
(විමුක්ති එස් රුද්‍රිගු)
ලොව ධනවත්ම පුද්ගලයන් ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ සිටි ඇමසෝන් නිර්මාතෘ ජෙෆ් බෙසෝස් පසු කරමින් මුහුණු පොතේ ප්‍රධානියා වන මාර්ක් සකර්බර්ග් ලොව ධනවත්ම පුද්ගලයන් අතර දෙවැනි ස්ථානයට පැමිණ ඇත.
බ්ලූම්බර්ග් ලොව ධනවත්ම පුද්ගලයන්ගේ ලැයිස්තුවට අනුව ඇමසෝන් නිර්මාතෘ ජෙෆ් බෙසෝස්ගේ ශුද්ධ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 205.1 ක් වන අතර මාර්ක් සකර්බර්ග්ගේ ශුද්ධ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 206.2 කි. කුවේට් දළ දේශීය නිෂ්පාදිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 160.4 පසු කිරීමට මේ වනවිට මාර්ක් සකර්බර්ග් හැකියාව ලැබී ඇත. ඔහු පසුපසින් සිටින්නේ ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඊලෝන් මස්ක්ට පමණි.
කෘතීම බුද්ධි ක්ෂේත්‍රයේ කළ ආයෝජන හේතුවෙන් මෙටා සමාගමේ කොටස්වල වටිනාකම ඉතා සිඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවත් ඒ හේතුවෙන් මෙම වසරේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 78 ක් තම වත්කමට එකතු කර ගැනීමට සකර්බර්ග්ට හැකියාව ලැබී ඇති බවත් පැවැසෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd