2019 වසරේදී ජාත්‍යන්තර සිනමා හා රූපවාහිනී සම්මාන උළෙලවලදී විශේෂ සම්මානයට පාත්‍ර වූ මෙරට සිනමාවේදීන් හා රූපවාහීනි නිර්මාණකරුවන් අගැයීමට ලක් කරමින් ඔවුන්ගේ ඉදිරි කලා කටයුතු වෙනුවෙන් මුදල් ප්‍රදානයක් සිදුකිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරිණි.
මෙහිදී ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වූ නීටා ප්‍රනාන්දු, නිල්මිණි සිගේරා, කුමාර කරව්දෙනිය, ශිරාන් රත්නායක, රංග බණ්ඩාරනායක, අතුල පීරිස්, නිශාදි බණ්ඩාරනායක යන සිනමා හා රූපවාහිනී කලාකරුවන් මෙහිදී ජනාධිපතිතුමා අතින් මුදල් ත්‍යාග හිමිකර ගත්හ. මේ ඔවුන් ජනාධිපතිතුමන් සමඟ සමූහ ජායාරූපයට පෙනී සිටි අයුරු.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ලොව ජයගත් කලාකරුවන් ජනපතිගේ ඇගයීමට
jayantha Friday, 05 July 2019 06:19 AM
එතකොට අනෝමා ජනාදරී ලෝකය ජයගත්තේ නැතිද?
Amila Friday, 05 July 2019 06:51 AM
හොඳම විකට නලුවත් එතන...!
Prabha Friday, 05 July 2019 07:51 AM
ඉතුරු මාස 5 ඔන්න ඔය වගේ සිල්ලර වැඩ ටිකක් කරගන්න හෙමිහිට ඇදලා දාන්න
manjula de silva Friday, 05 July 2019 08:57 AM
අමරදේව ශූරීන්ද මේ විදිහට මේ ජනාධිපතිගේ ඇගයීමට ලක්වුණා මියයන්න සති කිහිපයකට කලින්...
Raveendra Friday, 05 July 2019 10:33 AM
ලොව ජයගත් අය සමගින් ගත්තත් ඡායරූප සැම දින ..// එළියට පහලියට යන්නට බැහැ නාසය බුරුල් නිතරම..// හේතුව සොයා බැලුමුත් නැත කිසිවක් පෙනෙන්නට ..// අම්මපා නිදියන්නටද බැහැ යනවා කිවිසුම් නහුතෙට..//
Prabha Friday, 05 July 2019 10:45 AM
ජයන්ත, අනෝමා ජිනාදරී තාම ලෝකය ජයගෙන ඉවර නැහැ.... ජයගනිමින් ඉන්නවා. ඉවරවුණු දවසකට අපේ සිරිසේන මහත්තයා එයා ගැනත් සලකලා බලාවි.