
(සුජිත් හේවාජුලිගේ)
විදුලිය ගාස්තු ලබන වසරේ මුල් මාස හය දක්වා එලෙසම පවත්වාගෙන යෑමට විදුලිබල මණ්ඩලය කළ යෝජනාව සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර ඇත.
තව දෙසතියකින් මහජන අදහස් ලබා ගැනීම අරඹන බව එම කොම්ෂන් සභාවේ සභාපති මහාචාර්ය කේ.පී.එල් චන්ද්‍රලාල් මහතා පැවසීය.
ඒ සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයේ යෝජනාව ගැන මහජන උදයෝගීතා කොමිෂන් සභාව විසින් විශේෂ අධ්‍යයනයක්ද අරඹනු ලැබ ඇත.
මෙම අධ්‍යනයෙන් සහ මහජන අදහස් විමසීමෙන් අනතුරුව විදුලි බිල සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට කොමිසම බලාපොරොත්තු වෙයි.
විදුලිය ගාස්තු ලබන වසරේ මුල් මාස හය දක්වා එලෙසම පවත්වාගෙන යෑමට විදුලි බල මණ්ඩලය ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවට පසුගිය 6 වැනිදා සිකුරාදා නිර්දේශ කළේය.
මේ අතර විදුලිය බිල සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කරන බව රජයේ ප්‍රධානීහු පසුගිය ජනාධිපතිවරණ සහ මහ මැතිවරණ සමයේදී ජනතාවට පොරොන්දු වූහ.
COMMENTS
විකාර වැඩ...!
අනුර සහෝ... දඹුල්ලේ කතාව මතකද?
විකාරද කියන්නේ...? ඇයි ජෙබයියෝ කියනවලු බිල අඩුකරන්න එපා කියලා. ඇති ඒ ජනමතයට හිසනමා බිල අඩුකරන්න.. අම්මපා... ඇත්තමයි කියන්නේ...!
69 ලක්ෂයක මහජන අදහස්වලට ගරු කිරීමක් ලෙස විදුලි බිල අඩු නොකිරීමට තීරණය කරයී. ඒ 69 ලක්ෂය ම තවදුරටත් තණකොළ ම අනුභව කරමින් රජයට සහයෝගය දක්වන බවද පැවසේ.
අදත් රජයේ කාර්යාලයකින් වැඩක් කරගන්න පගාවක් නොදී බැහැ.. රියැදුරු බලපත්රේ වෙනුවට කොළ කැබැල්ලක් සාක්කුවේ දමාගෙන යනවා. අල්ලස්, දූෂණය අඩු වෙලත් නැහැ, විදුලි බිල අඩු වෙලත් නැහැ, පැට්‍රල් නම් ටිකක් විතර අඩුවෙලා... හාල් පොල් සහ අරලිය ඩඩ්ලිගේ නම් වත්කම් වැඩිවෙලා ඇති බව පෙනෙනවා.. මේක තමා මහත්මයෝ මහා පොළවේ යථාර්තය...
එහෙම කියලා ජේ වී පී කාරයන් තෝරාගත්ත සෙට් එකකින් අහවි.... ඔවුන් කියාවි මේ හොඳයි... අඩු කරන්න බැරිනම් මොනවා කරන්නද? අවුරුදු 76ක් හොරකම් කරපුවනේ කියලා... ඊට පසුව ආන්ඩුව කියාවි මහජනතාව විරුද්ධ නෑ.. ඒක නිසා අඩු කරන්නේ නෑ කියලා.. අනුර කුමාර පච කුමාරම තමයි.... තාමත් පච කෙල කෙල ඉන්න තමයි හදන්නේ...
ඔව් එහෙම පොරොන්දු දුන්නේ ඇවිල්ලා වසරක් ඇතුලත කියන කොන්දේසියට යටත්ව, එහෙම නැතිව සතියෙන් එහෙම නොවෙයි. කොහොම වුණත් අපිත් කැමැතියි විදුලි බිල අඩු වෙනවාට...!
එහාට මෙහාට කරකවලා අන්තිමට ජනතාවට සහනයක් නොදෙන්න තමයි ඔට්ටු වෙන්නේ.
මේ ආණ්ඩුව භාර ගත්තේ බංකොලොත් වෙච්චි රටක්, ඒ නිසා ඒ අයට තමන්ට අවශ්‍ය විදිහට වැඩ කරන්න බැහැ. ඡන්දය ගත්තේ වසර පහක කාලයකට නිසා සාධාරණ කාලයක් ලබා දෙන්න ඕනෑ පොරොන්දු ඉටු කරන්න. එහෙම නැතුව කුහකකමට අරක කෙරුවාද මේක කෙරුවාද කියලා අහන එක සුදුසු නැහැ. ජනතාවගෙන් අතිමහත් බහුතරයක් තවම මේ ආණ්ඩුව කෙරෙහි විශ්වාසය තියාගෙන ඉන්නේ. ඒ් විශ්වාසයට එරෙහිව කතා කරන අයට ජනතා ප්‍රසාදය හිමි වෙන්නේ නැහැ.
NPP එක ඡන්දෙට කළින් ලයිට් බිල ගැන දුන්න පොරොන්දුව ඉටුකරයි කියලා අපි හිතනවා. එයාලා කවදාවත් බොරු කියන අය නෙවෙයි.
එහෙන් මෙහෙට මෙහෙන් එහෙට දැන් ජනතාවට එහි වාර්තාව ගැන සොයා බලන්නට කොමිසමක් එය ක්‍රියාත්මක කළ හැකිද බලන්න නැවත උපයෝගී එකට නැවත මන්ඩලයට එතකොට යන වෙලාව ඇවිත්...
අනේ වැඳලා කියන්නම්, අඩුනම් කරන්න එපෝ...!
ඇයි මහ ජනතාව කියනවද ලයිට් බිල අඩු කරන්න එපා කියලා. මහජන උපයෝගිතා කොමිසම කියන්නේ බබාලා සෙට් එකක්. කාලය ගන්නවා උපරිම. තව දෙසතියකින් තමයි මහජන අදහස් විමසීමක් කරන්නේ. ඊට පස්සේ ඒක ගැන අධ්‍යයනය කරයි මාස ගාණක්. විදුලි බල මණ්ඩලේ සෙට් එක අනිත් බබාලා ටික. එයාලාට ගාණක් හදන්න යනවා මාස ගාණක්. එයාලා ගාව රටේ විදුලිය සම්බන්ධව සෑම දත්තයක්ම තියෙන්න ඕනෑ. එහෙම තියෙද්දිත් අඩු කිරීම සම්බන්ධව ගාණක් හදන්න මාස ගණන් කල් ගන්නවා. එහෙම කාලයක් අරගෙනත් වැරැදි ගාණක් හදලා කොමිසමට දෙනවා. ඒකෙ බබාලාත් වැරැදි ගාණක් කියලා ආයෙත් හදන්න කියනවා. මේ කොමිසමයි මණ්ඩලේ හැතිකරෙයි හිතන් ඉන්නවා නම් රටේ ජනතාවත් ඒ වගේම බබ්බු කියලා ඔවුන්ට වැරැදිලා. රටක් දියුණු වෙන්න කාර්යක්ෂම වෙන්න ඕනෑ. කලින් ආණ්ඩු ඔක්කෝටම වැරැදුනේ අකාර්යක්ෂම නිලධාරි හැතිකරේ නිසා. ඔවුන් තමයි පාලකයින්ට උපදෙස් දෙන්නේ. සමහර විට පාලකයින්ට ඔවුන් කියන දේ අහන්න වෙනවා. ඔවුන් සමහර විට පාලකයෝ බය කරලා ඇති. ඔවුන් කියන විදියට කරේ නැත්නම් ආයතන වැටෙයි කියලා. ඉතින් මේ වගේ ආකාර්යක්ෂම නිලධාරි හැතිකරේ එලවන්නේ නැතුව මෙ රටවල් දියුණු කරන්න අමාරුයි. 2/3 නෙමේ 3/3 බලයක් තිබුණත් මගේ මතේ බෑ කියන එක...
මහජනතාවට තියෙන්නේ එකම අදහසයි. ඒ විදුලි බිල අඩුකිරීම පමණයි.