කර ඇතිබව පොලිස් ප්‍රකාශකයෙක් පැවසීය
සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ 12 වසරේ ඉගෙනුම ලැබූ කවිද නියංගොඩ නැමති සිසුවෙකු බව, මේ සම්බන්ධව විමසීමේදී තෙල්දෙණිය පොලිස් මූලස්ථානයේ නිලධාරියා වැඩි දුරටත් කීය.
මහනුවර ප්‍රධාන පෙලේ පිරිමි විදුහලක ළමුන් 51 දෙනෙකු සහ ගුරුවරුන් දෙදෙනෙකු තෙල්දෙණිය පොලිස් වසමේ ඹබරගල රාජමහා විහාරය නැරඹීමට පැමිණ ඇති අතර ඒ ආසන්නයේ පිහිටි වික්ටෝරියා ජලාශයට සිසුන් තිදෙනෙකු දිය නෑමට ගිය අවස්ථාවේ මෙලෙස එක් සිසුවෙකු දියේ ගිලී මරණයට පත්වී ඇති බව පොලිසිට කියයි.
තෙල්දෙණිය සහකාර පොලිස් අධිකාරී ජයන්ත සමරකෝන් මහතාගේ අධීක්ෂණ මත තෙල්දෙණිය පොලීසීය සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ පවත්වයි.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
වික්ටෝරියා ජලාශයේ දිය නෑමට ගිය සිසුවෙක් මරුට
ගමේ එකාලා Friday, 05 September 2025 06:03 PM
පීනන්ඩ හරියටම නොදැන පීනන්ඩ යනවා. මේ පිළිබදව පහුගිය කාලවල කරපු දැනුවත් කිරීම් අපිත් ඇහැව්වා.. අවදානම ගැන නොසිතා මොකටද යන්නේ...?