IMG-LOGO

ලයිසියම් ජාත්‍යන්තර පාසල් සමූහයේ පිහිනුම් කී‍්‍රඩාව විෂය දහරාවට එක් වෙයි

පිහිනුම් කී‍්‍රඩාව පාසල් විෂයක් වශයෙන් ලයිසියම් ජාත්‍යන්තර පාසල් සමූහයට එක්වී තිබේ. මෙය ශී‍්‍ර ලංකාවේ පාසල් ක්ෂේත‍්‍රයට පාසල් විෂයක් වශයෙන් කිසියම් කී‍්‍රඩාවක් එක්වූ පළමු අවස්ථාව බවද අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

නිශාන්ත පෙරේරා

"පාසල් විෂය දහරාව අතරට ඇතුළත් සෞඛ්‍ය පාඩමේදී නම් කී‍්‍රඩා පිළිබඳව හැඳින්වීමක් කෙරෙනවා. ඒත් කී‍්‍රඩාව ප‍්‍රායෝගික වශයෙන් විෂය මාලාවට ඇතුළත් වෙලා නෑ” යයි ද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
ලයිසියම් ජාත්‍යන්තර පාසල් සමූහයේදී පිහිනුම් ක‍්‍රීඩාව ක‍්‍රමානුකූලව, පියවර හතරක් යටතේ, පළමු ශ්‍රේණියේ සිට විෂයක් ලෙස ක‍්‍රියාත්මක කරන බවත් එහිදී නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල සුවිශේෂී ක‍්‍රමවේදයන් අනුගමනය කරන බවත් ලයිසියම් ජාත්‍යන්තර පාසල් සමූහයේ පිහිනුම් උපදේශක මෙන්ම නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ පිහිනුම් උපදේශක නිශාන්ත පෙරේරා මහතා පවසයි. නිශාන්ත පෙරේරා මහතා ඇමෙරිකාවේ ෂෂෂ වැනි ශ්‍රේණියේ පිහිනුම් උපදේශක සහතික ලත් පුහුණුකරුවෙකි.
"අපේ ක‍්‍රමවත් සැලැස්මක් තිබෙනවා. ලයිසියම් ජාත්‍යන්තර පාසලේ පළමු වසරේ සිට 5 වැනි වසර දක්වා පිහිනුම් කියන්නේ පාසල් විෂයක්. එහිදී ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දස්කම් සඳහා ඔවුන්ගේ ප‍්‍රගති වාර්තාවට ලකුණු එකතු වෙනවා” යයිද නිශාන්ත පෙරේරා මහතා පවසයි.
නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල වසර කීපයක්ම ජාත්‍යන්තර පාසල් පිහිනුම් තරගාවලියේ ශූරතාව දිනාගත් අතර පසුගිය වසරේ අනු ශූරතාව හිමිකර ගත්තේය.
ශ්‍රී ලංකා ජාතික පිහිනුම් කණ්ඩායමේද සහාය පුහුණුකරුවකු ලෙස කටයුතු කළ නිශාන්ත මහතා පැවසුවේ පසුගිය වසරේ ජාත්‍යන්තර පාසල් පිහිනුම් තරගාවලියට සහභාගි වීමට නියමිතව සිටි තම පාසලේ දක්‍ෂ ක‍්‍රීඩකයන් පස් දෙනකු තරගාවලියට සහභාගි නොවීමෙන් තම පාසලට ලකුණු 30 ක් පමණ අහිමිවූ බවයි.

ලයිසියම් පිහිනුම් කණ්ඩායමේ ප‍්‍රබල සාමාජිකයන් වන සහේන්, ෂෙනාල් සේනානායක සහ අමායා සිල්වා


"අපි මෙවරත් ශූරතාව දිනාගැනීමේ බලාපොරොත්තුවෙන් සිටියා, නමුත් අපිට ඒ සඳහා ලකුණු 48 ක් පමණ අඩු වුණා. අපේ ක‍්‍රීඩකයන් පස් දෙනෙක් විවිධ හේතු නිසා තරගාවලියට සහභාගි වුණේ නෑ. එම ක‍්‍රීඩකයන් ඉසව් හතකට පමණ සහභාගි වෙනවා.
එහිදී අපිට ලකුණු 30 ක් අහිමිවුණා” යයිද පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය.
ජාතික තළයට දක්‍ෂ පිහිනුම් ක‍්‍රීඩකයන් රැසක් දායාද කිරිමේ බලාපොරොත්තුවෙන් සිටින ලයිසියම් ජාත්‍යන්තර පාසල වෙනුවෙන් ඉහළම දස්කම් පෙන්වීමට සෙනාල් සේනානායක, බිනුප නානායක්කාර, ලසත් ගමගේ, දෂාන්, දමිදු කොස්තා වැනි කී‍්‍රඩකයන් සමත් වී තිබේ. මෙම කී‍්‍රඩකයන් ජාතික තරගාවලියේදී ජයග‍්‍රහණ ලබන දිනය වැඩි ඈතක නොවන බවද හෙතෙම පවසයි.
කෙසේ වෙතත් දරු දැරියන් ඉහළ ශ්‍රේණිවලට යාමේදී අධ්‍යාපනය කෙරේ වැඩි අවධානයක් යොමු කරන හෙයින් ඇතැම් දරු දැරියන් ක‍්‍රීඩාව අතහරින ප‍්‍රවණතාවක් ඇති බවත් මේ වසරේදී තම කණ්ඩායමේ දස්කම් පහළ බැසීමට එයත් හේතුවක් වූ බවත් නිශාන්ත පෙරේරා මහතා පවසයි.
නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ පිහිනුම් කී‍්‍රඩාව වඩාත් ඉදිරියට ගෙන යාමට එහි අධ්‍යක්‍ෂිකා කුමාරි ගේ‍්‍රරු, විදුහල්පතිනී වෙනුරි හෙට්ටිආරච්චි, ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ සෑම් චන්ද්‍රසේන, නියෝජ්‍ය විදුහල්ති නිකිත ගේ‍්‍රරු සහ පුහුනුම් ක‍්‍රීඩා භාර ආචාර්ය ජේ. ඒ. සෝමචන්ද්‍ර යන මහත්ම මහත්මීන්ගෙන් ලැබෙන සහයෝගය විශේෂයෙන් අගය කරන බවද නිශාන්ත පෙරේරා මහතා පැවසීය.

 

ලයිසියම් විදුහලේ පිහිනුම් සංචිතය



අදහස් (0)

ලයිසියම් ජාත්‍යන්තර පාසල් සමූහයේ පිහිනුම් කී‍්‍රඩාව විෂය දහරාවට එක් වෙයි

අචිනි Monday, 07 January 2013 03:25 PM

ශරීර සෞඛ්‍යට ඉතා වැදගත් පිහිනීම (දී)

:       0       0

සමන් Monday, 07 January 2013 12:55 PM

ලංකාවේ අනෙකුත් පාසල් වලත් ප්‍රචලිත කරන්න ඕන වැඩක් මේ (දී)

:       0       0

තිස්ස Monday, 07 January 2013 10:41 PM

පාසල් අධ්‍යාපනයට ඇතුලත් කල යුතුම දෙයක් (දී)

:       0       0

නිත්‍යා Monday, 07 January 2013 01:38 PM

මේ දරුවන්ට ජය වේවා (ස)

:       0       0

ලාල් Monday, 07 January 2013 05:52 PM

ඉතා හොද වැඩක් (දී)

:       0       0

හේමන්ත Monday, 07 January 2013 10:46 AM

ඇත්තන්ට රස ඇති - නැත්තන්ට දුක ඇති... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 221 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 557 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site