
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ලෝක බැංකු නියෝජිතයන් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
‘AgriConnect Sri Lanka’ වැඩසටහන නිල වශයෙන් එළිදැක්වීම පිළිබඳව ලෝක බැංකුවේ දේශීය කළමනාකාර Gevorg Sargsyan මහතාගේ ප්රධානත්වයෙන් යුත් නියෝජිත පිරිස අතර මෙහිදි සාකච්ඡා පැවැත්විණි.
ඔක්තෝබර් 30 වැනිදා TRACE Expert City පරිශ්රයේදී පැවැත්වීමට නියමිත ‘AgriConnect Sri Lanka’ වැඩසටහනේ නිල එළිදැක්වීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
එහිදී ලෝක බැංකු නියෝජිත පිරිස විසින් වැඩසටහන පිළිබඳව පුළුල් පැහැදිලි කිරීමක් සිදු කරන ලද අතර, ලෝක බැංකු සමූහයේ මෙම ගෝලීය වැඩසටහනට එක්වන දකුණු ආසියාවේ පළමු රට බවට ශ්රී ලංකාව පත්වීමට නියමිතව තිබීම සුවිශේෂී සන්ධිස්ථානයක් බවද අවධාරණය කරන ලදී.
ජාත්යන්තර මූල්ය සංස්ථාවේ (IFC) ජ්යෙෂ්ඨ දේශීය නිලධාරී Victor Anthonypillai, කාර්ය ප්රධානී Tomas Ricardo Rosada Villamar, ජ්යෙෂ්ඨ ආර්ථික විද්යාඥ Felipe F.Dizon සහ ජ්යෙෂ්ඨ කෘෂිකර්ම විශේෂඥ අතුල සේනාරත්න යන මහත්වරු ද ජනාධිපති ලේකම් කාර්යාලය නියෝජනය කරමින් ජනාධිපති ජ්යෙෂ්ඨ සහකාර ලේකම් ආචාර්ය ධනුෂ්ක පෙරේරා සහ ජනාධිපති සහකාර ලේකම් ආර්.ඒ. රුවන්පතිරණ යන මහත්වරුද මෙම අවස්ථාවට එක් වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd