
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මීළඟ පාර්ලිමේන්තු සතිය අගෝස්තු 19 සිට 22 දක්වා පැවැත්වේ.
අගෝස්තු දෙවැනි සතියට අදාල පාර්ලිමේන්තු කටයුතු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂාණි රෝහණදීර මහත්මිය පැවසුවාය.
පාර්ලිමේන්තුව රැස්වන මෙම සෑම දිනකම පෙ.ව 9.30 - පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.
මේ අනුව 2025 අගෝස්තු 19 අඟහරුවාදා පෙ. ව 11.30 සිට ප.ව 5.00 දක්වා සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පනත් කෙටුම්පත (දෙවැනි වර කියවීම), රාජ්‍ය ණය කළමනාකරණ පනත යටතේ අංක 2443/14 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝග සහ විදේශ විනිමය පනත යටතේ අංක 2441/14 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති නියමයක් විවාදයට ගැනීමට නියමිතය.
ඉන්පසු ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව තිබේ.
2025 අගෝස්තු 20 බදාදා පෙ. ව 11.30 සිට ප.ව 5.00 දක්වා සමෘද්ධි (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම), රබර් පාලන (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම), ජාතික රාජ්‍ය සභාවේ ක්‍රීඩා පනත යටතේ අංක 2437/24 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝග සහ අධිකරණ සංවිධාන පනත යටතේ අංක 2440/27 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝග විවාදයට ගැනීමට මෙහිදී තීරණය වී ඇත.
අනතුරුව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ දී අසනු ලබන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර තිබේ.
2025 අගෝස්තු 21 බ්‍රහස්පතින්දා පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා රේගු ආඥාපනත යටතේ අංක 2434/02 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති යෝජනා සම්මතය, නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ අංක 2434/04 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති නියමය, මුදල් පනත යටතේ අංක 2434/05 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝගය සහ ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනත යටතේ අංක 2430/13 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝග අනුමත කිරීමට නියමිතව තිබේ.
ඉන්පසු ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා රජය විසින් ගෙනෙනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව ඇත.
2025 අගෝස්තු 22 සිකුරාදා පෙ.ව 11.30 සිට ප.ව 5.30 දක්වා විපක්ෂ විසින් ගෙනෙනු ලබන යෝජනාවකට අනුව සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමටත් එකඟත්වය පළ වී තිබේ. 2025 ජූලි 24 දින පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී විපක්ෂය විසින් කරනු ලැබූ ඉල්ලීමකට අනුව මෙම කල් තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 04
744
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලබන පාර්ලිමේන්තු සතියේ වැඩ වෙන්නේ මෙහෙමයි