ඉතා අඩු ගාස්තූ යටතේ යුරෝපයේ ගූවන් ගමන්වල යෙදෙන අයර්ලන්තයට අයත් රයන් ඵයාර් ගූවන් සමාගම තම ගුවන් යානාවල ගමන් ගන්නා මගින්ට අඩු ගාස්තූවක් ගෙවා හිටගෙන යෑම සදහා යානයේ පසුපස ස්ථානයක් වෙන් කිරිමට අදහස් කරයි. ස්ටර්ලින් පවුමකට (රුපියල් 200කට පමණ) හිටගෙන යෑමට හැකිවන බව සමාගමේ බලධරයෝ කියති. ගුවන් යානා අනතුරකදි ආසන පටියක් පැලද සිටීමෙන් ජිවීතයක් බේරාගත් පුද්ගලයකු ගැන වර්ථා නොවන බවද යානයක් ගොඩබැස්සිමේදි හා ගුවන්ගත කිරිමේදි ආසන පටියක යමි අවශ්‍යතාවයක් ඇතිවුවද තම ගුවන් යානා තුල හිටගෙන යන මගින්ට ඵ් සදහා අල්ලා ගැනීමට ඇන්දක් සකසන බව ද එම සමාගම කියයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ලාබෙට දැන් හිටගෙන උඩින් යන්න පුළුවන්
සමන් Monday, 12 November 2012 04:06 PM
බලාගෙන යද්දි හිටගෙන යන එකත් සැපයි (ස)
නාරද Monday, 12 November 2012 04:07 PM
ෆුට් බෝර්ඩ් එකෙත් ගෙනියවී පස්සේ (ස)
තිස්ස Tuesday, 13 November 2012 06:02 PM
ඒ රටේ හිටගෙන යන බවලත් උදවියට කරදර නැතුව ඇති මගෙ හිතේ. (නි)
ඉන්දික Monday, 12 November 2012 04:08 PM
නියමයි. මේ ක්‍රමය අපේ රටේ බස් වලට හදුන්වලා දුන්නේ 1950දී විතර. (නි)
ශිරෝමි Friday, 16 November 2012 02:39 AM
චාමි, ඔයාට මේක වැදගත් වේවි. http://www.oanda.com/lang/sv/currency/converter/ (නි)
ජනිත් Tuesday, 13 November 2012 03:47 AM
ටිකට් කඩන්න ගන්නේ අපේ කොන්දොස්තර මල්ලිලාද? (නි)
පිටිගල මිලානෝ Tuesday, 13 November 2012 06:27 PM
ගුවන්යානාවල කාන්තාවන්ට සහ පිරිමින්ට වෙනත් ස්ථාන සාදන්න වෙයි..!(නු)
ලලිත් Monday, 12 November 2012 05:01 PM
ගැටකපන්නොත් යයිද දන්නෙ නැහැ නේද? ලාබෙට ගිහිං පොකට් එකටත් තට්ටු වෙයිද දන්නෙ නැහැ..!(නු)
චාමර Tuesday, 13 November 2012 05:26 AM
මේකනම් විශ්වාස කරන්න බෑරි දෙයක්. (නි)
දමිත් Tuesday, 13 November 2012 05:58 AM
අඩු වියදමින් ගුවන් ගමන් යන්න මට පුළුවංද මගේ බිරිද ඔඩොක්කුවෙ තියාගෙන යන්න..?(නු)
දුමී Saturday, 17 November 2012 05:26 PM
අපේ පුද්ගලික බස් වල හිටගෙන යන කට්ටියට ගාස්තුවෙන් භාගයක් ගන්න ක්‍රමයක් හදුන්වලා දෙන්න ඕනෑ. (නි)
හිමාල් Monday, 12 November 2012 05:37 PM
අපේ ගැමුණු මහත්තයා එහෙම රයන් එයා එකේ කොටස් ගත්තාද?(නු)
සුමින්ද Monday, 12 November 2012 05:22 PM
දැං රයන් එයාර් ලංකාව අනුගමනය කරනවා වගේ..!(නු)
ලලිත් කටාර් Monday, 12 November 2012 05:59 PM
ගැහැණු උදවියටයි පිරිමි උදවියටයි මුල ඉදලම වෙන වෙන්ව හිටගෙන යන්න සලස්වන්න ඕන.. නැත්නම් හේත්තුඋනා කියලා මගදි පොලිසිගානෙ රස්තියාදු වෙන්න වෙයි..!(නු)
රජිත් Monday, 12 November 2012 06:28 PM
ලංකාවෙ නම් තවම තියෙන්නේ ගල් යුගයනේ. (නි)
චෑම්ප් Monday, 12 November 2012 06:55 PM
මේකෙ ඉදගෙන යන්නත් ගන්නේ යූරෝ පහක් දහයක් අතර එච්චර ලාබයි.. සේවාවන් හොද නැති උනාට.. මෙහෙම ලාබෙයට උඩින් යන්න බැහැනෙ.. හොද වැඩක්..!(නු)
මුතුකුඩ Monday, 12 November 2012 07:24 PM
කාන්තා පක්ෂය සහ පුරුෂ පක්ෂය එක පොදියට හිටගෙන යෑමෙන් ඇතුළු වීමේදී හා පිටවීමේදී සෑහෙන ප්‍රශ්න වලට මුහුණ දෙන්න පුලුවන්. (නි)
ජයදේව Saturday, 17 November 2012 08:34 AM
හේත්තුව දාන අයට පොඩි අවස්ථාවක් තියෙනවා (ස)
රාළහාමී Tuesday, 13 November 2012 09:30 AM
හේත්තුවක් දාන් සැපට යන්න පුළුවන් (ස)
නාරද Monday, 12 November 2012 07:47 PM
බැරිද ජම්පින් සීට් දාන්න? (නි)
චන්ද්‍රපාල Monday, 19 November 2012 12:23 PM
තව ටික දවසක් යනකොට තටු දෙකේ එල්ලිලා යන්න පුළුවන් වේවි (ස)
ප්‍රසාද් Monday, 12 November 2012 08:09 PM
එයාලා අපිව අනුගමනය කරලා..!(නු)
ෆෙරෝස් Monday, 12 November 2012 08:21 PM
මටත් යන්න ආසයි. තව ටික දවසකින් ලංකාවටත් යන්න පුලුවන් වෙයි. (නි)
දයාවංශ Thursday, 15 November 2012 07:11 PM
ලංකාවට මේ ක්‍රමය මුලින්ම දෑම්මා නම් ගොඩබස්සන්න ඉස්සෙල්ලා බහින හෑටිත්, නග්ගනකොට දුවලා නගින හැටිත් බලාගන්න තිබුණා. (නි)
එම්.ආර්.රාජා Tuesday, 13 November 2012 10:35 AM
පවුම් එකට නම් යන්න බැහැ.. එහෙම කිව්වත් ස්ථාවර බදු ගාස්තු තියෙනවා.. අන්තිමට ටිකට් එකත් පවුම් පහක් දහයක් විතර වෙනවා. අනික ආසන වෙන්කිරීම් මාස ගානකට පෙර කළ යුතුයි.. ඒත් තාම්ත් රයන් එයා හරි ලාබයි.. ඒත් රයන් එයා එයාර්පෝට් තියෙන්නේ ප්‍රධාන නගරයෙන් තරමක් ඈතින්.. ඉතිං ගොඩබිම ගාස්තු සාමාන්‍යෙය්න ගුවන් ගාස්තුවලට වඩා වැඩියි.. මේවා තමයි නොකියන පැති.. ඒත් තාම ලාබයි..!(නු)
සංජේ Monday, 19 November 2012 01:20 PM
මිහින් ලංකා එකෙත් මේ වැඩේ පටන් ගනීවිද? (නි)
අජිත් Tuesday, 13 November 2012 11:02 AM
අපේ රටේ ප්‍රයිවට් බස්වල හිටගෙන යන මිනිස්සු කොහොමත් යන්නේ උඩින්නේ...ඉතින් ඕවා මොකටද ? (ස)
ෂෙරීෆ් Monday, 12 November 2012 08:56 PM
අදහස නම් හොදයි. ඒත් ඉතිං අපේ කට්ටිය ගුවනේදිත් ගැහැණු පාර්ශවයට කරදර කරයිද දන්නෙ නැහැ. (නි)
ශිරෝමි Tuesday, 13 November 2012 11:09 AM
ස්ටාලින් පවුම් එකක් කියන්නේ රු.200 ක් (ස)
අසීම් Monday, 12 November 2012 09:22 PM
මේවට කැමති අයත් ඉදිවි..!(නු)
තරු Tuesday, 13 November 2012 11:39 AM
හා හා හා! අපේ බස් සේවය කොපි කරලා නේද? (නි)
නසාර් Monday, 12 November 2012 02:13 PM
රුපියල් 200/= ද 2000/= ක්ද ?? (ස)
ශලනි Thursday, 15 November 2012 09:26 AM
සුද්දන්ට එන්න කියමු, අපේ රට බලන්න කියමු,බලාලා ඉගෙන ගන්න කියමු අපි, සුද්දන්ට ටියුෂන් දෙමුකො අපී (ස)
රත්න Monday, 12 November 2012 02:16 PM
මේ ක්‍රමය ලංකාවේ "පුද්ගලික බස් සේවාව" 1978 දී හඳුන්වලා දුන්නේ.හැබැයි ලාබෙ ලබන්නේ නම් මඟියා නෙමේ. "පේටන්ට්" නොකරපු එකේ වැරැද්ද. (ස)
ජයන්ත Monday, 12 November 2012 10:00 PM
ඉතාලි වලට හිටගෙන එනවද? ඉදගෙන එනවද? හිතාගන්නවත් බැහැ. (නි)
පිටිගල Monday, 12 November 2012 02:19 PM
මෙම ගුවන් සේවයේ සේවාව අන්තිමයි...(ස)
දීපාක් කරුනාරත්න Monday, 12 November 2012 02:19 PM
ඔන්න ගුවන් යනා වල හිටගෙන යන එක විතරයි අඩුවකට තිබුනේ. ඒකත් හරි ගියා එහෙමනම්. (ස)
උපාලි Monday, 12 November 2012 10:25 PM
දැනුත් ලංකාවේ පුද්ගලික බස් රියදුරන් ඒවා එළවන්නේ ගුවන් යානා වගේ තමයි. (නි)
චන්ද්‍රසිරි Monday, 12 November 2012 02:35 PM
මටක් ඔකේ කවදා හරි යන්න හිතෙනවා (ස)
කුමාර Monday, 12 November 2012 02:46 PM
කොහොම හරි යන්න ඕනි (ස)
රූපසිංහ Monday, 12 November 2012 11:25 PM
බස් වල වගේ පොල්ල අල්ලගෙන ඉස්සරහට යන්නත් කියාවිද දන්නේ නැහැ නේද? (නි)
චාමි Monday, 12 November 2012 02:48 PM
ස්ටර්ලින් පවුම් එකක් කියන්නේ කීයක්ද? (නි)
පෙරේරා Thursday, 15 November 2012 10:19 AM
පයිලට් අතර මගදි දුම්වැටි පානය කරාවිද ??(ස)
වසන්ත Monday, 12 November 2012 02:41 PM
ස්ටර්ලින් පවුමකට (රුපියල් 2000කට පමණ) ???? (ස)
ජගත් Tuesday, 13 November 2012 12:25 AM
මෙය සාර්ථක ක්‍රමයක් නොවේ. (නි)
සරත් Monday, 12 November 2012 02:50 PM
ඉස්සර වාඩි වෙලා...දැන් හිටගෙන..අනාගතේදී පාපුවරුවේ වගෙත් බැරිවෙන එකක් නෑ (ස)
වරුණ Monday, 12 November 2012 03:12 PM
ලංකාවේ පෞද්ගලික බස් ආදර්ශයට අරගෙනද කොහෙද ? (ස)
මාරසිංහ Monday, 12 November 2012 03:12 PM
ලංකාවේ බස් වලින්ද දෙයියනේ මේක ඉගෙන ගත්තේ (ස)
ශ්‍රියා Monday, 12 November 2012 03:14 PM
සුද්දෝ අපෙන් ඉගෙනගෙන නේද මේ (ස)
චන්ද්‍රසිරි Tuesday, 13 November 2012 01:23 AM
මගදී තේ බොන්න නවත්වයිද දන්නෙ නැහැ. (නි)