
(සිතුම් චතුරංග සහ රොමේෂ් මධුෂංක)
ශිවලෝගනාදන් විද්‍යා පාසල් සිසුවිය අපයෝජනය කොට ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වූ මහලිංගම් ශෂිකුමාර් හෙවත් '' ස්විස් කුමාර්'' නැමැත්තාට පැනයාමට උපකිරීම සම්බන්ධයෙන් චෝදනාවන්ට වරදකරු වූ හිටපු උතුරු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් අනුරුද්ධ ජයසිංහ නැමැත්තාට වසර හතරක බරපතල වැඩසහිත සිරදඬුවම් සහ මුදලින් රුපියල් 50000ක දඩමුදලක් ගෙවන ලෙස වවුනියාව මහාධිකරණ විනිසුරු එම්. එම් මිහාර් මහතා නියම කළේය.
දඩමුදල් නොගෙවන්නේ නම් ඔහුට තවත් මාස හයක ලිහිල් වැඩ සහිත සිරදඬුවම් නියම කරන ලෙසද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.
2015 මැයි 13 වැනිදා යාපනය කයිට්ස් පුංකුඩිතිව් හිදී සිවලෝගනාදන් විද්‍යා දැරිය අපයෝජනයකර ඝාතනය කොට සිටි අතර සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් විසින් සැකසහිත පුද්ගලයකු ලෙස ඝාතනයේ ප්‍රධාන සැකකරු වූ ස්විස් කුමාර් නැමැත්තා අල්ලා පොලිසියට භාරදුන් අවස්ථාවේ එවකට උතුරු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ ලලිත් ජයසිංහ මහතාගේ නියෝග මත පොලිසිය සැකකරු මුදාහැර තිබුණි.
අත්අඩංගුවේ සිටි සැකකරුවකුට පැන යාමට අනුබල දීම සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා 2017 වසරේ ජූලි 15 වැනිදා අත්අඩංගුවට ගෙන කයිට්ස් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීය.
සැකකරුට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර අැති බැවින් සැකකරුට මෙම දඩුවම මහාධිකරණ විනිසුරුවරයා විසින් නියම කළේය.
සිද්ධියට චෝදනා ලැබූ කයිට්ස් පොලිසියේ එවකට හිටපු අපරාධ විමර්ශන අංශයේ උපපොලිස් පරීක්ෂක ශ්‍රී ගජන් නැමැත්තා හට විවෘත වරෙන්තු නිකුත් කරන ලෙසට ද මහාධිකරණ විනිසුරුවරයා නියම කළේය.
පැමිණිල්ල වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් රජයේ අධිනීතිඥ නිසාන් නාගරත්නම් මහතා පෙනී සිටි අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදුකරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 08
1982
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1551
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන