IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ලෝක නායකයන්ගේ රහස් එළියට

ලෝක නායකයන්, දේශපාලකයන්, ප්‍රකෝටිපතියන් ඇතුළු ලොව ප්‍රබලයන්ගේ බොහෝ දෙනකුගේ අයථා මුදල් රැස් කිරීම්, බදු පැහැර හැරීම්, මුදල් විශුද්ධිකරණ කටයුතු ඇතුළු රහස්‍ය ධනය සහ රහස් මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් අනාවරණය වූ 'පැන්ඩෝරා පේපර්ස්' (පැන්ඩෝරා පත්‍රිකා) අතරේ, ශ්‍රී ලංකාවේ හිටපු අමාත්‍යවරියක වන නිරූපමා රාජපක්ෂ මහත්මියගේ නම ද සඳහන් වෙයි.

'පැන්ඩෝරා පේපර්ස්' අනාවරණය සිදු කළේ විමර්ශන මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනයයි. ලොව ප්‍රධන පෙළේ මාධ්‍ය ආයතන නියෝජනය කරන ගවේෂණාත්මක මාධ්‍යවේදීන් 650 කට වැඩි පිරිසක් මෙම අනාවරණය සිදු කිරීමට දායක වී ඇත.

ඒ, වසර 7 ක් තිස්සේ ගෝලීය මූල්‍යායතන 14කින්එක්රැස් කරගත් මූල්‍ය ලේඛන පාදක කර ගනිමිනි. ඒ අනුව ඊයේ (3) පැන්ඩෝරා පෙපර්ස් හරහා ප්‍රසිද්ධියට පත්වුණු වාර්තා සහ ලිපි ගොනු ගණන මිලියන 12 ඉක්මවයි. ලෝක ඉතිහාසයේ මහා පරිමාණයෙන් මූල්‍ය වංචා අනාවරණයක් සිදුවුණු පළමු අවස්ථාව මෙයයි.

නිරූපමා රාජපක්ෂ සහ ඇගේ සැමියා වන තිරුකුමාර් නඩේසන් සමග එක්ව ඇය ව්‍යාජ සමාගමක් පවත්වාගෙන ගිය බවත් ඒ හරහා ලන්ඩන් සහ සිඩ්නි නගරවල නිවාස මිලට ගැනීම සහ වෙනත් ආයෝජනවල යෙදීම සිදුවූ බවත් පැන්ඩෝරා පත්‍රිකා අනාවරණය කර තිබේ.

'පැන්ඩෝරා පේපර්ස්' හරහා මූල්‍ය අකටයුතුකම්වලට සම්බන්ධ වූ බව අනාවරණය වූ රාජ්‍ය නායකයන් සහ පුබලයන් අතර ඉදිරියෙන්ම පසුවන්නේ ජෝර්දානයේ දෙවැනි අබ්දුල්ලා රජුය. දෙවැනි අබ්දුල්ලා රජු, බ්‍රිතාන්‍ය සහ අමෙරිකා එක්සත් ජනපදයේ පවුම් මිලියන 70ක් දේපළ රහසිගතවරැස් කර තිබේ.

බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍ය ටෝනි බ්ලෙයාර් සහ බිරිඳ චෙරීගේ නම 'පැන්ඩෝරා පේපර්ස්' අනාවරණයට ඇතුළත් වෙයි. දෙදෙනා පවුම් මිලියන 6.45 ක මුදලක් ගෙවා දේපල මිලදී ගත් අවස්ථාවේදී ඒ වෙනුවෙන් ගෙවිය යුතු පවුම් තුන් ලක්ෂ දොලොස් දහසක මුද්දර ගාස්තු නොගෙවා ඇති බව 'පැන්ඩෝරා පේපර්ස්' අනාවරණය කර ඇත.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට අයත් මොනාකෝ රාජ්‍යයේ රහසිගත දේපළ ඇති බව 'පැන්ඩෝරා පේපර්ස්'අනාවරණය කරයි. මහ මැතිවරණයකට මුහුණ දීමට සූදානමින් සිටින චෙක් අග්‍රාමාත්‍යඇන්රේච් බබීස් පවුම් මිලියන 12 ක මුදලක් ගෙවා දකුණු දිග ප්‍රංශයෙන් මන්දිර දෙකක් මිලදී ගෙන ඇත.

සිය රටේ දේපල කොල්ලකන බවට චෝදනා ලැබ සිටින අසර්බයිජානයේ ජනාධිපති ඉලාම් අලියෙෆ් ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයින් එක්සත් රාජධානියෙන් ලබාගෙන ඇති දේපලවල වටිනාකම ඩොලර් මිලියන 400 කට අධිකයැයි 'පැනමා පේපර්ස්' අනාවරණය පෙන්වා දෙයි. ජනාධිපති ඉලාම් අලියෙෆ් සිය 11 හැවිරිදි පුතුටද ලන්ඩනයෙන් ඩොලර් මිලියන 30 ක ගොඩනැගිල්ලක් මිලදී ගෙන ඇතැයි පැවැසෙයි.

ඊට අමතරව, චෙක් අග්‍රාමාත්‍යඇන්රේච් බබීස්, කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා, ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර්, සුපිරි පොප් ගායිකාෂකීරා, නිරූපිකා ක්ලෝඩියා ෂිෆර් මෙන්ම ප්‍රකට ඉන්දීය ව්‍යාපාරික අනිල් අම්බානි ඇතුළු තවත් බොහෝ දෙනකු අයථා මුදල් එක් රැස් කිරීම් සම්බන්ධයෙන් 'පැන්ඩෝරා පේපර්ස්' අනාවරණය කර ඇතැයි පැවැසෙයි.

අනාවරණයෙන් පසු ෂකීරා සහ තෙන්ඩුල්කාර්ගේ නීතීඥවරුන් පවසා ඇත්තේ ආයෝජන පිළිබඳ අදාල බලධාරීන් දැනුවත් කර ඇති බවය. ෂකීරාගේ නීතීඥයා පවසා ඇත්තේ ඇයට එම ආයෝජනවලින් කිසිදු බදු සහනයක් නොවන බව ය. ෂකිරා පදිංචි වී සිටින්නේ මහා බ්‍රිතාන්‍යයේය. ඇය නියමිත පරිදි බදු ගෙවීම් සිදු කර ඇති බව ඇගේ නියෝජිතවරයා මාධ්‍ය වෙත දන්වා තිබේ.

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේකැබිනට් අමාත්‍යවරුන්, හමුදා ප්‍රධානීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සතු රහසිගත සමාගම් පිළිබඳ විස්තර සහ ඩොලර්මිලියන ගණනක මුදල් රැස් කිරීම් පිළිබඳ විස්තර ද ප්‍රසිද්ධියට පත් වී ඇත. අග්‍රමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිව කිසිදු චෝදනාවක් එල්ල වී නොමැති අතර, අග්‍රාමාත්‍යවරයා එම චෝදනා සම්බන්ධයේව ඊයේ (4) සවස විශේෂ ප්‍රකාශයක් ද කළේය.

පැන්ඩෝරා පත්‍රිකාවල නම් සඳහන් සියලු දෙනා සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණ පවත්වන පබව අග්‍රාමාත්‍යවරයා එම ප්‍රකාශය හරහා අවධාරණය කර තිබේ. පාකිස්තාන මුදල් අමාත්‍යවරයා සහ ජල සම්පත් අමාත්‍යවරයාගේ නම් අයථා මුදල් රැස් කිරීමේ ලැයිස්තුවේ ඉදිරියෙන්ම ඇති බව ද පැවැසෙයි.

(ඩේලිමිරර්)



අදහස් (41)

ලෝක නායකයන්ගේ රහස් එළියට

සමිත සේනක අලුත්ගමගේ. Monday, 04 October 2021 05:59 PM

ලෝකයේ වැසී පවතින සැබෑ මායාව එළිකොට, හොරෙන් මුදල් හා දේපළ උපයා ලෝකෙට පෙනෙන්නට සුදනන් සේ ජීවත්වෙන මිනිසුන්ගේ හැටි ලෝකයාට පෙන්වීමට මුල්වූ මාධ්‍යවේදීන් පිරිසට අපගේ ප්‍රණාමය... මේ උත්සාහය තව තවත් ශක්තිමත් කොට ලොවපුරා ව්‍යාප්ත කිරීමට ඉඩ ප්‍රස්ථා ලැබේවා.

:       5       193

ගයනි රාමනායකTuesday, 05 October 2021 01:55 PM

සමිත සේනක අලුත්ගමගේ මහතා වෙත, අප ස්තූතිවන්ත විය යුත්තේ අන්තර්ජාතික මාධ්‍යවේදීන් වෙතයි. අපේ මාධ්‍යවේදීන් මේවා එළිකරන්න තාම තටමනවා...

:       0       54

nimalTuesday, 05 October 2021 04:33 PM

නිරූපමා රාජපක්ෂ මහජන මුදල් එකතු කරලා මැරෙන දවසට මේවා අරගෙන යන්න සිතනවා ඇති..

:       11       29

ගමේ එකාලාTuesday, 05 October 2021 07:27 PM

සල්ලි ගොඩ ගහන්නේ අවුරුදු සීයක්,දෙසීයක් විතර ජීවත් වෙයි කියලා හිතාගෙන. මැරෙන කොට හැමදේම දාලා යන්ඩ වෙනවා. අද අද එයි මරු පින්කර ගන්නේ? පන්සල් වන්දනාවේ යන සමහර දුශිත දේසපාලුවෝ මේවා දන්නෙ නැහැ .

:       0       7

wimal Monday, 04 October 2021 10:39 PM

අපේ තාත්තත් වැඩිහිටි දීමනාව 2000ක් දෙනවා. තව පොඩ්ඩෙන් අහු වෙනවා.

:       7       52

පැරකුම්Tuesday, 05 October 2021 09:20 AM

කෝ මේකෙ අපේ කට්ටියගෙ නම් නැහැ නේ. ඔක්කොටොම හරියන්න නියෝජිතයෙක් නම් ඉන්නවා.

:       4       43

saman Tuesday, 05 October 2021 05:19 AM

විරුද්ද පාක්ෂිකයන්ගේ මෙවන් දෙයක් අනාවරණය වුනානම් සද්දේ බලන්න තිබුනා

:       16       57

69lakshaya Tuesday, 05 October 2021 08:39 AM

අපේ සර්ලගේ, මැඩම්ලගේ? ඉතින් අපි සදා ණයගැතියි.

:       14       52

චින්තක Tuesday, 05 October 2021 10:34 AM

සියල්ලන් ගැනම සොයා බලන්න

:       3       29

SL Tuesday, 05 October 2021 09:13 AM

දැන් කළු සල්ලි සුදු කරන රටවල් අතරට ඉන්නේ ලංකාවද ? ඔස්ට්‍රේලියාව, ඩුබායි ,ස්විට්සර් ලන්තය ,එංගලන්තය ද ?

:       17       25

Samanthi Dissanayaka Tuesday, 05 October 2021 09:13 AM

මෙයාලත් එක්ක බලනකොට අපි කොච්චර දුප්පත්ද ?

:       2       45

විජේ Tuesday, 05 October 2021 09:41 AM

මම අහලා තියන විදිහට ලන්ඩන්, සිඩ්නි කියන්නෙ ලෝකෙ දේපල මිල වැඩිම නගර දෙක.

:       1       32

නුවන් Tuesday, 05 October 2021 10:39 AM

දුවමු මිතුර දුවමු. බොහෝ දෑ සිතා ගත හැක. ප්‍රතිඋත්තර වලින් පලක් නැත. අපි හැංඟෙමු.

:       1       36

Kingsly Ranepura -Maradana. Tuesday, 05 October 2021 10:41 AM

කියනකොටම මම බය වුනා.

:       1       21

Sunil Tuesday, 05 October 2021 10:46 AM

මේ පෙනෙන්නේ හිම කන්දක මුදුන පමණයි

:       1       47

සිරිබිරිස් Tuesday, 05 October 2021 10:47 AM

ගැරඬින්ට භූමිතෙල් ගහල වගේලූ නේද හෝ ගාලා දඟලනවලු

:       2       40

sachithTuesday, 05 October 2021 11:09 AM

කලින් ඒවල හිටිය ලංකාවේ එක්කෙනෙක්ගෙවත් පරීක්ෂණ කරාද

:       0       1

BamunuarachchiTuesday, 05 October 2021 11:11 AM

ඇයි එහෙම දඟලන්නේ මම උපයන සල්ලි මට කැමති රටක තියා ගන්න පුළුවන්. දැනට උනත් අපේ ඩොලර අපිට අවශ්‍ය වෙලාවක පිටට ගන්න බැරිනම් අපි උපයන ඩොලර් ඉයුරෝ ලංකාවට එවන්නේ නැහැ. මම එවන සල්ලි වලින් නිකමෙක් එයාගේ ප්‍රයෝජනයට කාර් ගෙන්වනවා මට බලන් ඉන්න පුලුවන්ද?

:       1       4

Bamunuarachchi Tuesday, 05 October 2021 11:13 AM

දුවන්න මිතුර දුවන්න

:       1       1

Chamara Tuesday, 05 October 2021 11:53 AM

විදේශ කුමන්ත්‍රණ කියලා කියයි අපේ මිනිස්සු

:       0       15

Vithana Tuesday, 05 October 2021 11:55 AM

හැමෝම එකතු වෙලා හොරකම් කරපුවා ආයෝජනය කරලා තියෙන හැටි දැන් පැහැදිලියි.

:       0       19

Don perera Tuesday, 05 October 2021 12:06 PM

කොහොමද ඉන්න කට්ටිය

:       0       9

fairoos Tuesday, 05 October 2021 12:28 PM

නම් ගැවිලත් ඇති

:       1       6

අරුන Tuesday, 05 October 2021 01:55 PM

පැන්ඩෝරා පේපර්ස් නෙමෙයි... ටොයිලට් පේපර්ස් ආවත් අපේ ලොක්කො කිරි මෙන් පිරිසිදුයි, ට්‍රිලියන වලින් ණය අරන්, මිලියන වලින් රට සංවර්ධන කරපු උත්තමයින් ඉන්නේ අපේ රටේ...

:       1       36

Bandara Tuesday, 05 October 2021 06:01 PM

හරියටම හරි අරුණ. අපේ බුද්ධිමත් තාර්කික ඡන්ද දායකයින් බහුතරය ඉන්නේ ඔය මතයේ.

:       1       3

Nuwan Tuesday, 05 October 2021 02:19 PM

සුනාමි, මිග් යානා, සිල් රෙදි, යකඩ බට, ලිත්, චීන්නුන්ගෙන් ගත් ණය, කෝවිඩ් අරමුදල්,... තව සියගණනක් යටිකූට්ටු වැඩවල පොඩි හෙළිදරව්වක් තමයි මේක...

:       4       31

Don Tuesday, 05 October 2021 02:26 PM

අපේ කට්ටිය මොල කාරයෝ... මොන ලෝකෙ ජගතෙක්ටවත් අපේ අයගේ නම් එළියට ගන්න බෑ... මොකද ඔක්කොටම හොර පාස්පෝර්ට්, හොර හැඳුනුම්පත් හදලා තියෙන්නේ..

:       0       21

beau Tuesday, 05 October 2021 02:36 PM

රාජ්‍ය නායකයින් ලෝක හොරු බව ඔන්න සහතිකවම ඔප්පු වුණා.. ගියසැරේ වගේ ආයෙත් ඔය හොර වැඩේ කළ බව ප්‍රසිද්ධ වුණා.. ලංකාවේත් ඉන්න නායකයෝ පට්ට හොරු.. දීපල්ලා මුන්ට ඡන්ද...

:       1       27

dasun Tuesday, 05 October 2021 02:43 PM

පිටිනුත් එහෙම නම් අපේ වාහෙලා ගැන මොන කතාද කොල්ලෝ?

:       0       17

Chandima Tuesday, 05 October 2021 02:47 PM

සුද්දෝ කියපු ගමන් ඒක හරි ඇත්ත කියලා හිස් මුදුනෙන් පිළිගන්න එපා. ඔය ලැයිස්තුවේ කිසිම සුදු දේවතාවකුගේ නමක් නැහැ නේද? සුද්දෝ රටවල් අස්ථාවර කරන්න ඔයවගේ දේවල් කරනවා.

:       42       10

KaluTuesday, 05 October 2021 03:49 PM

ඔලුව අතගාලා බලන්න අං එනවද කියල

:       3       38

nimelenTuesday, 05 October 2021 04:26 PM

බ්‍රිතාන්‍ය අගමැති ටෝනි බ්ලෙයර්ව පේන්නේ කළු ජාතිකයෙක් කියලද?

:       2       1

NuwanTuesday, 05 October 2021 04:41 PM

හම්බන්තොට පැත්තේ තණකොලද කන්නේ?

:       2       2

sunilTuesday, 05 October 2021 05:26 PM

බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍ය ටෝනි බ්ලෙයාර් කියන්නේ ඔයාගේ මහප්පාද?

:       2       18

Don perera Tuesday, 05 October 2021 05:51 PM

මම හරකෙක් දැක්කා...

:       0       0

BishanTuesday, 05 October 2021 06:34 PM

චන්දිමට වඩා ලොකු බයියෙක් දන්නවනම් අටපට්ටමට කියන්න හොදේ

:       1       7

විපරමා Tuesday, 05 October 2021 04:12 PM

අපේ මාධ්‍යවේදීන් මේ වගේ දේවල් කියන්ඩ ගිහින් වෙච්ච් දේවල් ලෝකෙම දන්නවා

:       0       2

janabala asamagi Tuesday, 05 October 2021 04:27 PM

69 ලක්ශේ සද්දයක් නැහැනේ

:       1       2

Appuhami Tuesday, 05 October 2021 06:15 PM

හැබැටම අපේ රටේ අර නැව ගිලුන එකේ සල්ලි කාගේ ගිනුමේද ඇත්තේ?

:       2       3

බ්‍රාහ්මණ Wednesday, 06 October 2021 04:55 AM

හෙල්පින්ග් හම්බන්තොට ,සිරිලිය වගේ පවුලේ ගිණුම් වල වෙන්ඩැ.

:       0       2

Nihal Wednesday, 06 October 2021 10:24 AM

අපේ රටේ නායකයෝ අපේ ගෙවල් වලට පැනල බත් මුට්ටිය උස්සාගෙන ගියත් උන් හොරු වගේ අපිට පේන්නෙ නෑ. ඕක මේ රටේ ජනතාව දැනගත්තා කියලා කිසි වෙනසක් වෙන්නේ නෑ. කොහොම උනත් ඒ මාධ්‍යවේදීන් කරපු කැපකිරීම අගය කල යුතුයි.

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 42 0

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 303 0

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග
2024 අප්‍රේල් මස 19 179 0

දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී


ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
2024 අප්‍රේල් මස 19 124 0

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.


සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 204 3

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 2156 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1514 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site