මන්නාරම කියන්නේ සංචාරයේදී දකින්න දෑ රාශියක් තියෙන ප්‍රදේශයක්. කලක් යුද්ධය නිසාවෙන් තහනම් කලාපයක් වුණාට දැන් මන්නාරම සංචාරකයින්ගේ නොමද ආකර්ෂණයට ලක්වෙලා. දැනට ටික කාලෙකට කලින් අපි walk121 එක්ක ඔබව මන්නාරම් කොටුව බලන්න එක්කගෙන ගියා. අතීතයේදී දඬුවමක් ලෙස ප්‍රසිද්ධියේ මිනිසුන් එල්ලා මැරෑ මන්නාරම් කොටුව හැරැනාම මන්නාරමේ බලන්න දේවල් තව බොහෝමයක් තියෙනවා. ඒ අතරින් අද අපි යන්නේ සොබාව දහමේ අපූරැ නිර්මාණයක් වුණ සියවස් ගණනක් පැරුණි බයෝබැබ් ගස බලන්න. බොහෝදෙනා මේ ගසේ ඡායාරෑප දැකලා ඇති. නමුත් මේ මොකද්ද, ඇයි මේක වැදගත් කියලා දන්නේ නැතිව ඇති. අද අපි මේ දේවල් දැනගමු.
මන්නාරම්පිටි වැල්ල සිපගෙන හමා එන මද නලෙහි මුසුව ඇති දාහය රටේ වෙනත් කොතැනකදිවත් නොදැනෙන තරම්. ඒ ලංකාවේ වැඩිම උෂ්ණත්වයක් ඇති නගරය මන්නාරම වන නිසයි.
එමෙන්ම ලංකාවේ අඩුම වර්ෂාපතනය ලැබෙන්නෙත් මන්නාරමටයි. ඒ වාර්ෂිකව මිලි මීටර 975ක්. කොතරම් ශුෂ්ක වූවත් මන්නාරම් ජනතාවට ඒ පරිසරය හුරැ පුරැදුයි. අපි මුලින්ම කිව්වා වගේ යටත් විජිත සමයේ පාලකයන් ඇති දැඩි කළ අශ්වයන්ට ඖෂධ තනාගැනීම සඳහා මැඩගස්කරයෙන් ගෙන්වා සිටවූ බයෝබැබ් නම් වූ මහා වෘක්ෂ අතරින් ඉතිරිවූ ගස තවමත් මන්නාරම් නගර මධ්‍යයේ දක්නට ලැබෙනවා. ලංකාවේ ඇති බයෝබැබ් ගස්වලින් වට ප්‍රමාණයෙන් වැඩිම ගස තිබෙන්නේ මන්නාරමේ. එහි වට ප්‍රමාණය අඩි 64යි, උස අඩි 24යි. එහෙම කිව්වාම හිතේවී තව බයෝබැබ් ගස් ලංකාවේ තියෙනවාද කියලා. දැනට තියෙන තොරතුරැවලට අනුව බයෝබැබ් ගස් 40ක් විතර ලංකාව පුරා තියෙනවා. ඒ අතරින් මන්නාරම දිස්ත්‍රික්කයෙන් විතරක් බයෝබැබ් ගස් 34ක් හඳුනාගෙන ඇති බවයි කියන්නේ. ඒ බොහෝ ගස් අවුරැදු 300ත් 400ත් අතර පැරුණි ඒවා. අපි මේ බලන්න පැමිණි ගස මන්නාරම නගරයෙන් ඇතුළට තියෙන පල්ලිමුනෙයි පාරේ පුංචි දුරක් ගියාම දකින්න පුළුවන්. මේක තමයි ලංකාවේ පැරුණිතම බයෝබැබ් ගස.
ඒ වගේම විශාලම ගස ඔස්ට්‍රේලියාව, අප්‍රිකාව හා මැඩගස්කරයට ආවේණික වූ බයෝබැබ් වනස්පතීන් මෙරටට ගෙන්වා ඇත්තේ ලන්දේසීන් හා පෘතුගීසීන් විසින්. එකල මෙරට අශ්ව වෙළෙඳාම සරැවට සිදුකෙරැණා. ලංකාවේ විශාලතම අශ්ව ගහනය අදත් වෙසෙන්නේ යාපනයේ ඩෙල්ෆ්ට් දූපතේ. අශ්වයන්ට බේත් හදන්න ගෙන ආ බයෝබැබ් ගස්වලින් කිහිපයක් අදත් ඩෙල්ෆ්ට් දූපතේ නිරැපද්‍රිතව තිබෙනවා.
Text / Pic- Prasad
2025 නොවැම්බර් මස 21
287
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
321
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1249
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ලොකුම ගස සෙවණ දෙන ගිනිදන නගරය
ඔසද Monday, 24 January 2022 03:13 PM
ඇත්තටම ගොඩක් තොරතුරු දැනගත්තා...