IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


ලසන්තගේ ඝාතනයට ගල්කිස්සේ හිටපු ඕඅයිසී අත්අඩංගුවට

තරිදු ජයවර්ධන
 
සන්ඩේ ලිඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ගල්කිස්ස පොලිසියේ එවකට සිටි අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා  අද (1)  රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
 
ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් කළ පරීක්ෂණ වලදී සොයා ගත් ඇතැම් සාක්කි මෙම පොලිස් පරික්ෂකවරයා විසින් වසන් කරනු ලැබ ඇතැයි රහස් පොලිස් ආරංචි මාර්ග කියයි.
 
මෙම ඝාතනයට අදාල ප්‍රබල සාක්කි කිහිපයක් මෙම සැකකරු පොලිසියේ ජ්‍යෙෂ්ඨම නිලධාරීන් කිහිප දෙනෙකුට නීත්‍යානුකුල නොවන ලෙස ලබාදී ඇති බව පරික්ෂණ වලින් අනාවර‍ණය වී යැයි රහස් පොලිසිය පවසයි.
 
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිමැරුම් විමර්ශන අංශයෙන් සැකකරු අද (1) අත්අඩංගුවට ගන්නා විට ඔහු පොලිස් සේවයෙන් විශ්‍රාම ගෙන සිටි බව රහස් පොලිස් ආරංචි මාර්ග කියයි.
 
සැකකාර පොලිස් පරික්ෂකවරයා හෙට (2) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
 
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සේනවිරත්න, නියෝජ්‍ය පොලිස්පති සුගත් නාගහමුල්ල යන මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර සහ සහකාර පොලිස් අධිකාරි ඩී.එස් තිසේරා මහත්වරුන්ගේ උපදෙස් පරිදි සමුහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක නිශාන්ත  සිල්වා මහතා ඇතුළු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන පවත්වති.



අදහස් (7)

ලසන්තගේ ඝාතනයට ගල්කිස්සේ හිටපු ඕඅයිසී අත්අඩංගුවට

parakkrama Thursday, 01 February 2018 03:39 PM

හ්ම් ..! ඒකත් එහෙමද. එහෙමවත් ගිහින් මොකක් හරි පොටක් පාදා ගන්න පුළුවන් වුනොත් ලොකු දෙයක්.

:       96       82

Prabat Thursday, 01 February 2018 03:50 PM

ඡන්දෙ ළගයිනෙ. ඒකයි.

:       14       270

Sunil Thursday, 01 February 2018 04:06 PM

අඳුරු උමගේ ඈතකින් යාන්තමින් එළියක් පෙනවද එහෙමත් නැතිනම් මිරිගුවක්ද ?? අනේ මන්දා !!!

:       4       35

Hafeel Thursday, 01 February 2018 04:26 PM

තාම පොඩි අයව තමයි පෙන්නන්නේ. මේවට අණ දීපු අය තාම නිදැල්ලේ.

:       210       336

රජින්ද Thursday, 01 February 2018 04:52 PM

මේවා තමයි යහපාලනයේ නියම ස්වරුපය. මොනවටද මිනිස්සුන්ව මේ තරම්ම අන්දවන්න හදන්නේ ඇයි මේ අය හිතන්නේ මේ රටේ මිනිස්සුන්ට තියෙන්නේ රගර් ක්‍රීඩකයාගේ මරණය, ලසන්ත ඝාතනය, හිටපු ජනාධිපතිතුමාගේ ප්‍රජා අයිතිය වගේ ප්‍රශ්න විතරයි කියලද, මොවුන් එහෙම හිතුවා වුනත් ඇත්තටම අද මේ රටේ මිනිස්සු ඉන්නේ ජීවිත්වීම කියන කාරණාව ගැන දැඩි පීඩනයකින්. මිනිස්සු හතර අතේ ණය වෙලා. එහෙම නැති මිනිස්සු බොහොම අමාරුවෙන් ජාමේ බේරාගෙන පවුල නඩත්තු කරන්නේ. ජීවන වියදම දරන්න බැහැ. මේ කිසිම දේකට විසදුමක් නොදෙන පාලකයින් මැරිච්ච මිනිස්සු මළේ කොහොමද හොයනවා. ඒවා ජාතික ප්‍රශ්න කරවනවා. මෙහෙව් රටක අපි ජීවත් වෙන්නේ ඇයි.

:       569       745

RaneFriday, 02 February 2018 01:42 AM

මේ ඔක්කොම එකට යන ඒවා. ඔහොම යං.

:       0       0

Ruwan Friday, 02 February 2018 03:47 AM

අපට තිබෙන්නේ කාලයට ඉඩදී නිවැරදිව පරීක්ෂණ කිරීමට උදවු කිරීම පමණි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31503 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13836 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11065 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 153 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1069 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 299 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site