IMG-LOGO

ලෙල්ලොපිටියේ ආයතනයක් වසා 14 ක් නිරෝධායනයට

 

(ලසන්ත නිරෝෂණ පෙරේරා ) 

                                                                                       

රත්නපුර ලෙල්ලොපිටිය  ප්‍රදේශයේ අලෙවි නියොජිත ආයතනයක් වසා දමා එහි සේවය කළ 14 දෙදෙනෙකු සහ ඔවුන්ගේ පවුල් නිවෙස් නිරෝධායනයට ලක් කිරිමට පැල්මඩුල්ල සෞඛ්‍ය බලධාරීන් පියවර ගත්තේය.

පැල්මඩුල්ල සන්නස්ගම කලාපය බාර මහජන සෞඛ්‍ය පරික්ෂක කසුන් බණ්ඩාර මහතා  එම වෙළෙඳ අලෙවි නියෝජිත ආයතනය දින 14 ක කාලයක් වසා දමන ලෙස  අද (14) උපදෙස් දුන්නේය.                                                                   

පැල්මඩුල්ල නාරංගොඩට පැමිණි කන්දකාඩු නිලධාරියාගේ සොහොයුරාගේ පෙම්වතිය මෙම අලෙවි නියෝජිත ආයතනයේ සේවය කර ඇතැයි ද ඇය කන්දකාඩු නිලධාරියාගේ සොහොයුරා හමුවී ඇතැයි ද මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පවසති.                                                 

පැල්මඩුල්ල නාරංගොඩ මෙම  නිලධාරීයාට   ආසාදිත නොවෙන බවට පැල්මඩුල්ල මහජන සෞඛ්‍ය සේවා වෛද්‍ය කාර්යාලයට දැනුම් දි තිබුණත්  අද දැනුම් දී තිබුණේ එම නිලධාරීයාට කොව්ඩ් 19 ආසාදිත බවයි.                                                

ඒ නිසා ඔහුගේ සමිපතමයින්  නිරෝධායනය කිරිම පැල්මඩුල්ල මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් ආරම්භ කර තිබේ. ඒ අනුව රත්නපුර ලෙල්ලොපිටිය ප්‍රදේශයේ වෙළෙද නියෝජිත අලෙවිසැළක් වසා දමා එහි සේවක සේවිකාවන් නිරෝධායනයට යොමු කිරිමට පියවර ගනු ලැබුහ. ඔවුන් සමග 40 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කර තිබේ . 



අදහස් (0)

ලෙල්ලොපිටියේ ආයතනයක් වසා 14 ක් නිරෝධායනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 164 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 479 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 72 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site