IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


ලිප්ටන් වටරවුමේ සරසවි සිසු අට්ටාලයට පොලිස් ප්‍රහාරයක්

සයිටම් විරෝධී විශ්ව විද්‍යාල සිසුන් කොළඹ ලිප්ටන් වටරවුමේ ඉදිකර තිබූ අට්ටාලයට මීට සුළු මොහොතකට පෙර පොලිසිය ජල ප්‍රහාර එල්ල කළේය.

එහි සිටි සිසුන් හා පොලිසිය අතර බහින්බස් වීමක් සිදුවූ අතර පසුව පොලිසිය ජල බවුසර් මගින් දිගින් දිගටම ප්‍රහාර එල්ල කරමින් සිසුන් පළවා හැරීය. එහි සිටි සිසුන් කිහිප දෙනෙක් පොලිස් අත්අඩංගුවට ද පත්විය.

සිසුන් විසින් ඉදිකර තිබූ අට්ටාලයද පොලිසිය කඩා දැමූ අතර මේ හේතුවෙන් 120 හා 138 බස් මාර්ග ද සම්පූර්ණයෙන්ම අවහිර වී ඇත.



අදහස් (14)

ලිප්ටන් වටරවුමේ සරසවි සිසු අට්ටාලයට පොලිස් ප්‍රහාරයක්

somasiri Sunday, 23 July 2017 11:46 AM

මේ සිසුන්ට තිබෙන්නේ පුදුම මානසික රෝගී තත්වයක්. තමන්ගේ රටේම තවත් දරුවන් පිරිසක් ඉගනගන්නවට තිබෙන්නේ පුදුම ඉරිසියාවක්. මොවුන්ට විශේෂ මානසික රෝගී ප්‍රතිකාර දීම අවශ්‍යයි. නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය කියන පුහු සටන් පාඨ ඉස්සහරට දා ගෙන මොවුන් මුළු රටම විනාශ මුඛයට ඇදගන යනවා. හෙට ඉඳන් රජයේ විශ්ව විද්‍යාල වල මුදල් අයකර උගන්වන්න යනවා වගෙයි මේ අය උද්ගෝෂණය කරන්නේ. තේ කෝප්පේ කිඹුලන් දකිනා මේ අය මුළු රටම නොමග යවනවා. අනික මේ රටේ කොයින්ද හැබෑ නිදහස් සෞඛ්‍ය සේවයක් පවතින්නේ? ඉහල යන චැනලින්ග් ගාස්තු පුද්ගලික රෝහල් ගාස්තු ඖෂධ ගාස්තු ගැන මේ අය එක වචනයක්වත් කතා කරන්නේ නැහැ. ඒවා ගැන කතා කරොත් වෛද්‍ය සංගමයට අවාසි නිසා වෙන්න ඇති.

:       66       40

buddika Sunday, 23 July 2017 12:03 PM

වෛද්‍ය සංගමයට හොඳ තුරුම්පුවක් වර්ජනයකට යන්න. අඩන්න ඉන්න මිනිහගේ ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා වගේ.

:       18       31

SIVA Sunday, 23 July 2017 12:14 PM

ගොඩක් හොදයි. මේ අයට මේ විදියට ජාල ප්‍රහාර දීම වඩාත් සුදුසුයි.

:       26       28

බද්රානි Sunday, 23 July 2017 12:47 PM

අපේ රටේ අධ්‍යාපනය තුල විශාල හිඩැසක් ඇති බව මට හැඟෙනවා. බුරුවන් වෙනුවට, දරුවන් බිහිකරන අධ්‍යාපන ක්‍රමවේදයකට අප යා යුතුයි. නොමේරු තරුණ ළදරු මොළ අනිසි ලෙස පාවිච්චි කරමින් කරන තක්කඩි දේශපාලනය හෙලා දැකිය යුතුයි. උන්මන්තක සිසුන්ගේ ශිෂ්‍ය භාවය අහෝසි කොට ඉගෙන ගන්නා සිසුන්ට පමණක් නොමිලේ උසස් අධ්‍යාපනය ලබා දීමට රජය කටයුතු කල යුතු බවට මම යෝජනා කරමි.

:       2       6

Ivan uk Sunday, 23 July 2017 01:29 PM

ලංකාවේ සරසවි සිසුන්ට තියෙන්නේ කෙදිනක හෝ සුව නොවන උණකි. අපේ අධ්‍යාපන ක්‍රමයේ විශාල වෙනසක් විය යුතුයි. නිදහස් අධ්‍යාපනයේ වටිනාකම මේ අය නොදන්නවද නැතිනම් අනුන්ගේ සීනි කිරනවද?

:       1       0

de silva Sunday, 23 July 2017 01:32 PM

ප්‍රසිද්ධ ස්ථාන වල ඔය එක එක අට්ටාල අටවාගෙන ජනතාවගේ ගමන ගමන් වලට බාධා කරමින් කාලය කන අයව එලවල දමල ඔය අට්ටාල ගැලව දැමිය යුතුය

:       1       0

maal Sunday, 23 July 2017 04:35 PM

මේක දැන් තනිකරම දේශපාලන මගොඩියක් වෙලා. මමත් විශ්ව විද්‍යාලයට ගිය කෙනෙක්. නමුත් දැන් මේ යන විධියට සරසවි ශිෂ්‍ය පෙළ පාලි තහනම් කල යුතුයි. වෛද්‍ය ශිෂ්‍යයෝ මෝඩ කමට GMOA පදයට නටල තමුන්ගේ ඉදිරි අධ්‍යාපනය වසරකින් දික්කරගන්න එක විතරයි වෙන්නේ. ලොව අනිත් රටවල වගේ තව තව පුද්ගලික විශ්ව විද්‍යාල බිහිවේවා.

:       127       193

Amal Sunday, 23 July 2017 08:28 PM

අනුන්ට ඉගෙන ගන්න දෙන්නෙත් නැහැ. තමන් කලට වෙලාවට පාඨමාලා අවසන් කරන්නෙත් නැහැ . මහජන බදු මුදල් අපතේ මදිවාට මහජන දේපලත් නාස්ති කරනවා. ඊළඟට උදේ සවස දරු පවුල් වලට කන්න දෙන්න රස්සාවට යන්න බැහැ පාර අවහිර කරලා. මේකද ලංකාවේ උසස් අධ්‍යාපනය ?

:       165       199

mahasenavi Sunday, 23 July 2017 09:08 PM

මේවා පොදුජනතාව භාවිතා කරන ස්ථාන.

:       1       1

Naradha Monday, 24 July 2017 12:35 AM

අට්ටාල උඩ නැගීම, සත්‍යග්‍රහ කිරීම හෝ පෙළපාලි යාම, පවතින රජය විසින් යම් කරුණක් සඳහා විරෝධය පෑමට ගතහැකි වලංගු ක්‍රියාවක් සේ සලකනවානම්, සාමාන්‍ය ජන ජීවිතයට අපහසුතාවක් නොවන ලෙස ඒ ක්‍රියාවන් සඳහා යම් ස්ථානයක් නිර්දේශ කිරීම රජයේ යුතුකමයි. එසේ නොකොට, නොයෙකුත් ස්ථාන වල ඇති වෙන විරෝදතා විසිරුවා හැරීමට තැත් කිරීමෙන් සිදුවන්නේ පොලිසියේ සහ අදිකරණයේ කාලය සහ ශ්‍රමය නිකරුනේ නාස්ති වීමක් පමණි. මේ සම්බන්ධයෙන් මේ රජයට තීන්දු තීරණ ගැනීමේ හැකියාව ඉතා දුර්වල බවක් පෙනේ .

:       1       3

gunda Monday, 24 July 2017 12:41 AM

නාගෙන යන්න වෙන බව අපි කිව්වා.

:       51       72

Lakmini Monday, 24 July 2017 03:05 AM

අරගොල්ලෝ ස්ට්‍රයික් කරයිද දන්නේ නැහැ?

:       17       1

piyek Monday, 24 July 2017 04:46 AM

ප්‍රහාරය පමණක් මදි. ශිෂ්‍යභාවය තහනම් කොට හිරේ දැමිය යුතුයි. මේ රටට විනයගරුක පුද්ගලයින් හදමු.

:       1       0

කස්සා Monday, 24 July 2017 02:24 PM

බද්රානි ඔබේ අදහස් දැක්කාම හිතෙනවා ඔබ යෝජනා කල දේ ඔබ ඉගෙනගත් කාලේ සිටම වෙලා තිබුන නම් කොච්චර හොදද කියලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31382 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13625 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11020 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 132 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1036 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site