
(සුජිත් හේවාජුලිගේ)
පශ්චාත් උපාධි හැදෑරීමට විදේශගත වූ වෛද්‍ය නිලධාරීන් 71 දෙනෙකුගෙන් 68 දෙනෙකුම එම උපාධිය සම්පූර්ණ නොකර කට්ටි පැන ඇති බව අලුත්ම විගණන වාර්තාවක සඳහන්වේ.
ඒ අනුව එම නිලධාරීන්ගේ වෙනුවෙන් රජය දරන ලද සමස්ත වියදම නාස්ති වී ගොස් ඇතැයිද එහි දැක්වේ.
එසේම වෛද්‍ය නිලධාරීන් දොළොස් දෙනෙකු සේවය අතහැර යෑම සම්බන්ධයෙන් වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධිය ආයතනයට දැනුම් දීමට අමාත්‍යාංශය කටයුතු කර නොතිබුණු බව ජාතික විගණන කාර්යාලය පවසයි.
මේ අතර බැඳුම්කර කඩ කරන වෛද්‍ය නිලධාරීන්ගෙන් අය විය යුතු සියලුම මුදල් ඔවුන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි කර ගැනීමේදී අයකර ගැනීම සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීමට අැති හැකියාව සොයා බලන ලෙස විගණන කාර්යාලය නිර්දේශ කර ඇත.
මේ තොරතුරු සඳහන් වන්නේ සේවය හැර ගිය රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙන් රජයට අය විය යුතු හිඟ මුදල් හා විදේශ පුහුණුව ලද විශේෂඥ වෛද්‍ය නිලධාරින් අනුයුක්ත කිරීම සම්බන්ධයෙන්වූ විශේෂ විගණන වාර්තාවේය.
2025 ඔක්තෝබර් මස 08
1653
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1401
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
500
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන
ලොකු උපාධි ගන්න ගිය දොස්තරලා 68ක් කට්ටි පැනලා
ran tha Wednesday, 29 October 2025 01:29 PM
ඕව එච්චර ප්‍රශ්න නෙමෙයි. නීතියක් ගේන්න එහෙම යන අය කට්ටි පැන්නොත් ඔවුන් අපරාධකාරයෝ විදියට ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කරන්න. ඔවුන් නැවත අල්ලන තුරු ඔවුන් වෙනුවෙන් මේ රටේ බදු ගෙවපු ජනතාව දරන ලද වියදම් පොලියකුත් සමග නැවත අයකරගන්න විදියට. එකෙක්වත් ආපහු එන්නේ නැතිව ඉන්නේ නෑ.