
(ෂේන් සෙනෙවිරත්න)
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පුස්තකාලය සතු මහා වංශය පුස්තකය ලෝක උරුමයක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් අවුඩ්‍රේ ඔසේලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම පුස්තකාල පරිශ්‍රයේදී සිදු අද කෙරුණි .
එහිදී ලෝක උරුමයක් ලෙස නම් කෙරුණු එම පුස්තකයට අදාළ සහතික පත්‍රය ප්‍රදානය කිරීම යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය විසින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය ජී.එච්. පීරිස් මහතා වෙත භාරදුන් අතර ඊට අදාළ සමරු පලකයක්ද ඇය විසින් විවෘත කරන ලදී .
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය එම්. ඩී. ළමාවංශ මහතා විසින් යුනිස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය පේරාදෙණිය විශ්ව විද්‍යාලයට පැමිණීම සනිටුහන් කරමින් විශේෂ සමරු පොතක්ද එහිදී පිළිගැන්විණි .
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුස්තකාලාධිපති ආචාර්ය එම්. මහේෂ්වරන් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ සැබෑ ඉතිහාසය යටපත් කරමින් සඟවමින් ලියවුන මෙය උරුමයක් නොව සැබැවින්ම කරුමයකි..
අතීත දේවල් “ලෝක උරැම” වෙද්දි, වර්ථමානෙ ඉන්න ගොඩක් එවුං “ලෝක කරැම” වෙලා...!
සෑම පුරවැසියෙක්ම එක වරක් හෝ කියවිය යුතු වටිනා ග්‍රන්ථයකි මහා වංශය . විශේෂයෙන්ම පාලකයින් මෙය කයවා තිබිය යුතුය . අන්‍යාගමිකයන් ද මෙය කියවිය යුතුය . එතකොටයි සියල්ලන් දැන ගන්නෙ තමාගෙ අක්මුල් ගැන. මේ රට කුමක්ද. රට දැය සමය රැක ගැනීමට අතීත රජ දරුවන් කළ කැප කිරීම් කොපමණද කියලා.